Top News

ශ්‍රී ලංකා මහ බැංකුව ජාත්‍යන්තර ගනුදෙනු වාර්තාකරණ පද්ධතිය හඳුන්වා දෙයි

බැංකු පද්ධතිය හරහා සිදුවන ජාත්‍යන්තර ගනුදෙනු සහ දේශීය විදේශ මුදල් ගනුදෙනු අධීක්ෂණ පද්ධතියක් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාවය හඳුනා ගනිමින්, බලපත්‍රලාභී වාණිජ බැංකු සහ බලපත්‍රලාභී විශේෂිත බැංකුවල සහභාගීත්වය සහිතව ශ්‍රී ලංකා මහ බැංකුව ජාත්‍යන්තර ගනුදෙනු වාර්තාකරණ පද්ධතිය නමින් නව දත්ත රැස් කිරීමේ පද්ධතියක් ක්‍රියාත්මක කර ඇත. ජාත්‍යන්තර ගනුදෙනු වාර්තාකරණ පද්ධතිය යනු දේශසීමාවන් අතර සිදුවන ගනුදෙනු සහ දේශීය…

(0)Comments | June 23, 2022 9:36 am

ජාත්‍යන්තර බැඳුම්කර හිමියෙක් ශ්‍රී ලංකාවට එරෙහිව නඩු මගට බසී

ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර හිමියෙකු විසින් ශ්‍රී ලංකාවට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට පියවර ගෙන ඇත. ශ්‍රී ලංකාව විසින් නිකුත් කර ඇති ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කරවලින් ඩොලර් මිලියන 250කට වඩා වැඩි ප්‍රමාණයකට හිමිකම් කියනු ලබන එක්සත් ජනපදයේ Hamilton Reserve Bank Ltd විසින් මෙලෙස අධිකරණමය ක්‍රියාමාර්ගයට පිවිස ඇත්තේ අදාළ බැඳුම්කර සඳහා අදාළ කල්පිරීමේ මූලික හා පොලී මුදල් සම්පූර්ණයෙන් ගෙවන…

(0)Comments | June 22, 2022 4:18 pm

මත්පැන් ඉල්ලුම 30% කින් පහළට

රට තුළ මෑත කාලීනව මත්පැන් මිල වැඩිවීම සහ රටේ ජනතාවගේ ආදායම් අඩු වීම හේතුවෙන් මත්පැන් ඉල්ලුම 30% කින් පමණ අඩු වී ඇති බව රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී අනාවරණය විය. මේ පිළිබඳ අනාවරණය වූයේ රජයේ මුදල් පිළිබඳ කාරක සභාව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා මහතාගේ සභාපතිත්වයෙන් පසුගියදා (20) පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදීය. විශේෂයෙන්ම…

(0)Comments | June 22, 2022 3:30 pm

බාල්දු වූ රුපියල වෙනුවට නව මුදල් ඒකකයක්?

ශ්‍රී ලංකාව තුළ XOR  නීත්‍යානුකූල මූල්‍ය ඒකකයක් ලෙස සම්මත කරන ලෙස SORA  ප්‍රජාව ශ්‍රී ලාංකිකයින් වෙත විවෘත ලිපියකින් ආරාධනා කර සිටී. පසුගිය සතිඅන්තයේ දී මෙරට ප්‍රධාන පෙළේ පුවත්පත් කිහිපයකම සම්පූර්ණ පිටුවක් ආවරණය වන ලෙස දැන්වීම් පළ කරමින් මෙම ආරාධනය කිරීමට SORA ප්‍රජාව කටයුතු කර තිබෙනු දැකගත හැකිය. මෙහිදී ඔවුන් පවසන්නේ XOR නීත්‍යානුකූල මුදල් ඒකකයක් ලෙස පිළිගැනීමත්…

(0)Comments | June 22, 2022 2:19 pm

මම එන්නේ ඩොලර් හදන්න. සම්පූර්ණ සැලසුම සති දෙකක් ඇතුළත – ධම්මික

ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා අද (22) පෙරවරුවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දෙනු ලැබීය. ඉන් අනතුරුව ඔහු පාර්ලිමේන්තුවෙන් පිටව යන අවස්ථාවේ දී මාධ්‍යවේදීන් වෙත අදහස් දක්වමින් පැවසුවේ තමන් දන්නේ ණය ගන්නවාට වඩා ඩොලර් සෑදීමට බවත්, තමන්ගේ පූර්ණ සැලසුම සති දෙකක් ඇතුළත ප්‍රකාශයට පත්කරනු ලබන බවත්ය. තවද පාර්ලිමේන්තු මන්ත්‍රීධූරයේ දිවුරුම් දීමට පෙර සිය වත්කම් බැරකම් ප්‍රකාශ සහ…

(0)Comments | June 22, 2022 12:54 pm

ජාතික උද්ධමනය 45% ඉක්මවයි

ජාතික පාරිභෝගික මිල දර්ශකයෙහි (2013 = 100) වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2022 අප්‍රේල් මාසයේ පැවති සියයට 33.8% සිට මැයි මාසයේ දී සියයට 45.3% ක් දක්වා ඉහළ ගොස් තිබේ. ජන හා සංඛ්‍යාෙල්ඛන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද නවතම වාර්තාවෙහි මේ බව සඳහන් වේ. මෙහිදී වාර්ෂික ආහාර උද්ධමනය 58% ක් ලෙසත් ආහාර නොවන…

(0)Comments | June 21, 2022 3:31 pm

මෙගාවොට් 300ක LNG විදුලිබලාගාරයක්

මුතුරාජවෙල පිහිටි අක්කර 10ක ඉඩම් කොටසක් ලංකා විදුලිබල මණ්ඩලය වෙත පවරා දීම. මුතුරාජවෙල පිහිටි යුගදනවි බලාගාරයට යාබද අක්කර 10ක ඉඩම් කොටසක් මෙගාවොට් 300ක LNG විදුලිබලාගාරයක් ඉදි කිරීම සඳහා ලංකා විදුලිබල මණ්ඩලය වෙත ලබා දීම පිණිස ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාවේ අධ්‍යක්ෂ මණ්ඩලය විසින් අනුමැතිය ලබා දී ඇති අතර එකී ඉඩම් කොටස මිල දී ගැනීම…

(0)Comments | June 21, 2022 12:59 pm

ජාත්‍යන්තර වෙළෙඳ කටයුතු පහසු කිරීමට “ජාතික තනි කවුළුව” ක්‍රියාවට නැංවීමට පියවර

ලෝක වෙළෙඳ සංවිධානයේ වෙළෙඳ කටයුතු පහසු කිරීමේ ගිවිසුම 2017 පෙබරවාරි මාසයේ සිට ක්‍රියාත්මක වන අතර ශ්‍රී ලංකාව ද එකී ගිවිසුමේ පාර්ශ්වකරුවකු වේ. එකී ගිවිසුමට අනුකූලව දේශසීමාවන් හරහා රටවල් අතර සිදු කරන වෙළෙඳ කටයුතුවලදී (ආනයන, අපනයන හා ප්‍රතිනැව්ගත කිරීම්) සහභාගිත්ව වෙළෙඳ කටයුතු නියාමන අධිකාරීන් වෙත ඉදිරිපත් කළ යුතු ලේඛන හා දත්ත ඉදිරිපත් කිරීම සඳහා එක් ස්ථානයක්…

(0)Comments | June 21, 2022 11:36 am

කොටස් වෙළෙඳපොළට නවීන ආවේක්ෂණ පද්ධතියක්

ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ කටයුතු සඳහා නවීන ආවේක්ෂණ පද්ධතියක් ස්ථාපිත කිරීම ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව විසින් දැනට භාවිත කරන ආවේක්ෂණ පද්ධතිය (Surveillance System) 2008 වර්ෂයේදී ස්ථාපිත කර ඇති අතර වර්තමාන අවශ්‍යතාවන්ට ගැලපෙන අයුරින් එකී පද්ධතිය නවීකරණය කිරීමේ අවශ්‍යතාව හඳුනාගනු ලැබ ඇත. ලෝක බැංකු අරමුදල් යටතේ දැනට ක්‍රියාත්මක වන මුල්‍ය…

(0)Comments | June 21, 2022 11:24 am

රාජ්‍ය ආදායමට වැඩි දායකත්වයක් ලබාදෙන රාජ්‍ය ආයතනවලට තොරතුරු තාක්ෂණය යොදාගැනීම පිළිබඳ කෝපා කමිටුවේ අවධානය

ආනයන හා අපනයන පාලන දෙපාර්තමේන්තුව සහ රාජ්‍ය ආදායමට වැඩි දායකත්වයක් ලබාදෙන රාජ්‍ය ආයතනවලට තොරතුරු තාක්ෂණය යොදාගැනීම පිළිබඳ කෝපා කමිටුවේ අවධානය යොමු විය. මේ පිළිබඳ අවධානය යොමු වූයේ රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව පාර්ලිමේන්තු මන්ත්‍රී ලසන්ත අලගියවන්න මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (16) පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදීය. මෙම කාරක සභාවේ සභාපතිත්වය දරන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රී (මහාචාර්ය) තිස්ස විතාරණ මහතායි….

(0)Comments | June 20, 2022 4:01 pm