Top News

ශ්‍රී ලංකාව තුළ නිපුණතාවයෙන් පිරි ශ්‍රම බලකායක් ගොඩනැගීම සඳහා මොරටුව විශ්වවිද්‍යාලය සහ ධම්මික හා ප්‍රිසිලා පෙරේරා පදනම එක්වූ නව ව්‍යාපෘතියක්

මොරටුව විශ්වවිද්‍යාලය (UoM) සහ ධම්මික සහ ප්‍රිසිලා පෙරේරා පදනම (DP Foundation) එක්වීමෙන් පසුගිය 2022 ජූනි 02 වෙනි දින අවබෝධතා ගිවිසුමක් අත්සන් කරනු ලැබීය. එම අවබෝධතා ගිවිසුමෙහි පරමාර්ථය වන්නේ ව්‍යාපෘති කළමණාකරණය පිළිබඳ සහතික මට්ටමේ ඇමෙරිකාවේ ව්‍යාපෘති කළමණාකරණ ආයතනය විසින් සහතික කරනු ලැබූ CAPM මට්ටමේ මාර්ගගත පාඨමාලාවක් නිර්මාණය කිරීමයි. මෙම ව්‍යාපෘතියේ පරමාර්ථය වන්නේ ශ්‍රී ලංකාවේ සියලූම ව්‍යාපෘති…

(0)Comments | June 20, 2022 3:22 pm

වත්මන් ආර්ථික අර්බුදය හමුවේ පීඩාවට පත්ව ඇති සිය සේවකයින්ගේ ජීවන තත්වය නගාසිටුවීමට ඇඟළුම් කර්මාන්තයෙන් අත්වැලක්

පවතින ආර්ථික පීඩනයට සහ ඉහළ යන ජීවන වියදමට මුහුණ දීමට සේවකයන්ව දිරි ගැන්වීම උදෙසා ඇඟළුම් නිෂ්පාදකයින් තම සේවකයන්ට මූල්‍ය සහ මූල්‍ය නොවන ආධාර ලබාදීමට පියවර ගෙන ඇත. ඇඟළුම් කර්මාන්තය ශ‍්‍රී ලංකාවේ විශාලතම අපනයන ආදායම් ප‍්‍රභවය වන අතර එය රටේ සමස්ත අපනයන ආදායමෙන් 40% ක් නියෝජනය කරයි. “අපි ඉතාමත් දුෂ්කර සහ අභියෝගාත්මක කාලයකට මුහුණදෙමින් සිටිනවා. මෙවන්…

(0)Comments | June 20, 2022 1:00 pm

‘Facets of Sri Lanka’ නිව්යෝර්ක් හිදී

නිව්යෝර්ක් හි ශ්‍රී ලංකා දූත මණ්ඩලය, තුර්කි ගුවන් සේවය සහ ජෙට්වින්ග් ට්‍රැවල්ස් සමඟ එක්ව ‘Facets of Sri Lanka’ සංචාරක ප්‍රවර්ධන වැඩසටහන සඳහා සමසත්කාරය ලබා දෙයි ශ්‍රී ලංකාව සිය සංචාරකයන් වෙත පිරිනමන නොයෙකුත් ආකර්ෂණීය ස්ථාන විදහා දැක්වීමේ වැඩසටහනක් “Facets of Sri Lanka” නමින් 2022 ජූනි 14 වැනි දින නිව්යෝර්ක් හි පිහිටි එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා දූත…

(0)Comments | June 20, 2022 12:30 pm

ලංකා IOC, වටවල සහ හෙළ S&P SL 20 සමාගම් අතරට

S&P Sri Lanka 20 දර්ශකය ගණනය කිරීම සඳහා යොදා ගනු ලබන සමාගම් 20 අතරට ලංකා IOC, වටවල වැවිලි සමාගම සහ හෙළ ඇපරල් හෝල්ඩිංග්ස් යන සමාගම් එක්ව තිබේ. මේ අනුව අද (20) සිට S&P Sri Lanka 20 දර්ශකය ගණනය කිරීම සඳහා මෙම සමාගම්වල කොටස් මිල ගණන් හැසිරීම ද බලපානු ලබන බව කොළඹ කොටස් වෙළෙඳපොළ පවසයි. එම…

(0)Comments | June 20, 2022 11:02 am

තෙල් තිබෙන තැන් දැනගන්න හඳුන්වා දුන් වෙබ් අඩවිය වසා දමයි

ඉන්ධන ලබාගතහැකි පිරවුම්හල් දැනගැනීම සඳහා පසුගිය දා හඳුන්වා දුන් වෙබ් අඩවිය මේ වන විට අක්‍රීය වී ඇත. අදාළ අධිකාරීන්ගෙන් ලද උපදෙස් මත මෙම වෙබ් අඩවියේ කටයුතු තාවකාලිකව වසා දැමීමට පියවර ගෙන ඇති බව fuel.gov.lk වෙබ් අඩවියට පිවිසීමේ දී සඳහන් කර තිබෙනු දක්නට ලැබේ. දිවයින පුරා ඉන්ධන බෙදා හැරීමේ කටයුතු පිළිබඳ තොරතුරු වඩාත් පහසුවෙන් කළමනාකරණය කිරීමත් එම…

(0)Comments | June 18, 2022 10:35 am

ධම්මිකගේ තැනට හර්ෂ

වැලිබල් වන් සමූහයේ නව සභාපතිවරයා වශයෙන් ජනාධිපති නීතීඥ හර්ෂ අමරසේකර මහතා පත් කර තිබේ. ඔහු එම සමූහයේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු ද වේ. 2022 ජූනි 16 දින සිට මෙම පත්වීම බලපැවැත්වෙනු ඇත. මීට පෙර වැලිබල් වන් සමූහයේ පාලක කොටස් හිමිකරුවා වූ ධම්මික පෙරේරා මහතා එහි සභාපතිවරයා වශයෙන් කටයුතු කරනු ලැබීය.  ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකු වශයෙන් ඔහු එළඹෙන…

(0)Comments | June 17, 2022 4:34 pm

රටේ ආර්ථික සංවර්ධනය ඇති කිරීමට වසර 10 ක් සඳහා වූ නිශ්චිතව හඳුනාගත් සංවර්ධන සැලැස්මක් සකසන්න

කෝපා කමිටුව විදේශ සම්පත් දෙපාර්තමේන්තුවට උපදෙස් ලබාදෙයි රටේ ආර්ථික සංවර්ධනය අරමුණු කරගත් වසර 10 සඳහා වූ නිශ්චිත ආර්ථික සංවර්ධන සැලැස්මක් සකසන ලෙස කෝපා කමිටුව විදේශ සම්පත් දෙපාර්තමේන්තුවට උපදෙස් ලබාදුන්නේය. විදේශ සම්පත් දෙපාර්තමේන්තුවට මෙම උපදෙස් ලබාදුන්නේ රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී (මහාචාර්ය) තිස්ස විතාරණ මහතාගේ සභාපතිත්වයෙන් පසුගියදා (09) පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදීය….

(0)Comments | June 17, 2022 4:32 pm

කොටස් වෙළෙඳපොළ කඩා වැටී අර්ථසාධක අරමුදලට බරපතල හානි

මාස 03 කදී රු. කෝටි 3,500 කින් වටිනාකම පහළට ශ්‍රී ලංකාවේ විශාලතම හා වඩාත්ම පුළුල් සමාජ ආරක්ෂණ යෝජනා ක්‍රමය වන සේවක අර්ථසාධක අරමුදල (EPF) විසින් කොළඹ කොටස් වෙළෙඳපොළෙහි ලැයිස්තුගත සමාගම්වල සිදුකර ඇති ආයෝජනයන් හි ‍වෙළෙඳපොළ වටිනාකම, 2022 පළමු කාර්තුව තුළ දී දැවැන්ත ලෙස පහළ ගොස් තිබේ. 2021 දෙසැම්බර් 31 දින වන විට සේවක අර්ථසාධක අරමුදල…

(0)Comments | June 17, 2022 4:20 pm

ආර්ථික අර්බුදය විසඳීමට දකුණු කොරියාවේ පූර්ණ සහාය

පවතින ආර්ථික අර්බුදය විසඳා ගැනීමට ශ්‍රී ලංකාවට තම රජයේ පූර්ණ සහාය ලබාදෙන බව දකුණු කොරියානු තානාපති ජියෝන්ග් වුන්ජින් (Jeong Woonjin) මහතා කියයි. ඊයේ (16) පස්වරුවේ කොළඹ, කොටුව ජනාධිපති මන්දිරයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවෙමින් වුන්ජින් මහතා මේ බව සඳහන් කළේය.පසුගියදා පැවති මැතිවරණයෙන් නව ජනාධිපතිවරයා ලෙස තේරී පත් වූ යුන් සුක් යෙයොල් (Yoon Suk-Yeol) මහතාට…

(0)Comments | June 17, 2022 3:23 pm

මෙල්බර්න් හි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලයේ සේවය කාර්යක්ෂමව සිදු කිරීම සඳහා නව යෙදුමක්

ඕස්ට්‍රේලියාවේ පිහිටි වික්ටෝරියා, දකුණු ඕස්ට්‍රේලියාව සහ ටස්මේනියාව යන ප්‍රාන්තවල සිටින ශ්‍රී ලාංකිකයන් විශාල සංඛ්‍යාවකට කාර්යක්ෂම කොන්සියුලර් සේවාවක් සැපයීම සඳහා මෙල්බර්න් හි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලය විසින් ඩිජිටල් කොන්සියුලර් කවුන්ටර කළමනාකරණ පද්ධතියක් ක්‍රියාත්මක කරන ලදි. වඩාත් ඵලදායී සේවාවක් සලසන අතරතුර, වියදම් අඩු කිරීම සම්බන්ධයෙන් රජය සතු ප්‍රතිපත්තියට අනුකූලව කොන්සල් ජනරාල් කාර්යාලයේ මෙහෙයුම් වියදම් අවම කිරීම සඳහා මෙම “යෙදුම” දියත් කරන ලදි. මෙල්බර්න් හි කොන්සල් ජනරාල් කාර්යාලයට…

(0)Comments | June 17, 2022 1:22 pm