පසුගිය ජූනි 15 දින ශ්‍රී ලංකා මහ බැංකුව වෙත විශේෂ භාණ්ඩාගාර බිල්පත් නිකුතුවක් සිදුකර තිබේ. මහ බැංකුව පවසන්නේ මුහුණත වටිනාකම රු. මිලියන 27,875.27 කින් යුතු භාණ්ඩාගාර බිල්පත් ප්‍රමාණයක් මෙලෙස තමන් වෙත නිකුත් කෙරුණු බවයි. මෙම භාණ්ඩාගාර බිල්පත් ප්‍රමාණයේ පොත් අගය රු. මිලියන 27,000 කි. අත්‍යාවශ්‍ය භාණ්ඩ මූල්‍යයනය කිරීම ද ඇතුළු හදිසි මූල්‍ය අවශ්‍යතා සපුරා ගැනීම…
2022 අප්‍රේල් මස 08 වන දින ගැසට් පත්‍රයේ පළ කරන ලද කාර්මික ආරවුල් (විශේෂ විධිවිධාන) පනත් කෙටුම්පත පසුගියදා (10) අමාත්‍ය මනූෂ නානායක්කාර මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ කම්කරු හා විදේශ රැකියා කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ අවධානයට යොමු විණි. වර්තමානයේදී, කාර්මික ආරවුල් පනතට අනුව සේවකයන්ගේ සේවය අවසන් වූ අවස්ථාවන්හි, ඒ ක්‍රියාවලිය අවසන් කිරීම පිළිබඳ නඩු කටයුතු…
සිය සමාගමේ අධ්‍යක්ෂවරුන්ගේ පුද්ගලික තොරතුරු පිළිබඳව සමාජ මාධ්‍ය ජාල ඔස්සේ සංසරණය වෙමින් පවතින ප්‍රචාරයන් සාවද්‍ය, පදනම් විරහිත ඒවා බවත්, ඒ සම්බන්ධයෙන් නීත්‍යානුකූල පියවර ගැනීමට කටයුතු කරන බවත් ලිට්රෝ ගෑස් ලංකා සමාගම පවසයි. විශේෂ නිවේදනයක් නිකුත් කරමින් ලිට්රෝ ගෑස් ලංකා සමාගම මේ බව සඳහන් කරයි. අදාළ නිවේදනය පහතින් දැක්වේ.
සිවක‍්‍රිෂ්ණරාජා රෙන්ගනාදන් (එස්. රෙන්ගනාදන්) මහතා 2022 මැයි 27 දින සිට ක‍්‍රියාත්මක වන පරිදි ස්වාධීන විධායක නොවන අධ්‍යක්ෂවරයෙකු ලෙස සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයට පත් කර ඇති බව සන්ෂයින් හෝල්ඩින්ග්ස් සමාගම නිවේදනය කර සිටී. මෙම නව පත්වීමත් සමඟින් සන්ෂයින් හෝල්ඩින්ග්ස් අධ්‍යක්ෂ මණ්ඩලය අධ්‍යක්ෂවරුන් 11 දෙනෙකුගෙන් හා විධායක නොවන ස්වාධීන අධ්‍යක්ෂවරුන් අට දෙනෙකුගෙන් සමන්විත වනු ඇත. බැංකු ක්ෂේත‍්‍රයේ වසර…
එක්සත් ජනපදය තවදුරටත් ශ්‍රී ලංකාවේ තිරසාර බලශක්තිය සහ ආර්ථික වර්ධනය ප්‍රවර්ධනය සඳහා කටයුතු කරයි. ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපති ජුලී චංග් මහත්මිය, ශ්‍රී ලංකාවේ විදුලියෙන් ධාවනය වන වාහන අංශය තවදුරටත් සංවර්ධනය කිරීම සඳහා උපකාර කිරීමට VEGA Innovations ආයතනය වෙත තාක්ෂණික සහය ලබාදෙන්නා වූ ගිවිසුමක් අත්සන් කිරීමේ උත්සවයකට ජූනි 15 වැනි දින සහභාගි වූවාය. ජාත්‍යන්තර සංවර්ධනය…
සමපේක්ෂණය නිසා ඇතිවූ විනිමය අනුපාතිකයේ ඉහළ විචලනයන් සීමා කිරීම අරමුණින් 2022 වසරේ මැයි 13 වැනි දින සිට හඳුන්වා දුන් නව විනිමය අනුපාතික සැකැස්ම හේතුවෙන් විනිමය අනුපාතිකයේ ස්ථාවර වීමක් නිරීක්ෂණය කළ හැකි බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. 2022 අප්‍රේල් මාසයේ විදේශීය අංශයේ ක්‍රියාකාරීත්ව වාර්තාව නිකුත් කරමින් මහ බැංකුව මේ බව සඳහන් කර සිටී. ඒ අනුව,…
එක්සත් ජනපදයෙන් ලබාදෙන නව ණය සහ ආයෝජන වශයෙන් ඇ. ඩොලර් මිලියන 120ක් සඳහා DFC අනුමැතිය ලැබී ඇති බව එ.ජ. තානාපති කාර්යාලය නිවේදනය කරයි ශ්‍රී ලංකාවේ ආර්ථිකය වර්ධනය කිරීමට සහ ආර්ථිකයට සහය වීමට නව ණය වශයෙන් ඇ. ඩො. මිලියන 120ක් සඳහා එ.ජ. ජාත්‍යන්තර සංවර්ධන මුල්‍ය සංස්ථාවේ (DFC) අධ්‍යක්ෂ මණ්ඩලයේ අනුමැතිය ලැබුණු බව එක්සත් ජනපද තානාපති කාර්යාලයෙන්…
මෙරට භාවිතය සඳහා ආනයනය කරන එතනෝල් ප්‍රමාණය පිළිබඳව සහ ආනයනය කරනු ලබන ආයතන පිළිබඳව නිසි පරිදි නියාමනයක් සිදු නොවීම පිළිබඳව පසුගියදා (08) පැවති රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ විශේෂ අවධානයට ලක්විය. විවිධ සමාගම් සඳහා මෙරටට එතනෝල් ආනයනය කිරීම සඳහා බලපත්‍ර නිකුත් කරන ක්‍රමවේදය, එම එක් එක් සමාගම් පිළිබඳ තොරතුරු, එම සමාගම් ආනයනය කරනු ලබන එතනෝල්…
එක්සත් ජනපදය ශ්‍රී ලංකාවේ ගිණුම්කරණ සහ විගණන අංශ ශක්තිමත් කිරීම සඳහා, තම සංවර්ධන නියෝජිතායතනය වන ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වන එ.ජ. නියෝජිතායතනය (USAID) හරහා, ශ්‍රී ලංකා වරලත් ගණකාධීකාරී සංගමය (CA Sri Lanka) සහ ශ්‍රී ලංකා රාජ්‍ය මූල්‍ය ගණකාධීකාරීවරුන්ගේ සංගමය (APFASL) සමගින් හවුල් වේ. මෙම හවුල්කාරිත්වය හරහා, දළ වශයෙන් රාජ්‍ය අංශයේ ගණකාධීකාරීවරුන් සහ විගණන වෘතිකයන් 600 ක්…
ගෝලීය මට්ටමින් තාක්ෂණික නව්‍ය ව්‍යවසායක සංවර්ධන පරිසර පද්ධති (Startup Ecosystems) ඇති රටවල් අතුරින් ශ්‍රී ලංකාව, පුහුණු ශ්‍රම බලකායක් ඇති ප්‍රධාන රටවල් පහ අතරට එක්වී ආසියානු මට්ටමින් දෙවන රට බවට පත්ව ඇති බව අන්තර් ජාතික 2022 Global Startup Ecosystem Report (GSER) නවතම වාර්තාව අනාවරණය කරයි. මෙම වාර්තාව ජුනි 14 දා ලන්ඩනයේ ඇරඹුන London Tech Week උළෙලේදී…
Video Story