ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා එළඹෙන ජූනි 21 දින පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙසින් දිවුරුම් දීමට නියමිත බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි. පාර්ලිමේන්තුව මෙම සතියේ දී රැස්වීමක් සිදු නොවන බැවින් මීළඟ පාර්ලිමේන්තු දිනය වන ජූනි 21 දා මෙලෙස ධම්මික පෙරේරා මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙසින් පත්වීම් ලබනු ඇත. එළඹෙන සතියේ ජූනි 21, 22, 23 හා 24 යන දිනවල…
නිල ආහාර උද්ධමනය මැයි මාසයේදී 57.4% ක් වූ අතර එය 2004 වසරේ සිට මෙතෙක් වාර්තා වූ වසරින් වසර ඉහළම ආහාර මිල වැඩිවීමේ අගය බව Advocata ආයතනය පවසයි. ආහාරවල සිල්ලර මිලෙහි වෙනස්කම් නිරීක්ෂණය කරන Advocata Institute හි Bath Curry Indicator (BCI) ද 2021 මැයි සිට 2022 මැයි දක්වා 71% ක ඉහළම වැඩිවීමක් සටහන් කරයි. එමෙන්ම එය…
නාගරික සංවර්ධන අධිකාරිය යටතේ පවතින නිවාඩු නිකේතන පිළිබඳව පසුගිය (07) දා කෝප් කමිටුවේ දී අවධානය යොමුව තිබේ. එහිදී පැමිණ සිටි මන්ත්‍රිවරු පවසා ඇත්තේ නාගරික සංවර්ධන අධිකාරිය යටතේ ඇති සෑම දිස්ත්‍රික්කයකම පවතින නිවාඩු නිකේතන පිහිටා තිබෙන්නේ එම දිස්ත්‍රික්කයේ දර්ශනීයම ස්ථානයක බවයි. මේ නිසා ටෙන්ඩර් ලබාදීමේදී රාජ්‍ය ආදායම වැඩි කරගැනීමට කටයුතු කළ යුතු බව ඔවුන් පෙන්වා ඇත….
මොරටුව විශ්වවිද්‍යාලය යටතේ ආරම්භ කරන ලද එල් කේ ඩොමේන් රෙජිස්ට්‍රි (Lk Domain Registry) සමාගම පිළිබඳව පසුගිය (08) දා කෝප් කමිටුවේ දී සාකච්ඡාවට භාජනය වී තිබේ. 2004.03.05 වැනි දින මොරටුව විශ්වවිද්‍යාලය සතු සමාගමක් ලෙස ලියාපදිංචි වී ඇති මෙම සමාගමේ අයිතිය මේ වන විට විශ්වවිද්‍යාලයට අහිමිවීම පිළිබඳව මෙහිදි දිර්ඝ වශයෙන් සාකච්ඡා කළ අතර කෝප් සභාපතිවරයා නිර්දේශ කළේ…
ගිවිසුම් හා බැඳුම්කර කඩ කළ මොරටුව විශ්වවිද්‍යාලයේ ආචාර්යවරුන්ගෙන් අය විය යුතු මුදල රුපියල් 51,649,961ක් – ‘කෝප්’ කමිටුවේදී අනාවරණය වෙයි මොරටුව විශ්වවිද්‍යාලයේ පමණක් අධ්‍යයන නිවාඩු ලබා විදේශගත වූ විශ්ව විද්‍යාල ආචාර්යවරුන් 35 දෙනෙක් ගිවිසුම් හා බැඳුම්කර කඩ කිරීම නිසා 2021 දෙසැම්බර් 31 දින වනවිට අය වියයුතු මුදල රුපියල් 51,649,961 බවට කෝප් කමිටුවේදී අනාවරණය විය. ගිවිසුම් හා…
ඉන්ධන ලබාගතහැකි ස්ථාන හා ඒවායේ ඇති ඉන්ධන වර්ග පහසුවෙන් දැනගන්න ක්‍රමවේදයක් හඳුන්වාදී ඇත. මෙමගින් ඉන්ධන ඇති පිරවුම් හල්, ඒවායේ ඇති ඉන්ධන වර්ග සහ ඒ ඒ ඉන්ධන ප්‍රමාන ද දැනගත හැකිවේ. තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA), විසින් දියත් කෙරෙන මෙම ඉන්ධන කළමනාකරණ පද්ධතියෙන් දිවයින පුරා ඉන්ධන බෙදා හැරීමේ කටයුතු පිළිබඳ තොරතුරු වඩාත් පහසුවෙන් කලමාකරණය කිරීමත් …
නගර සංවර්ධනය සඳහා නව මිනුම් දණ්ඩක් ශ්‍රී ලංකාව තුළ ස්ථාපනය කෙරුණු ප්‍රථම නගර සංවර්ධන පාලන රෙගුලාසි මාලාව, කොළඹ වරාය නගර ව්‍යාපෘති සමාගම විසින් මෑතක දී ගැසට් කෙරුණු අතර, එය මේ වන විට බලාත්මක වෙමින් පවතී. මෙම නගර සංවර්ධන පාලන රෙගුලාසි පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහනක් කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභාව විසින් සංවිධානය කෙරුණු අතර, එම…
ධම්මික පෙරේරා මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පක්ෂ සාමාජිකත්වය ලබා ගෙන තිබේ. මේ අතර ඔහු විසින් සභාපති/ අධ්‍යක්ෂ තනතුරු දැරූ ලැයිස්තුගත සමාගම්වලින් ඉවත් වී ඇති බව අදාළ සමාගම් විසින් නිල වශයෙන් මේ වන විට කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත දැනුම් දී ඇත. පොදුජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම් මහතා අතින් ධම්මික පෙරේරා මහතා පක්ෂ සාමාජිකත්වය ලබා…
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකු ලෙසින් ධම්මික පෙරේරා මහතා නම් කරමින් මැතිවරණ කොමිසම වෙත වෙත ඔහුගේ නම නිල වශයෙන් යවා ඇති බව වාර්තා වේ. මේ අතර ධම්මික පෙරේරා මහතා පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය ලබා ගැනීම වෙනුවෙන් තමන් දරනු ලබන සියලුම සමාගම් අධ්‍යක්ෂ ධුරවලින් ඉවත් වීමට තීරණය කර ඇති බව වැඩිදුරටත් ආරංචි මාර්ග සඳහන් කරයි….
සිංගප්පූරු විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය විවියන් බාලක්‍රිෂ්ණන් මහතා සිදු කළ ඇරයුමකට අනුව විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා 2022 ජූනි 8 සිට 9 යන දිනවල සිංගප්පූරුවේ නිල සංචාරයක නිරත විය. ශ්‍රී ලංකාවේ විදේශ අමාත්‍යවරයකු මෙලෙස සිංගප්පූරුවේ නිල සංචාරයක නිරත වූයේ සිව් වසරකට පසුව ය. විදේශ කටයුතු අමාත්‍යවරයා මෙම සංචාරය අතරතුර සිංගප්පූරු විදේශ කටයුතු අමාත්‍යවරයා…
Video Story