පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම පක්ෂ නායකයින් වෙත, 2022 ජූලි 09 වන දින පැවති මහජන අරගලයෙහි මූලික ඉල්ලීම වූයේ එවකට ජනාධිපති වූ ගෝඨාභය රාජපක්ෂටත් අගමැති වූ රනිල් වික්රමසිංහටත් ඉවත් වන ලෙස බලකිරීමයි. එල්ල වූ දැඩි මහජන පීඩනය හමුවේ රටින් පිටවී ගිය එම ජනපතිවරයා මේ වන විට සිය ධූරයෙන් ඉල්ලා අස්වීම නිසා පුරප්පාඩු වූ ධූරයෙහි වැඩ බැලීමට…
ශ්රී ලංකාව ජපානය සමඟ ද්විපාර්ශ්වික උපදේශන අවසන් කරයි විදේශ කටයුතු ලේකම් අරුණි විජේවර්ධන මහත්මිය 2022 ජූලි 15 වැනි සිකුරාදා දින ජපාන විදේශ කටයුතු අමාත්යාංශයේ නිරිතදිග සහ අග්නිදිග ආසියානු කටයුතු අංශයේ සහකාර අමාත්ය කානෝ ටකහීරෝ ප්රමුඛ ජපාන විදේශ කටයුතු අමාත්යාංශයේ ජ්යෙෂ්ඨ නියෝජිත පිරිසක් සමඟ ද්විපාර්ශ්වික උපදේශන පැවැත්වීය. ශ්රී ලංකා දූත පිරිසට මහ බැංකු අධිපති ආචාර්ය පී….
2022 ජුනි මාසයේ දී නිෂ්පාදන සහ සේවා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශක පහළ යන ලදී. නිෂ්පාදන ක්රියාකාරකම්හි පෙර මාසයට සාපේක්ෂව පසුබෑමක් පෙන්නුම් කරමින්, නිෂ්පාදන අංශයේ ගැනුම් කළමණාකරුවන්ගේ දර්ශකය 2022 ජුනි මාසයේ දී පහළ යන ලදී. සේවා අංශයෙහි ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය, අඛණ්ඩව තෙවන මාසයටත් සේවා ක්රියාකාරකම්වල පසුබෑමක් පෙන්නුම් කරමින්, 2022 ජූනි මාසයේ දී 40.3ක දර්ශක අගයක් දක්වා තවදුරටත්…
හොරොව්පතානේ පිහිටි WTS ඉන්වෙස්ට්මන්ට් ප්රයිවට් ලිමිටඩ් යන ආයතනය මුදල් ව්යාපාර පනතෙහි ප්රතිපාදනයන් උල්ලංඝනය කරමින් මුදල් ව්යාපාර සිදු කළ බවට සහ තැන්පතු භාරගත් බවට මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් තීරණය කර ඇත. ශ්රී ලංකා මහ බැංකුව මේ වන විට මෙම ආයතනයට සහ පුද්ගලයින්ට කිසිදු ආකාරයකින් තැන්පතු හෝ මුදල් කැඳවීම සහ රැස්කිරීම, වත්කම් බැහැර කිරීම/ අන්සතු කිරීම,…
ජාත්යන්තර මූල්ය අරමුදල (IMF) මේ වන විටත් ශ්රී ලංකා රජයේ තාක්ෂණික මට්ටමේ නිලධාරීන් සමඟ සම්බන්ධ වී සිටින බවත් ඉහළ මට්ටමේ නිලධාරීන් සමඟ සාකච්ඡා නැවත ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බවත් IMF ප්රකාශක Gerry Rice පවසයි. ඊයේ (14) පැවති මාධ්ය හමුවක දී ඔහු මේ බව සඳහන් කළ අතර ජාත්යන්තර මූල්ය අරමුදල සහාය දක්වන වැඩසටහනක් පිළිබඳ සාකච්ඡා යළි…
රුසියාව විසින් යුක්රේනය ආක්රමණය කිරීමත් සමඟ ලොව පුරා ආහාර නිෂ්පාදන හා සැපයුම් දාම අවහිර වීම හේතුවෙන් ලොව පුරා ඇති වූ නොසන්සුන්තාවයේ එක් ප්රතිඵලයක් ලෙස ශ්රී ලංකාව අද සිටින අස්ථාවර තත්ත්වයට මුහුණ පා ඇති බව යුක්රේන ජනාධිපති වොලොඩිමියර් සෙලෙන්ස්කි (Volodymyr Zelensky ) පවසයි. පසුගියදා සෝල් නුවර පැවති ආසියානු නායකත්ව සමුළුවේ දේශනයකදී ශ්රී ලංකාවේ අර්බුද ඉස්මතු කරමින්…
ශ්රී ලංකාව මේ වන විට වැටී ඇති ආර්ථික අගාධයෙන් ගොඩඒම සඳහා ජාත්යන්තර මූල්ය අරමුදල සමඟ ආරම්භ කර තිබෙන සාකච්ඡා හැකි ඉක්මනින් සිදුකර එම මාර්ගයේ යනවා හැරෙන්නට වෙනත් විකල්පයක් නොමැති බව ශ්රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි. ඊයේ (12) විකාශය වූ දෙරණ 360 විශේෂ වැඩසටහන සමඟ එක්වෙමින් අධිපතිවරයා මේ බව පැවසුවේ, ඉදිරියේ…
ජාත්යන්තර සහ දේශීය වෙළෙඳපොළ තුළ අතථ්ය මුදල් භාවිතය සම්බන්ධ මෑතකාලීන වර්ධනයන් මෙන්ම අතථ්ය මුදල් සම්බන්ධව කරන ලද විමසීම් සැලකිල්ලට ගනිමින් පහත සඳහන් කරුණු මහජනතාවට දැනුම් දීමට ශ්රී ලංකා මහ බැංකුව අපේක්ෂා කරයි. අතථ්ය මුදල් යනු පුද්ගලිකව නිකුත් කරනු ලබන සහ ඉලෙක්ට්රොනිකව හුවමාරු කළ හැකි බොහෝ දුරට නියාමනය කිරීමකට යටත් නොවන, වටිනාකම් ඩිජිටල් ආකාරයට නිරූපණය කිරීමක්…
ඊයේ (11) ශ්රී ලංකා මහ බැංකුවේ රාජ්ය ණය දෙපාර්තමේන්තුව විසින් කැඳවන ලද භාණ්ඩාගාර බැඳුම්කර වෙන්දේසියේ දී බැඳුම්කර කාණ්ඩ දෙකක් යටතේ වෙන්දේසිය සඳහා ඉදිරිපත් කර තිබුණි. වෙන්දේසීය සඳහා රුපියල් මිලියන 70,000ක බැඳුම්කර ප්රමාණයක් ඉදිරිපත් කර තිබුණද, ලංසු පිළිගෙන ඇත්තේ රුපියල් මිලියන 43,548ක් පමණි. 17.00% 2025 , ‘A’ යන භාණ්ඩාගාර බැඳුම්කර කාණ්ඩය යටතේ වෙන්දේසීයට සහභාගී වූවන් විසින්…
වෙළඳ හිඟයේ පහළ යෑම අඛණ්ඩව තෙවන මාසය දක්වා දීර්ඝ කරමින්, 2022 වසරේ මැයි මාසයේ දී වාර්ෂික ලක්ෂ්යමය පදනම මත අපනයන ඉපැයීම් ඉහළ ගිය අතර ආනයනය වියදම පහළ ගියේය. මේ අතර 2022 වසරේ මැයි මාසයේ දී සංචාරක පැමිණීම් පෙර මාසයට සාපේක්ෂව මන්දගාමී විය. 2022 වසරේ අප්රේල් මාසයට සාපේක්ෂව 2022 වසරේ මැයි මාසයේ දී සේවා නියුක්තිකයන්ගේ ප්රේෂණ…
Video Story