Top News

දිනයේ දෙවන වරටත් කොටස් ගනුදෙනු ඇනහිටී

කොළඹ කොටස් වෙළෙඳපොළ දෛනික ගනුදෙනු අද පස්වරු 12.13 ට නැවත වරක් අත්හිටුවනු ලැබීය. S&P SL20 දර්ශකය පෙර දිනයට සාපේක්ෂව 7.5% ක ප්‍රමාණයකින් පහළ යාම මීට හේතුවයි. පස්වරු 12.43 ට ගනුදෙනු යළි ආරම්භ වීමට නියමිතය.

(0)Comments | February 23, 2022 12:29 pm

කොටස් වෙළෙඳපොළ අධිවේගයෙන් පහළ බසී. ගනුදෙනු තාවකාලිකව අත්හිටුවයි

කොළඹ කොටස් වෙළෙඳපොළ දෛනික ගනුදෙනු අද පෙරවරු 11.17 ට මිනිත්තු 30 ක කාලයක් සඳහා තාවකාලිකව අත්හිටුවනු ලැබීය. පෙර දිනයට සාපේක්ෂව S&P SL20 දර්ශකය 5% ක ප්‍රමාණයක් ඉක්මවා පහළ යාම හේතුවෙන් ගනුදෙනු මෙලෙස නවතා තිබේ. ඒ වන විට සියලු කොටස් මිල දර්ශකය ඒකක 423.28 කින් හා S&P SL20 දර්ශකය ඒකක 208.96 කින් පහළ ගොස් තිබුණි.

(0)Comments | February 23, 2022 11:28 am

චීනයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලීය නිල ටික්ටොක් ගිණුම එළිදක්වයි

දෙරට අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා පිහිටුවීමේ 65 වැනි සංවත්සරය සහ රබර් – සහල් ගිවිසුමේ 70 වැනි සංවත්සර සැමරුම නිමිත්තෙන්, ශ්‍රී ලංකා තානාපති කාර්යාලය චීන සමාගමක් වන CITS Overseas Economic Cooperation Co. Ltd. ආයතනය සමඟ එක්ව 2022 පෙබරවාරි මස 18 වැනි දින තානාපති කාර්යාලීය නිල ටික්ටොක් ගිණුම එළි දැක්වීය. මෙම ටික්ටොක් ගිණුම හරහා තානාපති කාර්යාලය මඟින් සංවිධානය කෙරෙන ශ්‍රී ලංකාවේ සංස්කෘතිය, නිෂ්පාදන සහ විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරයට අදාළ ක්‍රියාකාරකම්…

(0)Comments | February 23, 2022 10:46 am

සයිප්‍රසයෙන් බොරතෙල් ගෙන්වන සාකච්ඡා අවසාන අදියරේ

සපුගස්කන්ද තෙල් පිරිපහදුව සඳහා අවශ්‍ය බොරතෙල් සැපයීම පිණිස සයිප්‍රසයේ Terra Navis Group විසින් නොකැඳවූ යෝජනාවක් ඉදිරිපත් කර තිබුණි. මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් කේ.ඩී.ආර්. ඔල්ගා මහත්මිය පැවසුවේ, බලශක්ති අමාත්‍යාංශයේ තාක්ෂණික කමිටුව මේ වන විට ඒ පිළිබඳව අධ්‍යයනයක නිරත වන බවත්, දෙපාර්ශවය අතර එකඟතාවයන් අවසාන අදියරට පැමිණ ඇති බවත්ය. අද (22) පෙරවරුවේ විකාශය වූ…

(0)Comments | February 22, 2022 6:16 pm

අධිකරණය ස්වයංක්‍රීය කිරීමේ ප්‍රසම්පාදනය ඩයලොග්, ෆෝමිස් හා ඇක්සස් හවුල් ව්‍යාපාරයට

අධිකරණ පද්ධතිය සඳහා අධිකරණ ස්වයංක්‍රීයකරණ පද්ධතියක් හඳුන්වා දීම ශ්‍රී ලංකාවේ අධිකරණ පද්ධතිය සඳහා අධිකරණ ස්වයංක්‍රීයකරණ පද්ධතියක් සැලසුම් කිරීම, සැපයීම, ක්‍රියාත්මක කිරීම සහ නඩත්තු කිරීම සඳහා වන ව්‍යාපෘතියක් ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය සමඟ එක්ව ක්‍රියාත්මක කිරීම පිණිස 2020 පෙබරවාරි මස 05 දින අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා දී ඇත. යෝජිත ව්‍යාපෘතිය සඳහා ලංසු 07ක්…

(0)Comments | February 22, 2022 1:40 pm

IMF සහයෝගය ගන්න කටයුතු කරනවා – කැබිනට් ප්‍රකාශක

මේ වන විට අර්බුදකාරී තත්ත්වයක් උද්ගත වී තිබෙන බව සත්‍යයක් බවත් ඒ සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) සහයෝගය හෝ උපදෙස් ලබා ගැනීමට රජය කටයුතු කරනු ලබන බවත් කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය රමේෂ් පතිරණ මහතා පවසයි. අද (22) දින පෙරවරුවේ කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් මාධ්‍යවේදියෙකු විසින් යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් අමාත්‍යවරයා මේ බව…

(0)Comments | February 22, 2022 12:28 pm

කොල්ලුපිටියට කාමර 652ක සුපිරි හෝටලයක්. ඩොලර් මිලියන 70ක ආයෝජනයක්

කොළඹ 03 ප්‍රදේශයේ කාම‍ර 652ක් සහිත සුඛෝපබෝගී නගර හෝටලයක් ඉදිකිරීම සඳහා වූ ව්‍යාපෘතිය දම්රෝ සමුහයට අයත් සමාගමක් වන ඩී.ආර්. හෝම් ඇප්ලයන්සස් (ප්‍රයිවට්) ලිමිටඩ් ආයතනය හා පියෙස්ට්‍රා පර්නිචර් (ප්‍රයිවට්) ලිමිටඩ් සහ ඩී.ආර්. ඉන්ඩස්ට්‍රීස් (ප්‍රයිවට්) ලිමිටඩ් යන ආයතන එක්ව ඇමෙරිකානු එක්සත් ජනපද ඩොලර් මිලියන 70.4ක ආයෝජනයක් සහිතව කොළඹ 03 ප්‍රදේශයේ කාම‍ර 652ක් සහිත සුඛෝපභෝගී නගර හෝටලයක් ඉදි…

(0)Comments | February 22, 2022 11:42 am

යුක්‍රේනයේ සිටින සිසුන් 14 ක් ඇතුළු ශ්‍රී ලාංකික පුරවැසියන් 40කට දැනුම් දීමක්

ශ්‍රී ලංකා රජය යුක්රේනයේ පවතින වාතාවරණයේ වත්මන් ප්‍රගතිය සමීපව නිරීක්ෂණය කරමින් සිටියි. කිව් සඳහා සමගාමීව අක්ත ගන්වන ලද අන්කාරා හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය, යුක්රේනයේ වෙසෙන සිසුන් දහහතර දෙනෙකු ඇතුළු හතළිහකට අධික ශ්‍රී ලාංකිකයන් පිරිසකගේ ආරක්ෂාව සහ සුභසාධනය තහවුරු කිරීමේ අරමුණින් ඔවුන් සමඟ සමීපව කටයුතු කරමින් සිටියි. යුක්රේනයේ සිටින ශ්‍රී ලාංකික සිසුන් දහහතර දෙනාගෙන් හය දෙනෙකු…

(0)Comments | February 22, 2022 11:01 am

දේශීය කර්මාන්ත සඳහා ආයෝජනය කර රට ගොඩනගන්න එක්වන්න

වැරදි මතවාද නිවැරදි කිරීමට ව්‍යවසායකයන්ට හැකියි – ජනපති කියයි රජයේ කොවිඩ් පාලන වැඩපිළිවෙළ ව්‍යාපාර ආරක්ෂාවට හේතු වුණා … සංචාරකයන්ගේ පහසුකම් නංවන්න … රට තුළ උසස් අධ්‍යාපන අවස්ථා පුළුල් කර විදේශගත අධ්‍යාපනයට තිත තබමු … ව්‍යවසායකයන්ගෙන් යෝජනා දේශීය කර්මාන්ත සඳහා ආයෝජනය කර රට ගොඩනගන්න එක්වන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දේශීය ව්‍යවසායකයින්ට ඇරයුම් කරයි. ක්ෂේත්‍ර රැසක මහා…

(0)Comments | February 22, 2022 6:42 am

මූල්‍ය අරමුදලේ ආර්ටිකල් හතර වාර්තාව වහාම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර, රට ගොඩගැනීමට වැඩපිළිවෙලක් හදන්න – ආචාර්ය හර්ෂ ද සිල්වා අවධාරණය කරයි

ශ්‍රී ලංකාවේ ණය තිරසාරත්වය පිළිබඳව විශ්ලේෂණය කරමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් පෙබරවාරි 25 වනදාට ආර්ටිකල් හතර වාර්තාව එහි අධ්‍යක්ෂ මණ්ඩලය වෙත ඉදිරිපත් කරන බවත් මෙරට ජනතාව තව තවත් පීඩාවට පත් නොකොට එම වාර්තාව මෙරට පාර්ලිමේන්තුවටද ඉදිරිපත් කර පක්ෂ විපක්ෂ බේදයකින් තොරව රට ගොඩගැනීම සඳහා එම වාර්තාවට අනුව තිරසාර වැඩපිළිවෙලක් සකස් කිරීමට ආණ්ඩුව වහාම කටයුතු කළ…

(0)Comments | February 21, 2022 5:56 pm