කොළඹ කොටස් වෙළෙඳපොළ ඉතිහාසයේ සියලු කොටස් මිල දර්ශකයෙහි තනි දිනක් තුළ දක්නට ලැබුණු දෙවැනි විශාලතම පහළ යාම අද (21) දිනයේ දී වාර්තා විය. එහිදී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 542.67 කින් පහළ ගිය අතර එය දෙවැනි වන්නේ 2021 පෙබරවාරි 02 වැනි දින ඒකක 561.75කින් සියලු කොටස් මිල දර්ශකයේ වාර්තා වූ කඩා වැටීමට පමණි. දිනය…
මීට කලකට ඉහත එක්සත් රාජධානියේ සිට ශ්‍රී ලංකාවට ගෙනෙන ලද අපද්‍රව්‍ය රැගත් බහාලුම් පිළිබඳව Hayleys Free Zone ලිමිටඩ් සමාගම විසින් කෙරෙන ලද නිවේදනයකි. බාසල් (BASEL) සම්මුතියට ප‍්‍රකාරව මෙසේ දෙරටක් අතර අපද්‍රව්‍ප‍්‍රවාහනය කළ නොහැකි අතර, මෙම බහාලුම් තොගය යළි එක්සත් රාජධානිය බලා පිටත් කිරීමට මධ්‍යම පරිසර අධිකාරියේ සහ ශ්‍රී ලංකා රේගුවේ මුලිකත්වය මත පියවර ගෙන ඇති…
කොළඹ කොටස් වෙළෙඳපොළ දෛනික ගනුදෙනු අද (21) පස්වරු 1.44 ට මිනිත්තු 30 ක කාලයක් සඳහා අත්හිටුවනු ලැබීය. S&P SL20 දර්ශකය පූර්ව ගනුදෙනු දිනයට සාපේක්ෂව 5% ක ප්‍රමාණයක් ඉක්මවා පහළ යාම මීට හේතුවයි. ඒ වන විට සියලු කොටස් මිල දර්ශකය ඒ්කක 540.43 කින් සහ S&P SL20 දර්ශකය ඒ්කක 207.60 කින් පහළ ගොස් තිබුණි. ගනුදෙනු පස්වරු 2.14ට…
2022 ජනවාරි මාසයේ දී දේශීය විනිමය වෙළෙඳපොළේ දී ශ්‍රී ලංකා මහ බැංකුව විසින් එක්සත් ජනපද ඩොලර් මිලියන 407.76 ක් විකුණා ඇති බව වාර්තා වේ. මහ බැංකු සංඛ්‍යා දත්ත වාර්තාවක සඳහන් වන පරිදි මෙම මාසය තුළ ඩොලර් මිලියන 176.81 ක ප්‍රමාණයක් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් දේශීය විනිමය වෙළෙඳපොළෙන් මිල දී ගෙන ඇත. ඒ අනුව ශුද්ධ…
ආයෝජන ප්‍රවර්ධනයට තානාපති කාර්යාල එක්කර ගන්නැයි රාජ්‍ය ඇමති කියයි දැනට ව්‍යාපෘති පවත්වාගෙන යනු ලබන ආයෝජකයින්ට නව ව්‍යාපෘති ආරම්භ කිරීම හෝ ව්‍යාපෘති පුළුල් කිරීමේදී ආකර්ෂණීය සහන පැකේජයක් විදේශ පුරවැසිභාවය හිමි ශ්‍රී ලාංකිකයන් මෙරට ආයෝජනයේදී ආයෝජන ආකර්ෂණ සහන පැකේජ අපනයනය ඉලක්ක කරගත් අගය එක් කළ නිෂ්පාදන ව්‍යාපෘති ආරම්භ කිරිමට අනෙකුත් අමාත්‍යාංශ හා එක් වීමට ශ්‍රී ලංකා ආයෝජන…
මෙම සතිය තුළ අඛණ්ඩව තෙවැනි දිනයටත් කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකයන් හි පහළ යාමක් අද (18) දිනයේ දී ද වාර්තා විය. අද දිනය තුළ දී ඒකක 218.34 ක පහළ යාමක් සියලු කොටස් මිල දර්ශකයෙන් වාර්තා වූ අතර S&P SL20 දර්ශකය ඒකක 80.30 කින් පහළ යන ලදී. ඒ අනුව දිනය අවසානයේ දී සියලු කොටස් මිල දර්ශක…
මෙරට ලැයිස්තුගත සමාගමක් වන ලංකා දුම්කොළ සමාගම විසින් 2021 දෙසැම්බර් 31 න් අවසන් කාර්තුව සඳහා වන මූල්‍ය වාර්තා අද (18) දින කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත ඉදිරිපත් කර තිබේ. ඊට අනුව සමාගම විසින් පසුගිය 2021 වසර තුළ දී රු. බිලියන 134.36 ක ආදායමක් උපයා ඇති අතර එයින් රු. බිලියන 100.75 ක් රජයේ බදු ලෙස ගෙවා තිබේ….
ශ්‍රී ලංකාවේ ගොවීන් / සැකසුම්කරුවන් / කෘෂි යෙදවුම් නිෂ්පාදකයින් සහ ගොවි කණ්ඩායම් සඳහා ප්‍රතීතනය ලත් සහතික කිරීමේ ආයතන හරහා කාබනික සහතිකයක් ලබා ගැනීමට උපකාර කිරීමේ ආධාර වැඩසටහනක් ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය විසින් ක්‍රියාත්මක කොට ඇත. කාබනික පොහොර, බීජ නිපදවන, වගා කරන හා සකසන ගොවීන් / සැකසුම්කරුවන් සහ යෙදවුම් නිෂ්පාදකයින්ට මෙන්ම කාබනික කෘෂිකාර්මික නිෂ්පාදන වගා කරන…
ආයෝජන මණ්ඩල ව්‍යවසායයන් විස්සක් ඔවුන්ගේ පවත්නා මෙහෙයුම් පුළුල් කිරීම සඳහා සාමූහිකව ඩොලර් මිලියන 165 ක් වටිනා පරිපූරක ගිවිසුම්වලට එළඹී ඇති බව ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය නිවේදනය කර සිටී. මෙම ගිවිසුම් සඳහා ලංකා ආයෝජන මණ්ඩලය වෙනුවෙන් ආයෝජන මණ්ඩලයේ සභාපති රාජා එදිරිසූරිය මහතා සහ අධ්‍යක්ෂ ජනරාල් රේණුකා වීරකෝන් මහත්මිය විසින් අත්සන් තබන ලදී. Aitken Spence (apparel), Asia…
බෙලරුස් ජනරජයට එකඟව අක්ත ගැන්වූ රුසියාවේ ශ්‍රී ලංකා තානාපතිනි මහාචාර්ය ජනිතා ඒ. ලියනගේ මහත්මිය 2022 පෙබරවාරි මස 02-05 අතර දිනයන්හි දී පැවැත්වූ සිය නිල සංචාරයේදී බෙලරුසියානු බලධාරීන් සමඟ රැස්වීම් ගණනාවක් පැවැත්වීය. ඇය මින්ස්ක් හි රැඳී සිටි කාල රාමුව තුළ, බෙලරුස් ජනරජයේ ජනාධිපති ඇලෙක්සැන්ඩර් ලක්සෙෂන්කෝ මහතා වෙත සිය අක්තපත්‍ර ලිපි පිළිගැන්වූ තානාපතිනිය එරට විදේශ කටයුතු අමාත්‍ය…
Video Story