Top News

දින දෙකකට පසු කොටස් වෙළෙඳපොළ යළි පිබිදෙයි

පසුගිය දින දෙක පුරාවට යම්කිසි පසුබැස්මක් පෙන්නුම් කළ කොළඹ කොටස් වෙළෙඳපොළ අද දිනයේ දී සැලකිය යුතු වර්ධනයක් අත්පත් කර ගැනීමට සමත්විය. දිනයේ ගනුදෙනු අවසානයේ සියලු කොටස් මිල දර්ශකය ඒකක 86.80කින් ඉහළ ගොස් ඒකක 19,804.80ක් ලෙසින් සටහන් වූ අතර S&P SL20 දර්ශකය ඒකක -2.44කින් පහළ ගොස් ඒකක 5,827.85ක් ලෙසින් සටහන් විය. අද සමාගම් 121ක කොටස් මිල…

(0)Comments | August 6, 2025 4:06 pm

2025 රාජ්‍ය ආදායම මුල් මාස 06දී 24.7% කින් ඉහළට

2025 වසරේ මුල් මාස හය තුළ රාජ්‍ය ආදායම රු. බිලියන 2,322 ක් දක්වා ඉහළ ගොස් ඇති බව මුදල් අමාත්‍යාංශය විසින් නිකුත් කරන ලද නවතම වාර්තාවක සඳහන් වේ. එය 2024 පළමු භාගයේ රාජ්‍ය ආදායම් අගය වූ රු. බිලියන 1,861 හා සැසඳීමේ දී 24.7% ක කැපීපෙනෙන වැඩිවීමකි. එහිදී බදු ආදායම 25.9%කින් ඉහළ ගොස් ඇති අතර බදු නොවන…

(0)Comments | August 6, 2025 3:45 pm

සේවායෝජකයින්ට EPF මාර්ගගත සේවාව පිළිබඳ මහ බැංකුවෙන් දැනුවත් කිරීමක්

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් EPF මාර්ගගත සේවාව පිළිබඳව සේවායෝජකයන් දැනුවත් කරමින් නිවේදනයනයක් නිකුත් කර ඇත. එම නිවේදනයෙහි දැක්වෙන්නේ EPF-OS යනු සේවකයන්ගේ සේවක අර්ථසාධක දායක මුදල් ගෙවීමට පහසු, වේගවත් සහ කඩදාසි රහිත ක්‍රමයක් වන බවත් පියවර කිහිපයකින් EPF දායක මුදල් ගෙවීම් විස්තර ක්ෂණිකව සකසනු ලබන අතර, සේවකයින්ගේ ගිණුම් දෝෂරහිතව සහ ප්‍රමාදයකින් තොරව යාවත්කාලීන වන බව…

(0)Comments | August 6, 2025 10:49 am

ශ්‍රීලංකන් බැඳුම්කරය ප්‍රතිව්‍යූහගතකරණ සාකච්ඡා අසාර්ථකයි

ශ්‍රීලංකන් ගුවන් සේවය විසින් මේ වන විට ගෙවීම් පැහැර හැර තිබෙන, ඩොලර් මිලියන 175ක සහතික කළ බැඳුම්කර, ප්‍රතිව්‍යූහගතකරණය සඳහා ප්‍රධාන බැඳුම්කර හිමියන් සමග පසුගිය දා පැවති සාකච්ඡා අසාර්ථක වී ඇති බව වාර්තා වේ. පසුගිය ජූලි 28 සිට අගෝස්තු 01 දක්වා පැවති මෙම සාකච්ඡාවල දී බැඳුම්කර හිමියන්ගේ කණ්ඩායම සමඟ අවසාන එකඟතාවයකට පැමිණීමට නොහැකි වී ඇති බව…

(0)Comments | August 5, 2025 4:44 pm

චාමර්ස් ධාන්‍යාගාර ඉඩමේ මිශ්‍ර ව්‍යාපෘතියකට වත්මන් ආණ්ඩුවත් සැරසෙයි

නාගරික සංවර්ධන අධිකාරියට අයත් කොළඹ කොටුව, ඕල්කට් මාවතේ පිහිටි චාමර්ස් ධාන්‍යාගාරය නමැති අක්කර 09 රූඩ් 02 පර්චස් 31.75 (හෙක්ටයාර් 3.9248) ඉඩම කොළඹ මහ නගර සභා බලප්‍රදේශය සඳහා 2022-2031 කාලපරිච්ඡේදයට අදාළව පිළියෙල කර ඇති සංවර්ධන සැලැස්මේ සංගත මිශ්‍ර සංවර්ධන කලාපය තුළ පිහිටා තිබේ. නේවාසික, සෞඛ්‍ය, කාර්යාල හා ආයතනික, වාණිජ, අධ්‍යාපනික, පාරිභෝගික සේවා මධ්‍යස්ථාන, සංචාරක, විනෝදාත්මක හා…

(0)Comments | August 5, 2025 2:13 pm

ඇමරිකානු විදුලි මෝටර් රථ, තීරුබදු රහිතව ලංකාවට ගෙන්නන්න ඉඩ දෙනවාද? – ඇමති නලින්දගෙන් පිළිතුරු

ඇමරිකාව විසින් එක් එක් රටවල් සඳහා අන්‍යෝන්‍ය තීරුබදු ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සඳහා පවත්නා අනුපාතිකය 30% සිට 20%ක් දක්වා පහත හෙළන බව පසුගිය ජූලි 31 දා නිවේදනය කරනු ලැබීය. මෙම තීරුබදු අඩු කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට යම් කොන්දේසි සඳහා එකඟ වීමට සිදුවී ඇති බවට විවිධ වාර්තා සඳහන් කරන අතර, අද (05) පැවති කැබිනට් තීරණ…

(0)Comments | August 5, 2025 1:56 pm

සංචාරක කර්මාන්තයේ කඩිනම් සංවර්ධන ඉලක්ක ළඟා කර ගැනීමට ජනාධිපති කාර්යසාධක බලකායක්

වර්තමාන රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය අනුව, “නව්‍ය සංචාරක කර්මාන්තයක් – ආකර්ශනීය ගමනාන්තයක්” යටතේ පොහොසත් රටක් නිර්මාණය කිරීමේදී සංචාරක ව්‍යාපාරයේ සංවර්ධනය සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම කෙරෙහි රජයේ ප්‍රමුඛ අවධානයක් යොමු වී ඇත. එම කාර්යයන් වඩාත් ඵලදායීව හා කාර්යක්ෂමව ඉටු කිරීමට හැකි වන පරිදි ජනාධිපති කාර්යසාධක බලකායක් පිහිටුවීමේ අවශ්‍යතාව හඳුනාගනු ලැබ තිබේ. ඒ අනුව, සංචාරක කර්මාන්තයේ කඩිනම් සංවර්ධන…

(0)Comments | August 5, 2025 1:23 pm

Virtual City in Kandy ව්‍යාපෘතියට ශ්‍රී ලංකා ටෙලිකොම් තෝරා ගැනේ

අතථ්‍ය නගර නිර්මාණය කිරීමේ ව්‍යාපෘතියේ (Virtual City Creation Project) නියමු ව්‍යාපෘතියක් ලෙස යුනෙස්කෝ ලෝක උරුමයක් වන ඵෙතිහාසික ශ්‍රී දළදා මාළිගාව ඇතුළත් මහනුවර නගරය, Virtual City in Kandy නමින් නිර්මාණය කිරීම සඳහා හඳුනාගනු ලැබ තිබේ. එම නියමු ව්‍යාපෘතියෙහි පළමු කොටස ලෙස මහනුවර නගරය කේන්ද්‍ර කර ගත් සංචාරක ආකර්ෂණයන් හා සංචාරක විභවයන් සහිත ස්ථානයන් ලෙස ප්‍රමුඛතාව මත…

(0)Comments | August 5, 2025 12:49 pm

සිංගප්පූරුවට කුකුළු මස් නිෂ්පාදන අපනයනය ප්‍රවර්ධනය කරයි

ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) විසින් 2025 අගෝස්තු 1 වන දින සිංගප්පූරු ආහාර ඒජන්සියේ (SFA) නියෝජිත කණ්ඩායමක් සමඟ රැස්වීමක් පවත්වන ලදී. මෙම රැස්වීම කුකුළු මස් නිෂ්පාදනාගාර විගණනයේ ප්‍රගතිය සහ ශ්‍රී ලංකාවේ සිට සිංගප්පූරුව වෙත කුකුළු මස් නිෂ්පාදන අපනයනය  කිරීම සම්බන්ධයෙන් වැඩිදුර සාකච්ඡා කරන ලදී. අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති/ප්‍රධාන විධායක නිලධාරී මංගල විජේසිංහ මහතාගේ මූලිකත්වයෙන්…

(0)Comments | August 5, 2025 12:14 pm

SpaceX – STARLINK හි ශ්‍රී ලංකාවේ බලයලත් අලෙවිකරු ලෙස SINGER පත්වෙයි

ඇමරිකා එක්සත් ජනපදය පදනම් කරගත් SpaceX විසින් ශ්‍රී ලංකාවේ Starlink හි බලයලත් අලෙවිකරු ලෙස මෙරට ප්‍රමුඛතම පාරිභෝගික විදුලි හා ගෘහ උපකරණ අලෙවිකරු වන සිංගර් ශ්‍රී ලංකා සමාගම පත් කළ බව පසුගියදා නිවේදනය කරන ලදී. මෙය  Starlink – සිංගර් සබඳතාවය මඟින් සිදු කරන රට පුරා අන්තර්ජාලය වෙත පිවිසීමේ විප්ලවීය වෙනසක් ලෙස සඳහන් කළ හැකිය. ගෝලීය අභ්‍යාවකාශ…

(0)Comments | August 5, 2025 10:12 am