Top News

2030 වන විට සංචාරක හා ආගන්තුක සත්කාරක කර්මාන්තයේ අටලක්ෂයක පුහුණු ශ්‍රමික අවශ්‍යතාවයක්

වර්ෂ 2030 වන විට සංචාරකයින් මිලියන 05ක් වාර්ෂිකව ශ්‍රී ලංකාව වෙත ආකර්ෂණය කර ගැනීමේ රජයේ උපායමාර්ගික අරමුණ සාක්ෂාත් කර ගැනීම සඳහා, සංචාරක හා ආගන්තුක සත්කාර අංශයේ විවිධ කාණ්ඩවල පුහුණුව ලත් පුද්ගලයින් 800,000කට අධික සංඛ්‍යාවක් අවශ්‍ය වනු ඇතැයි පුරෝකතනය කර ඇත. කෙසේ වුවද, ශ්‍රී ලංකා සංචාරක හා හෝටල් කළමනාකරණ ආයතනය සතු ව දැනට පවතින සම්පත් සීමිත…

(0)Comments | September 16, 2025 3:00 pm

සැප්තැම්බර් මුල් සති දෙකේ දී සංචාරකයින් 75,000ක් ලංකාවට

සැප්තැම්බර් මාසයේ පළමු දින 14 තුළ මෙරටට පැමිණ ඇති සමස්ථ සංචාරකයින් සංඛ්‍යාව 75,000 සීමාව ඉක්මවා ඇති බව සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි. ඔවුන් සිය නවතම දත්ත වාර්තාවන් නිකුත් කරමින් පෙන්වා දෙන්නේ එම කාල සීමාව තුළ මෙරටට පැමිණ ඇති සංචාරකයින් සංඛ්‍යාව 75,358ක් බවයි. ඒ අනුව 2025 වසරේ මේ දක්වා මෙරටට පැමිණ ඇති සමස්ත සංචාරකයින් සංඛ්‍යාව 1,641,881කි. සැප්තැම්බර්…

(0)Comments | September 16, 2025 2:54 pm

කහටගහ පතල ප්‍රතිව්‍යූහගත කිරීමේ පසුගිය රජයේ තීරණය අවලංගුයි

අක්කර 102 ක පමණ භූමි ප්‍රමාණයක පිහිටා ඇති ‍කහටගහ පතල ශ්‍රී ලංකාවේ ගැඹුරුම මිනිරන් පතල වේ. පූර්ණ වශයෙන් රජය සතු සමාගමක් වන කහටගහ ග්‍රැෆයිට් ලංකා ලිමිටඩ් යටතේ මේ වන විට කහටගහ පතල ක්‍රියාත්මක වන අතර, එමඟින්, උසස්ම තත්ත්වයේ මිනිරන් නිෂ්පාදනය කර, අපනයනය කිරීම සිදු කරනු ලබයි. පසුගිය රජය යටතේ කහටගහ ග්‍රැෆයිට් ලංකා ලිමිටඩ් ප්‍රතිව්‍යූහගත කිරීමට…

(0)Comments | September 16, 2025 2:17 pm

ශ්‍රී ලංකාවේ ආර්ථික වැඩපිළිවෙළ පිළිබඳ ලෝක බැංකුවේ ප්‍රසාදය

ශ්‍රී ලංකාවේ දූෂණයෙන් තොර වත්මන් තත්ත්වය ලොවට ගෙන යාමට මැදිහත් වන්න – ජනපති ලෝක බැංකු නියෝජිතයින්ගෙන් ඉල්ලයි දූෂණයෙන් තොර ශ්‍රී ලංකාවේ වත්මන් වැඩපිළිවෙළ පිළිබඳ ලෝක ප්‍රජාව දැනුවත් කිරීමට කටයුතු කරන ලෙසත්, එමඟින් ශ්‍රී ලංකාවට නව ආයෝජන ආකර්ෂණය කර ගැනීමට හැකියාව ලැබෙන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ලෝක බැංකු නියෝජිතයින් හමුවේ පැවසීය. මෙරටට පැමිණ සිටින…

(0)Comments | September 16, 2025 11:42 am

GovPay හරහා සියළු දිස්ත්‍රික් හා ප්‍රාදේශීය ලේකම් කාර්යාල සේවා ඩිජිටල් ගෙවීම් වලින් සවි ගැන්වුන පළමු පළාත බවට දකුණු පළාත පත්වේ

GovPay රාජ්‍ය ඩිජිටල් ගෙවීම් වේදිකාව හා එක්වෙමින් දකුණු පළාත පුරා විහිදී සියළුම දිස්ත්‍රික් හා ප්‍රාදේශීය ලේකම් කාර්‍යාල මාර්ගගත ක්‍රමයට ගෙවීම් පිළිගැනීම ඊයේ, එනම් 2025 සැප්තැම්බර් මස 15 වෙනි දින, ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය, එරංග වීරරත්න මහතාගේ ප්‍රධානත්වයෙත් මාතර දිස්ත්‍රික් ලේකම් කාරයාලයේ දී ආරම්භ විය. ඒ අනුව, GovPay හරහා, පළාතක් යටතේ එන සියළුම දිස්ත්‍රික් හා ප්‍රාදේශීය…

(0)Comments | September 16, 2025 11:17 am

2026 දී 6%ක ආර්ථික වර්ධන ඉලක්කයක්

2026 දී ශ්‍රී ලංකාව සිය ආර්ථික වර්ධනය 6% දක්වා ඉහළ නැංවීමට ඉලක්ක කර ගෙන ඇති බව ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා පවසයි. රොයිටර් පුවත් සේවය සමඟ පැවති සම්මුක සාකච්ඡාවකට එක් වෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා පවසා සිටියේ, 2024 දී ශ්‍රී ලංකාව 5% ක ආර්ථික වර්ධනයක් වාර්තා කළ නමුත් අයවැය සම්මත කිරීම ප්‍රමාද වීම නිසා…

(0)Comments | September 16, 2025 10:48 am

අගෝස්තු මාසයේ නිෂ්පාදන සහ සේවා ක්‍රියාකාරකම්වල වර්ධනයක්

2025 අගෝස්තු මාසයේ දී ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශක මගින් නිෂ්පාදන සහ සේවා ක්‍රියාකාරකම්වල වර්ධනයක් පෙන්නුම් කරයි. නිෂ්පාදන අංශයේ ශ්‍රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය 2025 අගෝස්තු මාසයේ දී දර්ශකාංක 55.2ක අගයක් වාර්තා කළේය. මෙමගින් පසුගිය මාසයට සාපේක්ෂව අඩු වේගයකින් වුවද නිෂ්පාදන කටයුතුවල වර්ධනයක් පිළිබිඹු කරනු ලැබීය. මෙහිදී,  සියලුම උප දර්ශක කඩඉම් මට්ටමට වඩා ඉහළ අගයක පැවතුනි. අගෝස්තු…

(0)Comments | September 16, 2025 8:50 am

2025 දෙවන කාර්තුවේ දී ශ්‍රී ලංකා ආර්ථිකයේ 4.9%ක වර්ධනයක්

පසුගිය කාර්තු හතක කාලය තුළ පැවති හිතකර ආර්ථික තත්ත්වයන්ගෙන් ප්‍රතිලාභ ලබමින්, ශ්‍රී ලංකා ආර්ථිකය 2025 දෙවන කාර්තුව සඳහා ද සියයට 4.9 ක ධනාත්මක වර්ධනයක් වාර්තා කර ඇත. අඛණ්ඩව අටවන වරටත් වාර්තාවී ඇති මෙම ධනාත්මක ආර්ථික වර්ධනය මගින් කලින් පැවති ආර්ථික පසුබෑමේ අඛණ්ඩ ප්‍රකෘතිමත් වීම ඉස්මතු කරයි. වාහන ආනයන සීමා ඉවත් කිරීමට සාපේක්ෂව අඩු මට්ටමක පැවති…

(0)Comments | September 15, 2025 4:50 pm

සංචාරකයින්ගේ පැමිණීම වැඩිවුණත් ලැබෙන ආදායම වැඩිවෙලා නැහැ

මේ වන විට ශ්‍රී ලංකාවට පැමිණෙන විදෙස් සංචාරකයින්ගේ ක්‍රමික වර්ධනයක් දක්නට හැකි වුවද, සංචාරක ඉපැයීම්වලින් එම වර්ධනීය ප්‍රවණතාව පිළිබිඹු නොවන බවක් නිරීක්ෂණය වේ. ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ දත්ත වාර්තාවලට අනුව 2025 අගෝස්තු මාසයේ දී මෙරටට පැමිණ ඇති විදෙස් සංචාරකයින් සංඛ්‍යාව 198,235කි. මෙය 2024 වසරේ මෙටට පැමිණ තිබෙන 164,609 ක්වූ සංචාරකයින් සංඛ්‍යාව හා සැසඳීමේ දී…

(0)Comments | September 15, 2025 4:28 pm

රු. බිලියන 3 1/2ක කොළඹ දැවැන්ත ඉඩම් ගනුදෙනුවක්

කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත සමාගමක් වන ප්‍රයිම් ලෑන්ඩ්ස් රෙසිඩන්සීස් පිඑල්සී විසින් කොළඹ බම්බලපිටියේ දුම්රියපල පාරේ, අංක 25/3 දරන ස්ථානයේ පිහිටි භූමිභාගයෙහි හිමිකාරීත්වය අත්පත් කර ගනු ලැබූ බව නිවේදනය කර සිටී. අක්කරයක් ඉක්ම වූ මෙම ඉඩම, පසුගිය සැප්තැම්බර් 12 වන දින සම්පත් බැංකුව විසින් පවත්වන ලද ප්‍රසිද්ධ වෙන්දේසියක දී ප්‍රයිම් ලෑන්ඩ්ස් රෙසිඩන්සීස් විසින් අත්පත් කර ගෙන…

(0)Comments | September 15, 2025 1:19 pm