Top News

අම්බානිගේ සහායෙන් ඇමරිකාවට දැවැන්ත තෙල් පිරිපහදුවක්. ඩොලර් බිලියන 300ක ආයෝජනයක්

වසර 50කට පසුව ඇමරිකා එක්සත් ජනපදයේ ඉදිකෙරෙන පළමු ප්‍රධාන නව තෙල් පිරිපහදුව ඉදිකිරීමට සූදානම් බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි. සිය Truth සමාජ මාධ්‍යයෙහි සටහනක් තබමින් ට්‍රම්ප් ජනාධිපතිවරයා පවසන්නේ ප්‍රකෝටිපති ඉන්දීය ව්‍යාපාරික මුකේෂ් අම්බානිගේ රිලයන්ස් ඉන්ඩස්ට්‍රීස් හි ආයෝජන මත පදනම්ව මෙම පිරිපහදුව ස්ථාපිත කෙරෙනු ඇති බවයි. ඉන්දියාවේ විශාලතම පුද්ගලික බලශක්ති සමාගම වන රිලයන්ස් ඉන්ඩස්ට්‍රීස් සමඟ සිදුකරන…

(0)Comments | March 11, 2026 3:23 pm

කොටස් වෙළෙඳපොළ කෑගල්ලට

නව ශාඛාවක් විවෘත කරමින් කොළඹ කොටස් හුවමාරුව කෑගල්ල ප්‍රදේශයට ප්‍රාග්ධන වෙළෙඳපොළ අවස්ථා උදා කරයි කොළඹ කොටස් හුවමාරුවේ ශාඛා ජාලය තවත් ශක්තිමත් කරමින් එහි කෑගල්ල ශාඛාව නිල වශයෙන් විවෘත කරන ලදී. ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ඩී.බී.පී.එච්. දිසාබණ්ඩාර, කොළඹ කොටස් හුවමාරුවේ අධ්‍යක්ෂ කෝසල ගමගේ සහ ප්‍රධාන විධායක නිලධාරී රජීව බණ්ඩාරනායක යන…

(0)Comments | March 11, 2026 2:43 pm

රජයට අයත් වාණිජමය නොවන ආයතන 124ක් සම්බන්ධයෙන් සාකච්ඡාවක්

රජයට අයත් වාණිජමය නොවන ආයතන පිළිබඳ අමාත්‍ය මණ්ඩල තීරණය ක්‍රියාත්මක කිරීම අධීක්ෂණයට පත් කළ නිලධාරි කමිටුව ජනපති හමු වෙයි රජයට අයත් වාණිජමය නොවන ආයතන පිළිබඳව 2025.03.17 දින අමාත්‍ය මණ්ඩලය විසින් ගන්නා ලද තීරණය ක්‍රියාත්මක කිරීම අධික්ෂණයට අග්‍රාමාත්‍ය ලේකම්ගේ සභාපතිත්වයෙන් පත් කළ නිලධාරි කමිටුව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (10) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී රැස්…

(0)Comments | March 11, 2026 2:27 pm

නව ආර්ථික අවස්ථාවලින් උපරිම ප්‍රයෝජන ගනිමින් ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීමට එක්වන්න – COYLE 2026 වාර්ෂික මහා සභා රැස්වීමට එක්වෙමින් ජනපති පවසයි

තනි තනිව නොව සාමුහිකව කටයුතු කරමින් මැදපෙරදිග යුද තත්ත්වය හමුවේ ආර්ථිකයට එල්ල වී ඇති බාහිර අභියෝගය ජය ගනිමු විද්‍යාවේ සහ තාක්ෂණයේ දියුණුව විසින් මේ යුගයේ අත්පත් කරගෙන තිබෙන ආර්ථිකය ශ්‍රී ලංකාව තුළ ගොඩනැගීම වත්මන් රජයේ අරමුණ බවත් එම නව ආර්ථික අවස්ථාවලින් උපරිම ප්‍රයෝජන ගනිමින් ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීමට එක්වන ලෙස සියලු ව්‍යාපාරික ප්‍රජාවට ඇරයුම් කරන…

(0)Comments | March 11, 2026 1:17 pm

ආර්ථික ආවේක්ෂණ කමිටුව රැස් වෙයි

බාහිර බලපෑම් හමුවේ ශ්‍රී ලංකාවේ ආර්ථික ස්ථාවරත්වය සුරක්ෂිත කිරීමට සහ පුරවැසියන්ගේ සුභසාධනය ආරක්ෂා කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ යෝජනාවකට අනුව පිහිටුවන ලද ආර්ථික ආවේක්ෂණ කමිටුව ඊයේ (10) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී රැස් විය. මුදල් සහ ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය සහ කම්කරු අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතාගේ සභාපතිත්වයෙන් යුත් මෙම කමිටුවේ ලේකම් සහ කැඳවුම්කරු ලෙස ජනාධිපති…

(0)Comments | March 11, 2026 1:11 pm

ශ්‍රී ලංකාවට ගෙන්වන බොරතෙල් වර්ගයේ මිල ගිය සතියටත් වඩා අඩුවෙයි

පසුගිය සඳුදා (09) දිනයේ දී ගෝලීය බොරතෙල් මිල මෑත කාලයේ වාර්තා වූ ඉහළම මිල සනිටුහන් කරමින් බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල ඩොලර් 118.60ක් දක්වා ඉහළ ගියේය. මෙලෙස බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල ඩොලර් 100 සීමාව ඉක්මවා ගොස් තිබුණේ වසර 3 1/2ක පමණ කාලයකින් පසුව වීම විශේෂත්වයකි. මේ අතර ශ්‍රී ලංකාවට ආනයනය කරනු ලබන බොරතෙල් වර්ගය වන මර්බන්…

(0)Comments | March 11, 2026 11:31 am

මෙරට ආර්ථිකය යථා තත්ත්වයට පත්කිරීමට සහ ස්ථාවර කිරීමට ශ්‍රී ලංකාව දරන උත්සාහයන් ADB සභාපතිගේ පැසසුමට

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය සහ ආසියානු සංවර්ධන බැංකුවේ (ADB) සභාපති Masato Kanda මහතා අතර හමුවක් පසුගිය ද‍ා පැවැත් වූණි. ඒ ආසියානු සංවර්ධන බැංකුවේ (ADB) ආරාධනයකට අනුව අග්‍රාමාත්‍යතුමිය විසින් පිලිපීනයේ මැනිලා නුවර සිදු කළ නිල සංචාරය අතරතුර දී යි. එහි දී ශ්‍රී ලංකාව සහ ආසියානු සංවර්ධන බැංකුව අතර ශක්තිමත් හවුල්කාරිත්වය දෙපාර්ශවයම නැවත වරක් තහවුරු කළ…

(0)Comments | March 11, 2026 9:20 am

කොටස් වෙළෙඳපොළේ කැපීපෙනෙන වර්ධනයක්. ඒකක 474කින් ඉහළට

අද (10) දින ගනුදෙනු අවසානයේ දී කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය ඒකක 474.38ක කැපීපෙනෙන වර්ධනයක් අත්පත් කර ගැනීමට සමත් විය. ඊයේ (09)  දින ඒකක 797.77 ක කඩා වැටීමකින් පසු, අද (10) දිනයේ දී මෙයාකාර වර්ධනයක් වාර්තා කිරීම ආයෝජකයින් හට යම් අස්වැසිල්ලක් ගෙන දීමට සමත් වූ කරුණකි. මේ අතර S&P SL20 දර්ශකය ඒකක 151.56කින්…

(0)Comments | March 10, 2026 5:15 pm

රේගුවට Oracle Exadata පද්ධතිය සැපයීමේ කොන්ත්‍රාත්තුව රු. බිලියන 2කට Millennium ITESP වෙත

ශ්‍රී ලංකා රේගුව වෙත Oracle Exadata X11M පද්ධතිය හා ඊට අදාළ මෘදුකාංග බලපත්‍ර සැපයීම සඳහා යෝග්‍ය ආයතනයක් තෝරා ගැනීම පිණිස වන ප්‍රසම්පාදනය ක්‍රියාත්මක කිරීම සඳහා 2024 අගෝස්තු 21 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී අනුමැතිය ලබා දී ඇත. ඒ අනුව, ජාතික තරඟකාරී ලංසු කැඳවීමේ ක්‍රමවේදය අනුගමනය කරමින් ලංසු කැඳවා ඇති අතර, ඒ සඳහා ලංසු 03ක්…

(0)Comments | March 10, 2026 2:46 pm

මැදපෙරදිග යුද්ධයෙන් ශ්‍රී ලංකාවට ඇති ආර්ථික බලපෑම සමාලෝචනයට ආර්ථික ආවේක්ෂණ කමිටුවක්

මේ වන විට මැදපෙරදිග කලාපයේ පවතින යුධමය තත්ත්වය හේතුවෙන් ආර්ථිකයට අයහපත් බලපෑම් ඇති විය හැකි අස්ථාවර ගෝලීය පරිසරයක් නිර්මාණය වී ඇත. ඉතා කුඩා විවෘත ආර්ථිකයක් වශයෙන් ශ්‍රී ලංකාව බලශක්ති ආනයනය, මැදපෙරදිග කලාපයේ සේවය කරන විදේශගත ශ්‍රමිකයන්ගෙන් ලැබන මුදල් ප්‍රේෂණ සහ එම කලාපය සමඟ ඇති වානිජ හා අයෝජන සම්බන්ධතා මත රඳා පැවතීම හේතුවෙන් බාහිර ආර්ථික කම්පනවලට නිරාවරණය…

(0)Comments | March 10, 2026 2:28 pm