May, 29, 2026
කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත මූල්‍ය සමාගමක් වන HNB ෆිනෑන්ස් පීඑල්සී හි දෙවැනියට විශාලතම කොටස් හිමියා වූ PRIME LANDS (PVT) LTD විසින් සිය සම්පූර්ණ කොටස් හිමිකාරීත්වය අද (29) පෙරවරුවේ දී අලෙවි කර ඇති බව කොටස් වෙළෙඳපොළ ආරංචි මාර්ග සඳහන් කරයි.
HNB ෆිනෑන්ස් පීඑල්සී හි කොටස් ප්‍රාග්ධනයෙන් 23.29%ක්, එනම් කොටස් මිලියන 400ක්, PRIME LANDS (PVT) LTD සතුව පැවති අතර එක් කොටසක් රු. 8.80 බැගින් එහිදී අලෙවි කර ඇති බව වාර්තා වේ.
ඒ අනුව මෙම ගනුදෙනුවේ සම්පූර්ණ වටිනාකම රු. බිලියන 3.52ක් ලෙසින් සටහන්ව ඇත.
ඡායාරූපය - බී. ප්‍රේමලාල් මහතා PRIME LANDS (PVT) LTD හි සභාපතිවරයා වන අතර ඔහු HNB ෆිනෑන්ස් පීඑල්සී හි අධ්යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු ද විය.
Video Story