ඕස්ට්‍රේලියාවේ සිඩ්නි ගුවන්තොටුපොළෙහිදී ශ්‍රීලංකන් ගුවන් සේවය සඳහා බිම් මෙහෙවර සේවා සැපයීම සඳහා පැවති කොන්ත්‍රාත්තුව 2026-04-30 වන දිනෙන් අවසන් වී ඇත. එබැවින්, එම සේවාව සැපයීම සඳහා කොන්ත්‍රාත්කරුවෙකු තෝරා ගැනීම පිණිස සීමිත ජාත්‍යන්තර තරගකාරී ප්‍රසම්පාදන ක්‍රමවේදය යටතේ ලංසු කැඳවා තිබේ. ඒ සඳහා ලංසු 03ක් ලැබී ඇත. එකී ලංසු ඇගයීමෙන් අනතුරුව ඉහළ මට්ටමේ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුව විසින් ඉදිරිපත්…
2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත බලාත්මක වීමෙන් අනතුරුව, මේ වන විට වසර 15ක් පමණ ගත වී ඇති අතර, එම කාලය තුළ දේශීය සහ ගෝලීය මූල්‍ය පසුබිම තුළ සැලකිය යුතු වෙනස්කම් සිදු වී තිබේ. එබැවින්, මුදල් සමාගම් අංශය පාලනය කරන නියාමන රාමුව සමාලෝචනය කිරීමේ සහ ශක්තිමත් කිරීමේ අවශ්‍යතාව පැන නැගී ඇත. ඒ අනුව, විශේෂයෙන්ම…
ප්‍රයිම් මෙල්වා පෝර්ට් සිටි (ප්‍රයිවට්) ලිමිටඩ් සහ හෝම් ලෑන්ඩ් පෝර්ට් සිටි (ප්‍රයිවට්) ලිමිටඩ් විසින් පිළිවෙලින් ඇමෙරිකානු ඩොලර් මිලියන 127.6ක් සහ ඇමෙරිකානු ඩොලර් මිලියන 150.0ක් ආයෝජනය කරමින් කොළඹ වරාය නගරය තුළ අති සුඛෝපභෝගී නේවාසික කුලුනක් සහ පරිසර හිතකාමී සුඛෝපභෝගී නිවුන් නේවාසික කුලුනක් ඉදිකිරීමට සැලසුම් කර තිබේ. එම ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම මඟින් රැකියා අවස්ථා 1,170ක් පමණ අලුතින් නිර්මාණය…
පුනර්ජනනීය බලශක්ති ධාරිතාව පුළුල් කිරීමේ සහ පෞද්ගලික අංශයේ සහභාගිත්වය ප්‍රවර්ධනය කිරීමේ රජයේ උපායමාර්ගික දැක්මෙහි කොටසක් ලෙස නව්‍ය ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේ ආකෘතියක් යටතේ සංවර්ධනය කරනු ලැබිය යුතු ප්‍රමුඛතා ව්‍යාපෘතියක් වශයෙන් කොන්ඩච්චි සුළං විදුලි ව්‍යාපෘතිය හඳුනා ගනු ලැබ ඇත. අතිනවීන බැටරි බලශක්ති ගබඩා පද්ධතියක් සමඟ සම්බන්ධ කෙරෙන මෙගාවොට් 150ක සුළං විදුලි බලාගාරයකින් සමන්විත යෝජිත ව්‍යාපෘතිය මඟින් අතථ්‍ය…
අපනයන තරගකාරිත්වය වැඩිදියුණු කිරීම සහ අපනයනය මූලික කර ගත් තිරසර ආර්ථික වර්ධනයක් සඳහා ජාතික ප්‍රමුඛතාවක් ලෙස ජාතික අපනයන සංවර්ධන සැලැස්ම සකස් කිරීම සඳහා 2025 අයවැය මඟින් යෝජනා කරන ලදී. ඒ අනුව, ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය විසින් අපනයන ක්ෂේත්‍රයට සම්බන්ධ රාජ්‍ය හා පෞද්ගලික අංශයේ පාර්ශ්වකරුවන් සමඟ එක්ව, ආසියානු සංවර්ධන බැංකුවේ ප්‍රතිපත්ති පාදක ණය වැඩසටහන යටතේ තාක්ෂණික…
දකුණු ආසියාවේ පළමු පූර්ණ ඒකාබද්ධ නිකේතනය වන City of Dreams Sri Lanka මෙරට සංචාරක ක්ෂේත්‍රයේ නව පෙරලියක් සිදු කරමින් සිටින්නේ සියලු පාරිභෝගිකයින් වෙත විශිෂ්ට සේවාවක් සලසා දෙමිනි. මෙහි අති සුඛෝපභෝගී ‘Nüwa’ සහ ‘Cinnamon Life’ යන සුවිශේෂී අත්දැකීම් ද්විත්වයම එකම ජාත්‍යන්තර මට්ටමේ ගමනාන්තයක් තුළට ඒකාබද්ධ කර ඇත. ජෝන් කීල්ස් හෝල්ඩින්ග්ස් (JKH) සහ මෙල්කෝ රිසෝර්ට්ස් එක්ව සිදු…
සුළි කුණාටුවෙන් පීඩාවට පත් නුවරඑළිය සහ බදුල්ල දිස්ත්‍රික්කවල එළවළු නිෂ්පාදන පද්ධති යළි ගොඩනැගීම සහ දේශගුණික බලපෑම්වලට ඔරොත්තු දෙන ලෙස පරිවර්තනය කිරීම සඳහා වූ ඕස්ට්‍රේලියානු ඩොලර් මිලියන 2ක (ඇමෙරිකානු ඩොලර් මිලියන 1.4ක) වටිනාකමකින් යුත් ආධාර වැඩසටහනක් කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශය, ඕස්ට්‍රේලියානු රජය සහ එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය (FAO) විසින් දියත් කරන…
හේලීස් පීඑල්සී හි පසුගිය දා සිදුකෙරුණු හිමිකම් කොටස් නිකුතුවේ (Rights Issue) දී සමාගමේ අධ්‍යක්ෂවරුන් විසින් හිමිකම් කොටස් සඳහා දායකත්වය ලබා දුන් ආකාරය අනාවරණය වී තිබේ. ඒ අනුව සමාගමේ පාලක කොටස් හිමියා වන ප්‍රකෝටිපති ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා කොටස් 22,955,818කට දායකත්වය ලබා දී ඇත. මෙහිදී එක් කොටසක් නිකුතු කරන ලද්දේ රු. 200 බැගින් වන අතර ඒ…
2026 අප්‍රේල් මාසයේ දී ශ්‍රී ලංකාවට පැමිණ ඇති විදෙස් සංචාරකයින්ගේ සංඛ්‍යාව 135,643ක් බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය නිවේදනය කර සිටී. මෙය 2025 අප්‍රේල් මාසයේ පැමිණ තිබූ 174,608ක සංචාරකයින් ප්‍රමාණය හා සැසඳීමේ දී 22.3%ක පහළ යාමකි. මේ අනුව 2026 මුල් මාස 04 තුළ දී ශ්‍රී ලංකාවට පැමිණ ඇති සමස්ත විදෙස් සංචාරකයින් සංඛ්‍යාව 876,277ක් වේ. 2026…
කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකවල කැපීපෙනෙන ඉහළ යාමක් අද (04) දිනයේ දී වාර්තා වුණි. එහිදී සියලු කොටස් මිල දර්ශකය ඒකක 145.47කින් ඉහළ ගොස් දිනයේ ගනුදෙනු අවසානයේ දී ඒකක 22,695ක් ලෙසින් සටහන් වුණු අතර S&P SL20 දර්ශකය ඒකක 37.08කින් ඉහළ ගොස් ඒකක 6,244.64ක් ලෙසින් වාර්තා විය. මේ අතර රු. බිලියන 4.80ක ගනුදෙනු පිරිවැටුමක් දිනය තුළ වාර්ත…
Video Story