භාණ්ඩාගාර බිල්පත් සඳහා ආයෝජක උනන්දුව පහළට. ඊයේ වෙන්දේසියේ සාර්ථකත්වය 48%යි

    May, 21, 2026

    රාජ්‍ය ණය කළමනාකරණ කාර්යාලය විසින් ඊයේ (20) දින කැඳවා තිබූ භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියේ සාර්ථකත්වය 48%ක් පමණක් බව වාර්තා වේ.

    සමස්තයක් ලෙස මෙම වෙන්දේසිය රු. මිලියන 140,000ක බිල්පත් ප්‍රමාණයක් ඉදිරිපත් කර තිබුණ ද එහි දී ලංසු පිළිගෙන ඇත්තේ රු. මිලියන 67,337ක වටිනාකමකින් යුතු භාණ්ඩාගාර බිල්පත් ප්‍රමාණයකට පමණි.

    රාජ්‍ය ණය කළමනාකරඛ කාර්යාලය පවසන්නේ රු. මිලියන 232,291 ක ලංසු ප්‍රමාණයක් මෙම වෙන්දේසියේ දී ලැබී තිබුණු බවයි.

    මෙම වෙන්දේසියේ දී දින 91 භාණ්ඩාගාර බිල්පත් ඵලදා අනුපාතිකය 8.13% සිට 8.18%ක් දක්වා පදනම් අංක 5කින් ඉහළ ගොස් තිබුණු අතර දින 182 බිල්පත් ඵලදා අනුපාතිකය 8.23% සිට 8.25%ක් දක්වා පදනම් අංක 2කින් ඉහළ ගොස් තිබුණි. දින 364 බිල්පත් අනුපාතිකය 8.49% මට්ටමේම නොවෙනස්ව පැවති බව වාර්තා වේ.

    මේ පිළිබඳව සටහනක් පහතින් දැක්වේ.