Top News

හෙළPay ඩිජිටල් ගනුදෙනු රු. බිලියන 5 සීමාව පසුකරයි

ශ්‍රී ලාංකී​ය අනන්‍යතාවය ලොවට ගෙන ගිය හෙළකුරු SuperApp එක හරහා හඳුන්වා දුන් හෙළPay ඩිජිටල් ගෙවීම් ක්‍රමවේදය, ඉතා කෙටි කලක් තුළ රුපියල් බිලියන 5 ක මුළු ගනුදෙනු වටිනාකම පසු කරමින් මෙරට මූල්‍ය තාක්ෂණ (FinTech) ක්ෂේත්‍රයේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කර ඇත. 2021 වසරේ හඳුන්වාදුන් හෙළPay රුපියල් බිලියනයේ කඩඉම පසු කිරීමට වසර දෙකක් වැනි කාලයක් ගත වූව ද,…

(0)Comments | April 30, 2026 12:52 pm

රුපියල තවත් පහළට. ඩොලරය රු. 319 සීමාව ඉක්මවයි

එක්සත් ජනපද ඩොලරයක මධ්‍ය අගය අද (30) දිනයේ දී රු. 319 සීමාව ඉක්මවා ගොස් තිබේ. මෙලෙස ඩොලරයේ මිල රු. 319 සීමාව ඉක්මවා ගොස් ඇත්තේ 2024 ජනවාරි 26 දිනෙන් පසු පළමු වතාවට අද (30) දිනයේ දීය. ඒ අනුව අද දිනයේ දී ඩොලරයේ ගැනුම් සහ විකුණුම් මිල ගණන් පිළිවෙලින් රු. 315.87 ක් හා රු. 323.80ක් ලෙසින් වාර්තා…

(0)Comments | April 30, 2026 12:40 pm

HSBC ශ්‍රී ලංකාවේ අවසන් දිනය අදයි. බැංකු ශාඛා, ATM සවස 3ට වැසේ. ෆේස්බුක් පිටුවත් අදින් පසු නැහැ

HSBC බැංකුව විසින් මෙරට පවත්වාගෙන යනු ලැබූ පාරිභෝගික බැංකු කටයුතු අද (30) දිනෙන් පසු අවසන් කෙරෙනු ඇත. ඒ නේෂන් ට්‍රස්ට් බැංකුව විසින් HSBC බැංකුවේ මෙරට පාරිභෝගික බැංකු කටයුතු අංශය අත්පත් කර ගැනීමේ ක්‍රියාවලිය අවසන් වීමත් සමඟම, HSBC මෙරට පාරිභෝගික බැංකු කටයුතු නිල වශයෙන් අවසන් කිරීම අද (30) දිනයේ දී සිදුකෙරෙන බැවිනි. හොංකොං ඇන්ඩ් ෂැංහයි බැංකු…

(0)Comments | April 30, 2026 10:43 am

බ්‍රෙන්ට් බොරතෙල් මිල ඩොලර් 125 ඉක්මවයි

ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල ගණන් අද (30) දිනයේ දී සීඝ්‍ර ඉහළ යාමක් වාර්තා කර ඇත. ඒ අනුව ශ්‍රී ලංකා වේලාවෙන් අද පෙරවරු 10.30 පමණ වන විට බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල ඩොලර් 125 සීමාව ඉක්මවා ගොස් තිබුණු අතර ඩොලර් 125.15ක් ලෙසින් ඒ වන විට මිල වාර්තා වී තිබුණි. එය පෙර දිනයට සාපේක්ෂව 7.12%ක විශාල ඉහළ යාමකි….

(0)Comments | April 30, 2026 10:27 am

සිංගර් වෙතින් දැවැන්ත ආයෝජනයක්. රු. කෝටි 63කට ACME කර්මාන්තශාලාව මිල දී ගනී

සිංගර් (ශ්‍රී ලංකා) පීඑල්සී විසින්, සිය දේශීය නිෂ්පාදන ධාරිතාව සැලකිය යුතු ලෙස ඉහළ නැංවීමේ පියවරක් ලෙස ACME ප්‍රින්ටින් ඇන්ඩ් පැකේජින් පීඑල්සී (ACME Printing and Packaging PLC) සමාගමට අයත් කර්මාන්තශාලා පරිශ්‍රය මිලදී ගැනීම සඳහා විකුණුම් හා මිලදී ගැනීමේ ගිවිසුමකට එළඹ තිබේ. ඊයේ (28) දින අත්සන් කරන ලද මෙම ගිවිසුමට අනුව, පිළියන්දල, ගෝනමඩිත්ත පාරේ, අංක 345 දරන…

(0)Comments | April 29, 2026 4:06 pm

අධිවේගයේ යන්න ලංගමයට අලුත්ම සුඛෝපභෝගී බස් 200ක්

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය විසින් අධිවේගී මාර්ගවල ධාවනය සඳහා නවතම සුඛෝපභෝගී බස් 200ක් මිල දී ගැනීම සඳහා ලංසු කැඳවීමට කටයුතු කර ඇත. මීට අදාළව පූර්ව ලංසු කැඳවීමේ හමුවක් හෙට (30) දිනයේ දී පැවැත්වෙන ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය දන්වා සිටී.

(0)Comments | April 29, 2026 3:21 pm

ජනශක්ති ලිමිටඩ් කොටස් වෙළෙඳපොළ ගනුදෙනු අද ඇරඹෙයි

කොළඹ කොටස් වෙළෙඳපොළට පිවිසි නවතම සමාගම වන ජනශක්ති ලිමිටඩ් හි ද්වීතියික කොටස් වෙළෙඳපොළ ගනුදෙනු අද (29) පෙරවරුවේ දී ආරම්භ විය. ඒ වෙනුවෙන් කොළඹ කොටස් වෙළෙඳපොළ දෛනික ගනුදෙනු ආරම්භ කිරීමේ සම්ප්‍රදායික සීනුව නාද කිරීමේ ඉසව්වක් සංවිධානය කර තිබූ අතර ඊට ජනශක්ති සමූහයේ නිර්මාතෘ චන්ද්‍රා ෂාෆ්ටර්, සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් ඇතුළු ඉහළ කළමනාකාරීත්වය සහ කොළඹ කොටස් වෙළෙඳපොළ…

(0)Comments | April 29, 2026 1:42 pm

ඩොලරය රු. 318 සීමාව ඉක්මවයි

එක්සත් ජනපද ඩොලරයක මධ්‍ය අගය හෙවත් නිරූපිත එතැන් විනිමය අනුපාතිකය (Indicative Rate of the USD/LKR Spot Exchange Rate) අද (29) දිනයේ දී රු. 318.69ක් බව ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහන්වලට අනුව වාර්තා වේ. ඒ අනුව අද දින ඩොලරයේ ගැනුම් මිල රු. 315.54 ක් හා විකුණුම් මිල රු. 323.26ක් ලෙසින් සටහන්ව ඇත.

(0)Comments | April 29, 2026 12:21 pm

රු. 10 කොටසක් රු. ලක්ෂයකට විකුණන්න හදලා. IPO කොටස් පළමු දිනයේ විකිණීමේ දී නව නීති

මූලික මහජන කොටස් නිකුතුවක් (IPO) හරහා කොටස් වෙළෙඳපොළට පිවිසි වෙල්ත්ට්‍රස්ට් සිකියුරිටීස් සමාගමේ ද්විතියීක කොටස් ගනුදෙනු ඇරඹි පළමු දිනයේ (2026 ජනවාරි 07) වාර්තා වූ ආන්දෝලනාත්මක සිදුවීමත් සමඟින්, මූලික මහජන කොටස් නිකුතුවකින් (IPO) ලබා ගන්නා කොටස්, පළමු ගනුදෙනු දිනයේ දී විකිණීමේ දී නව ක්‍රියාමාර්ග ගෙන ඇති බව වාර්තා වේ. මේ සම්බන්ධයෙන් අද දෙරණ Business කළ විමසීමක දී…

(0)Comments | April 29, 2026 12:20 pm

අනුරාධපුර දිස්ත්‍රික්කයේ සුළි කුණාටුවෙන් පීඩාවට පත් වූ වී ගොවීන්ට FAO සංවිධානයෙන් පොහොර සහනාධාර

දිට්වා සුළි කුණාටුවෙන් වගාබිම් හානියට පත් වූ අනුරාධපුර දිස්ත්‍රික්කයේ කුඩා පරිමාණ වී ගොවීන්ට සහාය වීම සඳහා පොහොර සහනාධාර වැඩසටහනක් ආරම්භ කිරීමට එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය (FAO) පියවර ගෙන ඇත. ශ්‍රී ලංකාවේ ඉදිරි යල කන්නය වෙනුවෙන් නියමිත වේලාවට ඔවුන්ගේ නිෂ්පාදන කටයුතු යථා තත්ත්වයට පත් කර ගැනීමට සහාය වීම මෙහි අරමුණයි. ඇමෙරිකානු ඩොලර් 300,000ක වටිනාකමකින්…

(0)Comments | April 29, 2026 11:13 am

Video Story

Stock Market

Exchange Rates