May, 19, 2026
ශ්‍රී ලංකාවේ මුදල් විශුද්ධිකරණය වැළැක්වීම/ත්‍රස්තවාදයට මුදල් සැපයීම මැඩපැවැත්වීමේ අවශ්‍යතාවල ඵලදායිතාවය ඉහළ නැංවීම සඳහා වන ක්‍රියාකාරී සැලැස්මේ එක් පියවරක් ලෙස ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාව විසින් විදේශීය පාර්ශ්වකරුවන් සමඟ තොරතුරු හුවමාරු කර ගැනීම පිණිස වන යාන්ත්‍රණයක් සකස් කිරීමට පියවර ගත යුතුව තිබේ.
ඒ අනුව, ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාව විසින් ආසියානු කලාපය තුළ රක්ෂණ අධීක්ෂණ බලධාරින් අතර ඵලදායි සහයෝගිතාවක් සහ සම්බන්ධීකරණයක් සහතික කිරීම සඳහා පිහිටුවනු ලැබ ඇති, හොංකොං රක්ෂණ අධිකාරියේ ප්‍රධානත්වයෙන් යුත් AIA සමූහ අධීක්ෂණ මණ්ඩලයේ සාමාජිකත්වය ලබා ගැනීමට සැලසුම් කර ඇත. එම සාමාජිකත්වය ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාව විසින් හොංකොං රක්ෂණ අධිකාරිය සමඟ සම්බන්ධීකරණ ගිවිසුමකට එළඹීම අවශ්‍ය වේ.
එකී ගිවිසුම මඟින් AIA සමූහයේ අධීක්ෂණ මණ්ඩලයේ සාමාජිකත්වය ලබා ඇති අනෙකුත් රක්ෂණ නියාමන/අධීක්ෂණ ආයතන සමඟ අධීක්ෂණ තොරතුරු ඵලදායි ලෙස හුවමාරු කර ගැනීමට ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාවට අවස්ථාව හිමිවනු ඇත. ඒ අනුව, ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාව විසින් AIA සමූහයේ අධීක්ෂණ මණ්ඩලයේ සාමාජිකත්වය ලබා ගැනීම සඳහා හොංකොං රක්ෂණ අධිකාරිය සමඟ AIA සමූහයේ සම්බන්ධීකරණ ගිවිසුමට එළඹීම පිණිස මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
Video Story