ඩොලරයේ විකුණුම් මිල අද රු. 338 ඉක්මවයි

    May, 19, 2026

    ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව අද (19) දින එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 328.23ක් ලෙසත් විකුණුම් මිල රු. 338.07ක් ලෙසත් වාර්තා වී තිබේ.

    අද දින වාර්තා වී තිබෙන මෙම විනිමය අනුපාතිකයන් 2023 මාර්තු 20 දිනෙන් පසු වාර්තා වී තිබෙන ඉහළම ගැනුම් සහ විකුණුම් මිල ගණන් වේ.

    මේ අතර අද දිනයේ මෙරට ප්‍රමුඛ වානිජ බැංකු කිහිපයක් විසින් ප්‍රකාශයට පත් කර ඇති එක්සත් ජනපද ඩොලරයේ ගැනුම් සහ විකුණුම් මිල ගණන් පහත පරිදි විය.

    ලංකා බැංකුව: 328.5000| 337.5000

    මහජන බැංකුව: 331.3820| 340.4327

    කොමර්ෂල් බැංකුව: 330.50| 339.50

    හැටන් නැෂනල් බැංකුව: 330.75| 339.25

    සම්පත් බැංකුව: 330.50| 339.50

    සෙලාන් බැංකුව: 328.00| 338.00

    නේෂන්ස් ට්‍රස්ට් බැංකුව: 327.47| 338.53

    NDB: 328.50| 337.50

    DFCC:330.25| 339.75