May, 20, 2026
සීමාසහිත ශ්‍රීලංකන් ගුවන් සමාගම සඳහා මයික්‍රොසොෆ්ට් බලපත්‍ර සහ ආශ්‍රිත සේවා සැපයීමේ හැකියාව සහිත යෝග්‍ය බලපත්‍රලාභී සේවා සැපයුම්කරුවෙකු හඳුනාගැනීම සඳහා සීමිත ජාතික තරගකාරී ප්‍රසම්පාදන ක්‍රමවේදය යටතේ ලංසු කැඳවා ඇත. ඒ සඳහා ලංසු 02ක් ඉදිරිපත් වී තිබේ.
එකී ලංසු ඇගයීමෙන් අනතුරුව ඉහළ මට්ටමේ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුව විසින් ඉදිරිපත් කරනු ලැබ ඇති නිර්දේශ මත පදනම්ව සාරානුකූල ප්‍රතිචාරාත්මක අවම ලංසුකරු වන Crayon Software Lanka (Private) Limited වෙත අදාළ කොන්ත්‍රාත්තුව වසර 02ක කාලසීමාවක් සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 1.816ක මුදලකට පිරිනැමීම පිණිස වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
Video Story