Top News

අලුත් 2000 නෝට්ටුව සම්බන්ධයෙන් මහ බැංකුවෙන් දැනුම් දීමක්

ශ්‍රී ලංකා මහ බැංකුව සිය 75 වන සංවත්සරය සැමරීම නිමිත්තෙන් 2025.08.29 දින රුපියල් 2000 ක සංසරණය සඳහා වන සමරු මුදල් නෝට්ටුවක් නිකුත් කරන ලදී. නව මුදල් නෝට්ටුව පහසුවෙන් මුදල් සංසරණයට අනුගත කිරීම සඳහා, බලපත්‍රලාභී වාණිජ බැංකු ඔවුන්ගේ මුදල් හැසිරවීමේ යන්ත්‍ර ක්‍රමාංකනය කිරීමේ (Calibration) ක්‍රියාවලියක යෙදී සිටී. මෙම ක්‍රියාවලියේ ප්‍රගතියට අනුකූලව, නව මුදල් නෝට්ටුව බලපත්‍රලාභී වාණිජ…

(0)Comments | September 15, 2025 12:25 pm

ලංකා වාණිජ මණ්ඩලයේ 2026 ජාතික අයවැය යෝජනා ජනපති වෙත

සභාපති ක්‍රිෂාන් බාලේන්ද්‍ර මහතාගේ නායකත්වයෙන් යුත් ලංකා වාණිජ මණ්ඩලයේ නව අධ්‍යක්ෂක මණ්ඩලය, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සමඟ සිය පළමු නිල රැස්වීම පසුගිය සැප්තැම්බර් 11  දින පවත්වනු ලැබිය. මෙම රැස්වීමේදී ඉදිරි 2026 ජාතික අයවැය සඳහා ලංකා වාණිජ මණ්ඩලයේ ප්‍රමුඛතා යෝජනා ඉදිරිපත් කිරීම සහ පසුගිය වසරේ ලංකා වාණිජ මණ්ඩලය විසින් ඉදිරිපත්කරන ලද අයවැය යෝජනාවල  ප්‍රගතිය සමාලෝචනය…

(0)Comments | September 15, 2025 10:48 am

තේ අපනයනයකරුවන්ගේ සංගමයේ 26 වන වාර්ෂික මහා සභා රැස්වීම සාර්ථකව අවසන්

තේ අපනයනයකරුවන්ගේ සංගමයේ 26 වන වාර්ෂික මහා සභා රැස්වීම Resilience Revitalization යන තේමාව ඔස්සේ පසුගියදා (12) කොළඹ දී සාර්ථකව පවත්වන ලදි. මෙහිදී ශ්‍රී ලංකාවේ කාළාපීය වශයෙන් තේ කර්මාන්තශාලා ඇගයීමක් ද සිදු කෙරුණු අතර, එම අවස්ථාවට වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා සහ කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හදුන්නෙත්ති මහතා සහභාගී විය….

(0)Comments | September 15, 2025 8:41 am

ශ්‍රී ලංකා මහ බැංකුව පද්ධතිමය අවදානම් පිළිබඳ සමීක්ෂණයේ මූලික නිරීක්ෂණ නිකුත් කරයි

2025 වසරේ දෙවන භාගය සඳහා සිදු කරන ලද පද්ධතිමය අවදානම් පිළිබඳ සමීක්ෂණයේ මූලික නිරීක්ෂණ   ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කර ඇත. මෙම ප්‍රකාශනය මගින් වෙළඳපොළ සහභාගීවන්නන් තුළ මූල්‍ය පද්ධතිය කෙරෙහි පවතින විශ්වාසය, මූල්‍ය පද්ධතියට බලපෑම් ඇති කළ හැකි අවදානම් මූලාශ්‍ර සහ එවැනි අවදානමක් හට ගැනීම පිළිබඳ ඔවුන්ගේ අපේක්ෂාවන් හි නිරීක්ෂණ සංක්ෂිප්තයක් ඉදිරිපත් කෙරේ. මෙහි…

(0)Comments | September 12, 2025 4:57 pm

ජනපති සහ ඉදිකිරීම් කර්මාන්තය ආශ්‍රිත පාර්ශ්වකරුවන් අතර හමුවක්

ජනාධිපති අනුර කුමාර දිසානායක සහ ඉදිකිරීම් කර්මාන්තය ආශ්‍රිත පාර්ශ්වකරුවන් අතර 2026 වසරට අදාළ අයවැය යෝජනා පිළිබඳ පූර්ව සාකච්ඡාවක් ජනාධිපති කාර්යලයේදී අද (12) පෙරවරුවේ පැවැත්විණි. ඉදිකිරීම් සේවාව සහ ඒ ආශ්‍රිත නිෂ්පාදනයක් වන විදුලි කේබල් අපනයනය කිරීමෙන් ආර්ථිකයට ලබාගත හැකි දායකත්වය ඉහළ නංවා ගැනීම අරමුණු කරගනිමින් මෙම සාකච්ඡාව පැවැත්වූ අතර, මෙම කර්මාන්තය අපනයන ක්ෂේත්‍රයක් ලෙස වර්ධනය කිරීමේදී…

(0)Comments | September 12, 2025 4:47 pm

දින 10ක දී සංචාරකයින් 52,246ක් දිවයිනට

සැප්තැම්බර් මාසයේ පළමු දින 10 තුළ දී 52,246ක සංචාරකයින් පිරිසක් මෙරටට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි. ඔවුන් සිය නවතම දත්ත වාර්තාවන් නිකුත් කරමින් පෙනවා දෙන්නනේ එම නව සංචාරක පැමිණීම් දත්ත සමග 2025 වසරේ මේ දක්වා මෙරටට පැමිණ ඇති සමස්ත සංචාරකයින් සංඛ්‍යාව 1,618,769ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි. සැප්තැම්බර් මාසයේ පළමු දින…

(0)Comments | September 12, 2025 4:44 pm

TikTok, ශ්‍රී ලංකාව තුළ STEM Feed දියත් කිරීමට ශ්‍රී ලංකා රජය සමඟ අත්වැල් බැඳගනී

TikTok, ශ්‍රී ලංකා රජය සමඟ සහායෙන් විද්‍යාව, තාක්ෂණය, ඉංජිනේරු සහ ගණිතය අන්තර්ගතයන් ඇතුලත් STEM Feed දියත් කිරීමට පසුගියදා කටයුතු කරන ලදී. රජය සහ ශ්‍රී ලාංකේය ප්‍රජාව සමඟ ඩිජිටල්කරණය ප්‍රමුඛ කොටගත් අධ්‍යාපන අවස්ථාවන් ඉහළ නැංවීම වෙනුවෙන් දියත් කරනු ලැබූ මෙම නවතම අන්තර්ගතය මෙරට TikTok පරිශීලකයින්ට නවමු අත්දැකීමක් එක් කරනු නිසැකය. අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා…

(0)Comments | September 12, 2025 2:27 pm

ශ්‍රීලංකන් ගුවන් සේවය සහ ඉන්දියාවේ Axis Bank අතර ක්‍රමෝපායික හවුල්කාරීත්වයක්

ශ්‍රීලංකන් ගුවන් සේවය ඉන්දියාවේ විශාලතම පෞද්ගලික බැංකු අතරින් එකක් වන Axis Bank සමඟ විශේෂ හවුල්කාරීත්වයකට එළඹීමට පසුගියදා කටයුතු කළේය. Axis Bank යනු මිලියන 15 කට අධික ගනුදෙනුකරුවන් පිරිසක් සිටින දැවැන්ත බැංකුවකි. මෙම හවුල්කාරීත්වය යටතේ Axis Bank හි ගනුදෙනුකරුවන්ට ශ්‍රීලංකන් ගුවන් සේවය වෙතින් විශේෂ ගුවන් ගමන් ගාස්තු සහ වෙනත් දීමනා හිමි වේ. ඉන්දියාව යනු ශ්‍රීලංකන් ගුවන්…

(0)Comments | September 12, 2025 12:19 pm

ඇඟලුම් ක්ෂේත්‍රයේ පාර්ශ්වකරුවන් සමඟ පූර්ව අයවැය සාකච්ඡාවක් ජනපති ප්‍රධානත්වයෙන්

මේ වන විට රට තුළ ඇති වී තිබෙන ආර්ථික ස්ථාවරත්වය මත පදනම්ව ඉදිරි ආර්ථික වර්ධන ඉලක්ක සපුරා ගැනීම රජයේ අරමුණ බවත්, එහිදී කර්මාන්තකරුවන්ට සහ ආයෝජකයන්ට අවශ්‍ය යටිතල පහසුකම් සංවර්ධනය වෙනුවෙන් ආයෝජනය කිරීමට රජය නොපැකිළව කටයුතු කරන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කළේය. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ ඇගලුම් ක්ෂේත්‍රයේ පාර්ශ්වකරුවන් සමඟ 2026 පූර්ව…

(0)Comments | September 12, 2025 10:46 am

2026 අයවැය කථාව නොවැම්බර් 7

• අයවැය පළමුවර කියවීම සැප්තැම්බර් 26 • අයවැය කථාව නොවැම්බර් 7 2026 වර්ෂයට අදාළ විසර්ජන පනත් කෙටුම්පත දෙවැනිවර කියවීම (අයවැය කථාව/අයවැය යෝජනා ඉදිරිපත් කිරීම) 2025 නොවැම්බර් 7 වැනිදා සිදු කිරීමටත් අනතුරුව නොවැම්බර් 8 සිට දෙසැම්බර් 5 දක්වා විවාදය පැවැත්වීමටත් ඊයේ (11) පැවැති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය වූ බව පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය…

(0)Comments | September 12, 2025 9:29 am