අද (04) උදෑසන ගනුදෙනු ආරම්භයේ දී ඉතිහාසයේ මුල්වරට ඒකක 20,000 සීමාව අතික්‍රමණය කිරීමට කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය සමත් වුව ද දිනය අවසන් වූයේ එහි ඒකක 128.02ක පහළ යාමක් වාර්තා කරමිනි. ඒ අනුව දිනයේ ගනුදෙනු අවසන් වන විට සියලු කොටස් මිල දර්ශකය ඒකක 19,786.23ක් දක්වා පහළ ගොස් තිබුණි. මේ අතර S&P SL20 දර්ශකය ඒකක…
ලැයිස්තුගත සමාගම් සඳහා ආයෝජන සීමාව ඇ.ඩො 500,000 සිට 750,000 දක්වා ඉහළට -ලැයිස්තුගත නොකළ සමාගම් සඳහා සීමාව ඇ.ඩො 150,000 සිට 200,000 දක්වා ඉහළ නංවයි – ඇ.ඩො මිලියන 2 ඉක්මවන ඕනෑම ආයෝජනයක් සඳහා විශේෂ අනුමතියක් අවශ්‍ය වේ. ප්‍රතිමුඛ ආයෝජන පිළිබඳ යාවත්කාලීන කරන ලද මාර්ගෝපදේශ, දේශීය සමාගම් සඳහා විදේශයන්හි ආයෝජනය කිරීම සඳහා වැඩි කළ සීමාවන් හඳුන්වා දීම ඇතුළු…
නොබෝදා ශ්‍රී ලංකාවට ප්‍රවේශය හිමි වූ ස්ටාර්ලින්ක් සැටලයිට් අන්තර්ජාල සේවාවට අදාළ උපාංග සඳහා මෙරට නිල බෙදාහරින්නා වශයෙන් සිංගර් (ශ්‍රී ලංකා) පීඑල්සී පත් කර ඇති බව වාර්තා වේ. සිංගර් (ශ්‍රී ලංකා) හි නිල ෆේස්බුක් පිටුවෙහි මේ බව ඉඟි පළකරමින් සටහනක් තිබෙන අතර ඉතා නුදුරේ දීම මේ පිළිබඳ නිල නිවේදනයක් නිකුත් කෙරෙනු ඇතැයි ආරංචි මාර්ග සඳහන් කරයි….
අද (04) කොළඹ කොටස් වෙළෙඳපොළ ගනුදෙනු ආරම්භ වී විනාඩි 10ක් වැනි කාලයක් තුළ සියලු කොටස් මිල දර්ශකයේ අගය ඉතිහාසයේ ප්‍රථම වරට ඒකක 20,000 සීමාව ඉක්ම වීමට සමත් විය. ඒ වන විට රු. මිලියන 432 ඉක්මවූ ගනුදෙනු පිරිවැටුමක් වාර්තා වී තිබුණි.
2025 වසරේ ජූලි මාසයේ 200,244 ක සංචාරකයින් පිරිසක් මෙරටට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි. ඒ අනුව මේ දක්වා මෙරටට පැමිණ ඇති සමස්ත සංචාරකයින් සංඛ්‍යාව දැක්වෙනුයේ 1,368,288ක් ලෙසයි. ජූලි මාසයේ ඉහළම සංචාරක පැමිණීමක් සඳහන් වී ඇති දිනය ලෙස ජූලි 26 වන දා වාර්තා වන අතර එදින මෙරටට පැමිණ ඇති සංචාරකයින් සංඛ්‍යාව 7,579කි….
ශ්‍රී ලාංකේය ආර්ථික සංවර්ධනයේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරන City of Dreams Sri Lanka සමාරම්භක අවස්ථාව සඳහා පසුගියදා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහභාගී විය. මෙම අති උත්කර්ෂවත් අවස්ථාව සඳහා ජෝන් කීල්ස් සමූහයේ සභාපති ක්‍රිශාන් බාලේන්ද්‍ර, Melco Resorts & Entertainment හි සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී ලෝරන්ස් හෝ යන මහත්වරුන්, දෙපාර්ශවය නියෝජනය කරමින් ජ්‍යෙෂ්ඨ විධායක නිළධාරීන්,…
ශ්‍රී ලංකාව තුළ මෙතෙක් ඉදිවූ විශාලතම ආයෝජන ව්‍යාපෘතිය මෙන්ම දකුණු ආසියාවේ පළමු ඒකාබද්ධ හෝටල් සංකීර්ණය වන City of Dreams Sri Lanka (COD SL) අභිමානවත් ගමනක සමාරම්භය සනිටුහන් කරමින් පසුගියදා විවෘත කරනු ලැබීය. සුඛෝපභෝගී බව හා දේශීය නිර්මාණකරණය එක් තැන් කළ සුවිශේෂී කේන්ද්‍රස්ථානයක් වන මෙම නවතම ඒකාබද්ධ හෝටල් සංකීර්ණය ශ්‍රී ලංකාවේ අභිලාශය, නිර්මාණශීලීත්වය හා ගෝලීය දැක්ම…
කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය අද (01) දිනයේ දී ඒකක 19,914.25 ක් දක්වා ඉහළ යන ලදී. මෙය පෙර දිනයට සාපේක්ෂව ඒකක 271.77 ක හෙවත් 1.38%ක වැඩිවීමක් වේ. ඒ අනුව ඒකක විසිදහසේ මංසළකුණ සාක්ෂාත් කර ගැනීම සඳහා අද දිනයේ මෙම වර්ධනය ඉහළ දායකත්වයක් ලබා දී ඇත. විශේලේෂකයින් පවසන්නේ බොහෝදුරට මීළඟ ගනුදෙනු දිනයේ දී සියලු…
එක්සත් ජනපදය විසින් ශ්‍රී ලංකාවෙන් ආනයනය කරනු ලබන භාණ්ඩ සඳහා වන අන්‍යෝන්‍ය තීරු බදු අනුපාතිකය 30% සිට 20% ක් දක්වා පහත දමන බව මේ වන විට නිවේදනය කර තිබේ. කෙසේවෙතත් මෙම 20%ක අන්‍යෝන්‍ය තීරු බදු අනුපාතිකයට අමතරව තවත් බදු ඊට එකතු වන්නේදැයි අද (01) පැවති මාධ්‍ය හමුවක දී මාධ්‍යවේදියකු විසින් මුදල් අමාත්‍යාංශ ලේකම් ආචාර්ය හර්ෂණ…
ඇමරිකාව විසින් මෙරට භාණ්ඩ සඳහා අයකරන තීරු බදු අනුපාතය 20% ක් දක්වා අඩුකිරීම ජයග්‍රහණයක් බවත් ඒ තුළින් ශ්‍රී ලංකාවේ අපනයනවල කලාපීය තරගකාරීත්වය තවදුරටත් පවත්වාගෙන යෑමට හැකිවනු ඇති බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පවසයි. නිවේදනයක් නිකුත් කරමින් මේ පිළිබඳව හදවතින්ම සතුටු වන බව හෙතෙම පවසයි. අදාළ සම්පූර්ණ නිවේදනය පහතින් දැක්වේ….
Video Story