Top News

මහ බැංකුව මිල දී ගත් ඩොලර් ප්‍රමාණය 2025 මුල් මාස 06 දී බිලියනය පනී

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් 2025 වසරේ පළමු භාගය තුළ දී දේශීය විදේශ විනිමය වෙළඳපොළෙන් ඩොලර් බිලියන 1 ක් ඉක්ම වූ මිලදී ගැනීම් සිදු කර ඇති බව නවතම වාර්තාවක් මගින් අනාවරණය වී ඇත. ඒ අනුව 2025 වසරේ පළමු භාගය තුළ, ශ්‍රී ලංකා මහ බැංකුව විසින් දේශීය විදේශ විනිමය වෙළඳපොළ මිලදී ගැනීම් එ.ජ.ඩොලර් මිලියන 1,077.4ක් සිදු…

(0)Comments | August 7, 2025 1:07 pm

2025 මුල් මාස 06 දී රජය රු. ට්‍රිලියන 1.2ක ණය පොලී ගෙවයි

රජය විසින් 2025 වසරේ මුල් භාගය තුළ දී රු. බිලියන 1,264.6ක ණය පොලී ප්‍රමාණයක් ගෙවා ඇතැයි මුදල් අමාත්‍යංශය පවසයි. මෙය 2024 අදාළ එම කාලපරිච්ඡේදය තුළ ගෙවා තිබුණු රු. බිලියන 1,142.1ක ණය පොලී ප්‍රමාණය හා සැසඳීමේ දී 10.7%ක වර්ධනයක් වේ. මුදල් අමාත්‍යංශය විසින් නිකුත් කරන ලද වසර මැද රාජ්‍ය මූල්‍ය වාර්තාවක මේ බව සඳහන්ව ඇත. එහිදී…

(0)Comments | August 7, 2025 11:04 am

ඇමෙරිකානු තීරු බදු බලපෑමට මුහුණදීමට රජයේ නිලධාරීන් සහ අපනයන ක්ෂේත්‍ර නියෝජිතයින් අපනයන සංවර්ධන මණ්ඩලයේ දී එක්වෙති

ශ්‍රී ලංකාවේ භාණ්ඩ සඳහා එක්සත් ජනපදය විසින් මෑතකදී පනවන ලද 20% තීරු බද්ද සම්බන්ධව ශ්‍රි ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) අද (06 වනදා) සාර්ථක සාකච්ඡාවක් පැවැත්වීය. එහිදී ඇමෙරිකානු තීරු බදු බලපෑමට මුහුණදීමේදී ගතයුතු ඉදිරි ක්‍රියාමාර්ග සැලසුම් කිරීම සඳහා ඉහළ පෙළේ රජයේ නිලධාරීන් සහ අපනයන ක්ෂේත්‍ර නියෝජිතයන් රැසක් මෙම සාකච්ඡාව සදහා එක්වූහ. ශ්‍රි ලංකා අපනයන සංවර්ධන…

(0)Comments | August 6, 2025 4:28 pm

මහ බැංකුව කැසිනෝ සමාගම් දෙකකට සහ රාජ්‍ය බැංකුවකට දඩ පනවයි

මෙරට ක්‍රියාත්මක කැසිනෝ සමාගම් දෙකකට සහ රාජ්‍ය බැංකුවක් වෙත පරිපාලනමය දණ්ඩන පැනවීමට ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය බුද්ධි ඒකකය පියවර ගෙන තිබේ. මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කළ නිවේදනයක් පහතින් දැක්වේ. මූල්‍ය බුද්ධි ඒකකය විසින් 2025 වර්ෂයේ ජනවාරි මස සිට ජූනි මස දක්වා වූ කාලපරිච්ඡේදය තුළ වාර්තාකරණ ආයතන සඳහා පරිපාලනමය දණ්ඩන පැනවීම…

(0)Comments | August 6, 2025 4:20 pm

දින දෙකකට පසු කොටස් වෙළෙඳපොළ යළි පිබිදෙයි

පසුගිය දින දෙක පුරාවට යම්කිසි පසුබැස්මක් පෙන්නුම් කළ කොළඹ කොටස් වෙළෙඳපොළ අද දිනයේ දී සැලකිය යුතු වර්ධනයක් අත්පත් කර ගැනීමට සමත්විය. දිනයේ ගනුදෙනු අවසානයේ සියලු කොටස් මිල දර්ශකය ඒකක 86.80කින් ඉහළ ගොස් ඒකක 19,804.80ක් ලෙසින් සටහන් වූ අතර S&P SL20 දර්ශකය ඒකක -2.44කින් පහළ ගොස් ඒකක 5,827.85ක් ලෙසින් සටහන් විය. අද සමාගම් 121ක කොටස් මිල…

(0)Comments | August 6, 2025 4:06 pm

2025 රාජ්‍ය ආදායම මුල් මාස 06දී 24.7% කින් ඉහළට

2025 වසරේ මුල් මාස හය තුළ රාජ්‍ය ආදායම රු. බිලියන 2,322 ක් දක්වා ඉහළ ගොස් ඇති බව මුදල් අමාත්‍යාංශය විසින් නිකුත් කරන ලද නවතම වාර්තාවක සඳහන් වේ. එය 2024 පළමු භාගයේ රාජ්‍ය ආදායම් අගය වූ රු. බිලියන 1,861 හා සැසඳීමේ දී 24.7% ක කැපීපෙනෙන වැඩිවීමකි. එහිදී බදු ආදායම 25.9%කින් ඉහළ ගොස් ඇති අතර බදු නොවන…

(0)Comments | August 6, 2025 3:45 pm

සේවායෝජකයින්ට EPF මාර්ගගත සේවාව පිළිබඳ මහ බැංකුවෙන් දැනුවත් කිරීමක්

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් EPF මාර්ගගත සේවාව පිළිබඳව සේවායෝජකයන් දැනුවත් කරමින් නිවේදනයනයක් නිකුත් කර ඇත. එම නිවේදනයෙහි දැක්වෙන්නේ EPF-OS යනු සේවකයන්ගේ සේවක අර්ථසාධක දායක මුදල් ගෙවීමට පහසු, වේගවත් සහ කඩදාසි රහිත ක්‍රමයක් වන බවත් පියවර කිහිපයකින් EPF දායක මුදල් ගෙවීම් විස්තර ක්ෂණිකව සකසනු ලබන අතර, සේවකයින්ගේ ගිණුම් දෝෂරහිතව සහ ප්‍රමාදයකින් තොරව යාවත්කාලීන වන බව…

(0)Comments | August 6, 2025 10:49 am

ශ්‍රීලංකන් බැඳුම්කරය ප්‍රතිව්‍යූහගතකරණ සාකච්ඡා අසාර්ථකයි

ශ්‍රීලංකන් ගුවන් සේවය විසින් මේ වන විට ගෙවීම් පැහැර හැර තිබෙන, ඩොලර් මිලියන 175ක සහතික කළ බැඳුම්කර, ප්‍රතිව්‍යූහගතකරණය සඳහා ප්‍රධාන බැඳුම්කර හිමියන් සමග පසුගිය දා පැවති සාකච්ඡා අසාර්ථක වී ඇති බව වාර්තා වේ. පසුගිය ජූලි 28 සිට අගෝස්තු 01 දක්වා පැවති මෙම සාකච්ඡාවල දී බැඳුම්කර හිමියන්ගේ කණ්ඩායම සමඟ අවසාන එකඟතාවයකට පැමිණීමට නොහැකි වී ඇති බව…

(0)Comments | August 5, 2025 4:44 pm

චාමර්ස් ධාන්‍යාගාර ඉඩමේ මිශ්‍ර ව්‍යාපෘතියකට වත්මන් ආණ්ඩුවත් සැරසෙයි

නාගරික සංවර්ධන අධිකාරියට අයත් කොළඹ කොටුව, ඕල්කට් මාවතේ පිහිටි චාමර්ස් ධාන්‍යාගාරය නමැති අක්කර 09 රූඩ් 02 පර්චස් 31.75 (හෙක්ටයාර් 3.9248) ඉඩම කොළඹ මහ නගර සභා බලප්‍රදේශය සඳහා 2022-2031 කාලපරිච්ඡේදයට අදාළව පිළියෙල කර ඇති සංවර්ධන සැලැස්මේ සංගත මිශ්‍ර සංවර්ධන කලාපය තුළ පිහිටා තිබේ. නේවාසික, සෞඛ්‍ය, කාර්යාල හා ආයතනික, වාණිජ, අධ්‍යාපනික, පාරිභෝගික සේවා මධ්‍යස්ථාන, සංචාරක, විනෝදාත්මක හා…

(0)Comments | August 5, 2025 2:13 pm

ඇමරිකානු විදුලි මෝටර් රථ, තීරුබදු රහිතව ලංකාවට ගෙන්නන්න ඉඩ දෙනවාද? – ඇමති නලින්දගෙන් පිළිතුරු

ඇමරිකාව විසින් එක් එක් රටවල් සඳහා අන්‍යෝන්‍ය තීරුබදු ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සඳහා පවත්නා අනුපාතිකය 30% සිට 20%ක් දක්වා පහත හෙළන බව පසුගිය ජූලි 31 දා නිවේදනය කරනු ලැබීය. මෙම තීරුබදු අඩු කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට යම් කොන්දේසි සඳහා එකඟ වීමට සිදුවී ඇති බවට විවිධ වාර්තා සඳහන් කරන අතර, අද (05) පැවති කැබිනට් තීරණ…

(0)Comments | August 5, 2025 1:56 pm