ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) විසින් ජාතික අපනයන දිශානතිය පිළිබඳව මෙරට ප්‍රමුඛතම පෞද්ගලික ආයතනවල ප්‍රධානීන් සහ ප්‍රධාන විධායක නිලධාරීන් දැනුවත් කිරීම සඳහා “ජාතික අපනයන දිශානතිය පිළිබද ප්‍රධාන විධායක නිලධාරීන්ගේ හමුව” (National Export Roadmap – The CEO Forum) නමින් සුවිශේෂී සමුළුවක් පසුගියදා පවත්වන ලදී.මෙම හමුව රජයේ සහ පෞද්ගලික අංශයේ ප්‍රධානීන් අතර අනාගත අපනයන දැක්ම පිළිබඳ…
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාව සමඟ වන විස්තීර්ණ ණය පහසුකමේ පස්වන සමාලෝචනයට අදාළව නිලධාරී මට්ටමේ එකඟතාවකට එළඹීම පසුගිය 2025 ඔක්තෝබර් මාසයේ දී සිදුවිය. මෙය මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීම 2025 දෙසැම්බර් මාසයේ දී සිදුකිරීමට නියමිතව තිබුණ ද දිට්වා සුළිකුණාටුවේ බලපෑම හේතුවෙන් රට තුළ ඇති වූ අර්බුදකාරී වාතාවරණය මත එය ප්‍රමාද කිරීමට ජාත්‍යන්තර මූල්‍ය…
2026 වසරේ මුල් මාස දෙක තුළ සීඝ්‍ර වර්ධනයක් පෙන්නුම් කරන ලද සංචාරක කර්මාන්තයේ යම් පසුබැස්මක් මාර්තු මාසයේ මුල් දින කිහිපය තුළ වාර්තා වේ. මැදපෙරදිග යුධමය වාතාවරණය හමුවේ ගුවන් අවකාශ වසා දැමීම හේතු කොට ගෙන ගුවන් යානා ගමනාගමනය අඩාල වීම හේතුවෙන් ශ්‍රී ලංකාවේ පිබිදෙමින් තිබූ සංචාරක කර්මාන්තයට මෙලෙස බාධා එල්ල වෙමින් පවතී. 2026 ජනවාරි මාසයේ දී…
අද (09) ලෝක බොර තෙල් මිලෙහි 16% ඉක්ම වූ වාර්තාගත ඉහළ යාමක් වාර්තා වී ඇත. ඒ අනුව බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල 16.5%කින් එනම් පෙර දිනයට සාපේක්ෂව ඇමරිකානු ඩොලර් 15.29කින් ඉහළ ගොස් ඇමරිකානු ඩොලර් 107.97ක් දක්වා ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මෙලස බොරතෙල් බැරලයක මිල ඇමරිකානු ඩොලර් 100 සීමාව ඉක්මවා ගොස් ඇත්‌තේ වසර…
ශ්‍රී ලංකා මහ බැංකුව 2026 පෙබරවාරි මාසයේ දී දේශීය විදේශ විනිමය වෙළෙඳපොළෙන් මිල දී ගෙන ඇති විදේශ විනිමය ප්‍රමාණය ඩොලර් මිලියන 461 ක් බව වාර්තා වේ. නවතම වාර්තාවක සඳහන් වන්නේ පසුගිය පෙබරවාරි මාසය තුල කිසිදු ආකාරයක ඩොලර් විකිණීමක් මහ බැංකුව සිදුකර නොමැති බවයි. මේ අතර 2026 ජනවාරි මාසය තුළ දී දේශීය විදේශ විනිමය වෙළෙඳපොළෙන් ඩොලර්…
2026 වසරේ පෙබරවාරි මාසය තුළ විදෙස් ශ්‍රමිකයින් විසින් අමෙරිකානු ඩොලර් මිලියන 729ක විදෙස් ප්‍රේෂණ ප්‍රමාණයක් ශ්‍රී ලංකාවට එවා ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. මහ බැංකුව විසින් නිකුත් කර ඇති නවතම වාර්තාවක මේ බව සඳහන් වෙයි. 2025 වසරේ පෙබරවාරි මාසයේදී මෙරටට ලැබුණු විදෙස් ප්‍රේෂණ ප්‍රමාණය අමෙරිකානු ඩොලර් මිලියන 548.1ක් ලෙස වාර්තා වී තිබුණි. ඒ…
මැදපෙරදිග යුධ උණුසුම හමුවේ මෙම සතිය පුරාවට ඉමළ උච්ඡාවචනයන් ප්‍රදර්ශනය කළ කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශක අද (06) දිනයේ දී පහළ යාමක් නිරූපණය කරමින් මෙම සතිය නිමාකළේය. අද (06) දින සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 131.62කින් පහළ ගොස් ඒකක 22,701.91ක් ලෙසින් සටහන් වූ අතර S&P SL20 දර්ශකය ඒකක 65.05කින් පහළ ගොස් ඒකක 6,360.75ක් ලෙසින්…
ශ්‍රී ලංකා මහ බැංකුව සතු නිල සංචිත වත්කම්වල වටිනාකම 2020 අගෝස්තු මාසයෙන් පසුව පළමු වරට එක්සත් ජනපද ඩොලර් බිලියන 7 සීමාව ඉක්මවා ගොස් තිබේ. නවතම දත්ත වාර්තාවලට අනුව 2026 පෙබරවාරි මාසය අවසානයේ දී ශ්‍රී ලංකා මහ බැංකුව සතු නිල සංචිත වත්කම්වල වටිනාකම ඩොලර් මිලියන 7,284ක් වන අතර එය 2026 ජනවාරි මාසයේ පැවති සංචිත වත්කම් ප්‍රමාණයට…
මැදපෙරදිග කලාපයේ සිදුවෙමින් පවතින යුධමය ගැටුම් හේතුවෙන් ශ්‍රී ලංකාවේ තේ අපනයන කර්මාන්තයට දැඩි බලපෑම් එල්ල වී ඇති අතර සතියකට ඇමෙරිකානු ඩොලර් මිලියන 10 සිට 15 දක්වා ආදායම් අහිමි වීමක් සිදුවිය හැකි බව තේ අපනයනකරුවෝ පවසති. ඔවුන් සඳහන් කරන්නේ මැදපෙරදිග වෙළඳපොළට යැවීමට ඇණවුම් ලැබී තිබුණද යුධ අවදානම් සහ නාවික ප්‍රවාහන ගැටලු හේතුවෙන් ඒවා සැපයීමට නොහැකි තත්ත්වයක්…
2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ බලපත්‍රලාභී මුදල් සමාගමක් වන නේෂන් ලංකා ෆිනෑන්ස් පීඑල්සී හි ආයෝජනය කිරීම සඳහා ආයෝජකයන් හෝ ආයෝජකයන්ගේ එකමුතු සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අභිලාෂ ප්‍රකාශ කිරීම සඳහා ආරාධනා කර සිටී. නේෂන් ලංකා ෆිනෑන්ස් පීඑල්සී ආයතනයට 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනතේ විධිවිධාන අඛණ්ඩව කඩ කිරීම/ පටහැනිව කටයුතු…
Video Story