Top News

ජර්මානු රජයෙන් යුරෝ මිලියන 11ක තාක්ෂණික ආධාර

යුරෝ මිලියන 11ක තාක්ෂණික ආධාර ලබාගැනීම සඳහා ශ්‍රී ලංකා රජය විසින් ජර්මානු රජය සමඟ පහත සඳහන් ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා ගිවිසුමකට අද දින එළඹෙන ලදී. වෘත්තීය පුහුණු ව්‍යාපෘතිය – යුරෝ මිලියන 7 තරුණ පරපුර සඳහා ඉල්ලුම මත පදනම්ව වෘත්තීය පුහුණුව ලබාදීමට මෙම ව්‍යාපෘතියෙන් බලාපොරොත්තුවේ. සුලු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන ව්‍යාපෘතිය – යුරෝ මිලියන 3.5…

(0)Comments | June 10, 2020 11:24 am

සල්ලි අච්චු ගැසුවාද? – මහ බැංකුවේ පිළිතුර මෙන්න

මහ බැංකුව පසුගිය කාලය තුළ විශාල මුදල් ප්‍රමාණයක් මුද්‍රණය කළාද? උද්ධමනය ඉහළ යාමට, ගෙවුම් ශේෂ හිඟය වැඩිවීමට මෙන්ම සාර්ව ආර්ථික අස්ථාවර බවක් ඇති වීමට මෙය හේතු වනවා නේද? විනිමය අනුපාතික ස්ථාවර කිරීමට මහ බැංකුව විසින් කොපමණ විදේශ විනිමය ප්‍රමාණයක් මහ බැංකුව විසින් පසුගිය කාලය තුළ යොදවනු ලැබුවාද ? පසුගිය කාලයේ දී ශ්‍රී ලංකා මහ බැංකුව…

(0)Comments | June 10, 2020 12:01 am

‘පෙරමග’ වැඩසටහනින් COVID-19 රෝගීන් පරික්ෂා කිරීමේ බාහිර මධ්‍යස්ථාන

‘පෙරමග’ වැඩසටහන රාගම, උතුරු කොළඹ ශික්ෂණ රෝහල සහ පානදුර ශික්ෂණ රෝහල සඳහා COVID-19 රෝගීන් පරික්ෂා කිරීමේ බාහිර මධ්‍යස්ථානය බැගින් පිරිනැමීමට කටයුතු කර ඇත. ඖෂධ සහ සුවසේවා විශේෂඥ වෛද්‍ය සන්ජේ පෙරේරා, බෝවන රෝග විශේෂඥ වෛද්‍ය චංග කුරුකුලරත්න යන වෘත්තිකයන් මෙන්ම ලෝක පූජිත ක්‍රිකට් ක්‍රීඩකයන් දෙපළක්වන කුමාර් සංගක්කාර සහ මහේල ජයවර්ධන, හේමාස් හෝල්ඩින්ග්ස් සමූහයේ නිර්මාතෘවරුන් වන එසුෆාලි…

(0)Comments | June 9, 2020 3:04 pm

2011 දී ‘ද ෆිනෑන්ස්’ කොටස් පරිවර්තනයෙන් තැන්පතු අහිමිවූවන්ටත් වන්දි

2011 වසරේ දී සිය තැන්පතු මුදල් සමාගමේ නිෂ්ඡන්ද කොටස් බවට පරිවර්තනය කිරීම හේතුවෙන් අගතියට පත් ‘ද ෆිනෑන්ස්‘ සමාගමේ තැන්පතු හිමියන් හට රු. ලක්ෂ 6 ක උපරිමයකට යටත්ව ගෙවීම් කිරීමට තීරණය වී තිබේ. ද ෆිනෑන්ස් කම්පැනි පීඑල්සී සමාගම් ලේකම් විසින් මේ බව කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත දැනුම් දී සිටී. ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් නිකුත්…

(0)Comments | June 9, 2020 12:40 am

මට ලැබුණූ මුදල් ඇමතිකම අරක්කු නැති තැබෑරුමක් වගෙයි – රවී කරුණානායක

පසුගිය රජය සමයේ දී තමන් විසින් දරන ලද මුදල් අමාත්‍ය ධූරය, අරක්කු නොමැති තැබෑරුමක් වැනි දෙයක් බවත්, මහ බැංකුව හෝ වාණිජ බැංකුව සම්බන්ධයෙන් වගකීමක් තමන්ට නොවූ බවත් හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි. අද දෙරණ ප්‍රවෘත්ති විකාශයේ ‘මොකද වුණේ?‘ විශේෂාංගය සමඟ එක්වෙමින් ඔහු මේ බව කියා සිටියේය. ප්‍රශ්නගත බැඳුම්කර නිකුතු සම්බන්ධයෙන් විමසීමේ දී හිටපු…

(0)Comments | June 8, 2020 2:14 pm

ස්ටැන්ඩර්ඩ් චාටර්ඩ් බැංකුවෙන් COVID-19 සටන ජය ගැනීම සඳහා MAS Intimates සමාගමට ඩොලර් මිලියන 11ක ණයක්

ස්ටැන්ඩර්ඩ් චාටර්ඩ් බැංකුව දියත් කර ඇති ඇමරිකානු ඩොලර් බිලියනයක මුල්‍යයන වැඩසටහන යටතේ ණය පහසුකමක් සම්පූර්ණ කළ දකුණු ආසියාවේ ප්‍රථම සමාගම බවට MAS Intimates සමාගම පත් විය. MAS Intimates යනු MAS Holdings සමාගමට අනුබද්ධිත සමාගමකි. ඒ අනුව, එම බැංකුව ශ්‍රී ලාංකේය සමාගමක්වන MAS Intimates සමාගමට එක්සත් ජනපදයට අපනයනය කිරීම සඳහා ශල්‍ය මුහුණු ආවරණ නිෂ්පාදනය කිරීමට අවශ්‍ය…

(0)Comments | June 8, 2020 12:08 pm

හයිබි‍්‍රඞ් සහ online තාක්ෂණයෙන් බලගැන්වූ ශ්‍රී ලංකාවේ පළමු වාර්ෂික මහා සමුළුව HNB සාර්ථකව අවසන් කරයි

දැනට පවතින කොවිඞ්-19 වසංගතය පැතිරීමේ අවදානම හේතුවෙන් ඉතිහාසයේ පළමු වරට හයිබි‍්‍රඞ් හා online තාක්ෂණය භාවිතා කරමින් සමාජ දුරස්ථකරණය පවත්වා ගනිමින් පැවැත්වූ 2020 වාර්ෂික මහා සමුළුව ශ්‍රී ලංකාවේ වඩාත් නවෝපාදන බැංකුව වන හැටන් නැෂනල් බැංකුව මෑතකදී සාර්ථකව අවසන් කළේය. මයික්‍රොසොෆ්ට් කණ්ඩායම් හරහා කොටස්හිමියන් සඳහා සමුළුව සජීවී ව විකාශනය කිරීමට අමතරව 51 වන වාර්ෂික මහා සමුළුව HNB…

(0)Comments | June 8, 2020 11:25 am

සංවර්ධනය වෙමින් පවතින රටවල් 77ක ණය අත්හිටුවීමට චීනය තීරණය කරයි

කොවිඩ්-19 වසංගතයට එරෙහි සටනේදී අඩු වරප්‍රසාදිත රටවලට උපකාර කිරීමේ උත්සාහයේ කොටසක් ලෙස චීනය විසින් සංවර්ධනය වෙමින් පවතින රටවල් 77 ක් සඳහා ණය ආපසු ගෙවීම අත්හිටුවා තිබේ. චීන විදේශ කටයුතු අමාත්‍ය Ma Zhaoxu මහතා ඉරිදා (07) පැවති මාධ්‍ය හමුවකදී මේ බව ප්‍රකාශ කළේය. කෙසේ වෙතත්, මෙම පියවරෙන් ප්‍රතිලාභ ලබන රටවල් පිළිබඳව එහිදී අනාවරණය නොවිණි. කොවිඩ්-19 වසංගතයට…

(0)Comments | June 7, 2020 9:18 pm

මහ බැංකු අධිපතිගෙන් විශේෂ ප්‍රකාශයක් – මහජනතාවගේ තැන්පතුවල සුරක්ෂිතතාව තහවුරු කිරීම සඳහා ගත හැකි සියලුම පියවර අඛණ්ඩව ගන්නවා

ශ්‍රී ලංකාවේ මූල්‍ය පද්ධතිය ශක්තිමත්ව පවතින අතර මහජනතාවගේ තැන්පතුවල සුරක්ෂිතතාව තහවුරු කිරීම සඳහා ගත හැකි සියලුම පියවර ගෙන ඇති බව ශ්‍රී ලංකා මහ බැංකු අධිපති මහාචාර්ය ඩබ්.ඩී. ලක්ෂ්මන් මහතා පවසයි. විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමින් මහ බැංකු අධිපතිවරයා මේ බව ප්‍රකාශ කළ අතර එම සම්පූර්ණ ප්‍රකාශය පහතින් දැක්වේ. ශ්‍රී ලංකාවේ මූල්‍ය පද්ධතිය සහ මූල්‍ය ආයතන දුර්වල මට්ටමක…

(0)Comments | June 7, 2020 8:33 pm

HNB සමූහය 2020 පළමු කාර්තුව සඳහා රුපියල් බිලියන 3.3ක බදු පසු ලාභයක් වාර්තා කරයි

බැංකුවේ බදු පසු ලාභය රුපියල් බිලියන 2.6කි තැන්පතු රුපියල් බිලියන 31කින් වර්ධනය වී රුපියල් බිලියන 841ක් බවට පත් වෙයි මහ බැංකුවේ මාර්ගෝපදේශයන්ට අනුකූලව සහන ක‍්‍රියාමාර්ග රැසක් ආරම්භ කරයි හැටන් නැෂනල් බැංකුව 2020 පළමු කාර්තුව සඳහා රුපියල් බිලියන 2.6ක බදු පසු ලාභයක් වාර්තා කිරීමට සමත් වී ඇති අතර ඒ අනුව එය 2019 පළමු කාර්තුවට වඩා රුපියල්…

(0)Comments | June 7, 2020 3:31 pm