Top News

ශ්‍රී ලාංකේය ආර්ථික සංවර්ධනයේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් City of Dreams Sri Lanka විවෘත වෙයි

ශ්‍රී ලංකාව තුළ මෙතෙක් ඉදිවූ විශාලතම ආයෝජන ව්‍යාපෘතිය මෙන්ම දකුණු ආසියාවේ පළමු ඒකාබද්ධ හෝටල් සංකීර්ණය වන City of Dreams Sri Lanka (COD SL) අභිමානවත් ගමනක සමාරම්භය සනිටුහන් කරමින් පසුගියදා විවෘත කරනු ලැබීය. සුඛෝපභෝගී බව හා දේශීය නිර්මාණකරණය එක් තැන් කළ සුවිශේෂී කේන්ද්‍රස්ථානයක් වන මෙම නවතම ඒකාබද්ධ හෝටල් සංකීර්ණය ශ්‍රී ලංකාවේ අභිලාශය, නිර්මාණශීලීත්වය හා ගෝලීය දැක්ම…

(0)Comments | August 2, 2025 6:57 pm

කොටස් වෙළෙඳපොළ ඓතිහාසික කඩඉමක් අබියස

කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය අද (01) දිනයේ දී ඒකක 19,914.25 ක් දක්වා ඉහළ යන ලදී. මෙය පෙර දිනයට සාපේක්ෂව ඒකක 271.77 ක හෙවත් 1.38%ක වැඩිවීමක් වේ. ඒ අනුව ඒකක විසිදහසේ මංසළකුණ සාක්ෂාත් කර ගැනීම සඳහා අද දිනයේ මෙම වර්ධනය ඉහළ දායකත්වයක් ලබා දී ඇත. විශේලේෂකයින් පවසන්නේ බොහෝදුරට මීළඟ ගනුදෙනු දිනයේ දී සියලු…

(0)Comments | August 1, 2025 4:08 pm

20%ට අමතරව ඇමරිකාවෙන් තවත් බදු වදිනවාද? මුදල් ලේකම් පැහැදිලි කරයි

එක්සත් ජනපදය විසින් ශ්‍රී ලංකාවෙන් ආනයනය කරනු ලබන භාණ්ඩ සඳහා වන අන්‍යෝන්‍ය තීරු බදු අනුපාතිකය 30% සිට 20% ක් දක්වා පහත දමන බව මේ වන විට නිවේදනය කර තිබේ. කෙසේවෙතත් මෙම 20%ක අන්‍යෝන්‍ය තීරු බදු අනුපාතිකයට අමතරව තවත් බදු ඊට එකතු වන්නේදැයි අද (01) පැවති මාධ්‍ය හමුවක දී මාධ්‍යවේදියකු විසින් මුදල් අමාත්‍යාංශ ලේකම් ආචාර්ය හර්ෂණ…

(0)Comments | August 1, 2025 3:10 pm

ඇමරිකානු තීරුබදු පහත හෙළීම ගැන හර්ෂ සතුටින්

ඇමරිකාව විසින් මෙරට භාණ්ඩ සඳහා අයකරන තීරු බදු අනුපාතය 20% ක් දක්වා අඩුකිරීම ජයග්‍රහණයක් බවත් ඒ තුළින් ශ්‍රී ලංකාවේ අපනයනවල කලාපීය තරගකාරීත්වය තවදුරටත් පවත්වාගෙන යෑමට හැකිවනු ඇති බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පවසයි. නිවේදනයක් නිකුත් කරමින් මේ පිළිබඳව හදවතින්ම සතුටු වන බව හෙතෙම පවසයි. අදාළ සම්පූර්ණ නිවේදනය පහතින් දැක්වේ….

(0)Comments | August 1, 2025 11:52 am

ශ්‍රී ලංකා මහ බැංකුව ‘වෙළඳපොළ මෙහෙයුම් වාර්තාව – 2025 ජුනි’ ප්‍රකාශයට පත් කරයි

ශ්‍රී ලංකා මහ බැංකුව සිය තුන්වන වෙළඳපොළ මෙහෙයුම් වාර්තාව 2025 වසරේ ජූලි මස 31වන දින  නිකුත් කළේය. නම්‍යශීලී විනිමය අනුපාතික ප්‍රතිපත්තිය යටතේ නම්‍යශීලී උද්ධමන ඉලක්කකරණ රාමුව උපයෝගී කර ගනිමින් මුදල් ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමේදී මහ බැංකුව විසින් සිදු කරනු ලබන මුදල් මෙහෙයුම් සහ විදේශ විනිමය මෙහෙයුම් පිළිබඳව පාර්ශ්වකරුවන් අතර දැනුම්වත්භාවය සහ අවබෝධය වැඩි දියුණු කිරීම මෙම…

(0)Comments | August 1, 2025 11:36 am

ජුනි මාසයේ ඉදිකිරීම් කර්මාන්තයේ වර්ධනය තවදුරටත්

ඉදිකිරීම් කටයුතුවල තවදුරටත් වර්ධනයක් පිළිබිඹු කරමින්, ඉදිකිරීම් කටයුතු සඳහා වන ශ්‍රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය වන සමස්ත ක්‍රියාකාරකම් දර්ශකය,  2025 ජුනි මාසයේ දී දර්ශකාංක 58.6ක් ලෙස වාර්තා විය. ව්‍යාපෘතිවල සිදු වූ ධනාත්මක වර්ධනය මෙන්ම ස්ථාවර මිල මට්ටම් තුළින්  පෙන්නුම් කළ පරිදි, ඉදිකිරීම් කර්මාන්ත කටයුතු සඳහා පවතින හිතකර වාතාවරණය මේ සඳහා විශේෂයෙන්ම හේතු වූ බව සමීක්ෂණයට…

(0)Comments | August 1, 2025 11:26 am

මුල් මාස 06 වාහන ආනයන වියදම ඩොලර් බිලියන භාගය පනී

2025 ජූනි මාසයේ දී රථ වාහන ආනයනය වෙනුවෙන් ශ්‍රී ලංකාව, එක්සත් ජනපද ඩොලර් මිලියන 169.5 ක වියදමක් දරා ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. ඒ අනුව 2025 මුල් මාස 06 තුළ දී වාහන ආනයනය වෙනුවෙන් දරා ඇති සමස්ත පිරිවැය ඩොලර් මිලියන 500 සීමාව ඉක්මවා ගොස් ඇති අතර එය ඩොලර් මිලියන 545.7ක් ලෙසින් දැක්වේ. එය…

(0)Comments | August 1, 2025 8:44 am

ශ්‍රී ලංකාවට පනවා තිබූ ට්‍රම්ප්ගේ තීරු බද්ද 20% දක්වා අඩු කරයි

අමෙරිකානු එක්සත් ජනපදය විසින් ශ්‍රී ලංකාවෙන් ආනයනය කෙරෙන භාණ්ඩ සඳහා අයකරන අන්‍යෝන්‍ය තීරුබදු අනුපාතය 20%ක් දක්වා තවදුරටත් අඩුකර තිබේ. අමෙරිකාව විසින් ශ්‍රී ලංකාවෙන් සිදුකරන ආනයන මත පනවන 30%ක අන්‍යොන්‍ය තීරුබදු අනුපාතයක් ප්‍රකාශයට පත්කර තිබූ අතර, එය අද (1) සිට ක්‍රියාත්මක වීමට නියමිතව තිබුණි. ධවල මන්දිරය නිකුත් කළ නිවේදනයට අනුව ශ්‍රී ලංකාව ඇතුළු රටවල් කිහිපයකම මෙලෙස…

(0)Comments | August 1, 2025 8:29 am

විදුලිබල ක්ෂේත්‍රයට ජපන් ආයෝජන

ඉහළ පෙලේ ජපාන ආයෝජකයින් පිරිසක් අද (31) බලශක්ති අමාත්‍යංශයේදී අමාත්‍යවරයා හමුවිය. එහිදී පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රයේ සහ විශේෂයෙන් විදුලි සම්ප්‍රේශණ පද්ධතිය නවීකරණය හා සංවර්ධනය කිරීමෙහිලා ඇති ආයෝජන අවස්ථා පිළිබඳව සාකච්ඡා කරන ලදී. දිගු කාලීන මිතුරු රටක් ලෙස ජපානය සම්බන්ධයෙන් ලංකාවේ අපට ඇත්තේ ඉතාමත් හොඳ සුහද හැඟීමක්. විශේෂයෙන්ම අපේ රටේ සංවර්ධනයට යටිතල පහසුකම් දියුණුවට ජපානය දක්වන සහාය…

(0)Comments | July 31, 2025 5:09 pm

2026 වසරේ නිකුත් වන ඩිජිටල් හැඳුනුම්පත සමඟින් ශ්‍රී ලංකා ඩිජිටල් ආර්ථිකයේ පරිවර්තනීය වෙනසක්

ඩිජිටල් පරිවර්තනයක් සඳහා වන වැඩපිළිවෙලෙහි ප්‍රධානතම ව්‍යාපෘතිය වන ශ්‍රී ලංකා අනන්‍ය ඩිජිටල් හැඳුනුම්පත් (SLUDI) ව්‍යාපෘතිය, ශ්‍රී ලංකා රජය මඟින් 2026 අප්‍රේල් මස වන විට ආරම්භ කිරීමට නියමිතය, එය ශක්තිමත් දත්ත ආරක්ෂණ පද්ධතියකින් සහ පුරවැසි ආරක්ෂාව සහතික කරන, මහජන සේවාවන් වෙත කාර්‍යක්ෂමව ප්‍රවේශ වීමට අවස්ථාව හිමිකර දෙන දැවැන්ත පරිවර්ථනයක ආරම්භයකි. ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක කෙරෙන…

(0)Comments | July 31, 2025 5:04 pm