Top News

ශ‍්‍රී ලංකාව සහ තායිලන්තය අතර වෙළෙඳ සහ තාක්ෂණික සහයෝගීතාව තවදුරටත් ඉහළ නංවා ගැනීමට අවධානය

දෙරට අතර අවබෝධතා ගිවිසුම් 04කට ද අත්සන් තැබේ ශ‍්‍රී ලංකාව සහ තායිලන්තය අතර වෙළෙඳ සහ තාක්ෂණික සහයෝගිතාව තවදුරටත් ඉහළ නංවා ගැනීමට දෙරටේ අවධානය යොමු වෙයි. දෙදින නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණි තායිලන්ත අග‍්‍රාමාත්‍ය ප‍්‍රයුත් චාන් ඕ චා මහතා සහ ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා අතර නිල හමුව ඊයේ (12) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්වුණු අතර එහිදී මේ…

(0)Comments | July 13, 2018 10:46 am

රටට ගැලපෙන විදේශ වෙළඳ බදු ප්‍රතිපත්තියක අවශ්‍යතාවය ජාතික ආර්ථික සභාව පෙන්වා දෙයි

භාණ්ඩ හා සේවා සැපයීමේදී ඇතැම් වෙළෙඳුන් අසීමිත ලාභයක් ඉපැයීම හේතුවෙන් මතුව තිබෙන අහිතකර තත්ත්වයෙන් පාරිභෝගිකයා ආරක්ෂා කර ගැනීමේ විධිමත් වැඩපිළිවෙළක් පිළිබඳ ජාතික ආර්ථික සභාවේ අවධානය යොමු වෙයි. ජාතික ආර්ථික සභාව පසුගිය දා (10) ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් රැස් වූ අවස්ථාවේදී මේ පිළිබඳ දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක්විය. ශ‍්‍රී ලංකාවේ විදේශ සංචිත ප‍්‍රමාණය…

(0)Comments | July 12, 2018 3:33 pm

හේමාස් ට රුපියල් බිලියනයක අක්ෂි කාච කොන්ත්‍රාත්තුවක්

ඇසේ සුද ඉවත් කිරීමේ ශල්‍යකර්මවලදී ඇසට බද්ධ කිරීම සඳහා භාවිත කරන, නැමිය හැකි හයිඩ්‍රො‍‍ෆෝබික් අන්තඃ අක්ෂි කාච 93,767ක් මිල දී ගැනීම සඳහා වන ප්‍රසම්පාදනය, ප්‍රසම්පාදන අභියාචන මණ්ඩලයේ නිර්දේශය පරිදි, රුපියල් මිලියන 1,062.2ක මුදලකට M/s. Hemas Pharmaceuticals (pvt) Ltd. වෙත ප්‍රදානය කිරීම පිණිස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය (වෛද්‍ය) රාජිත සේනාරත්න මහතා ඉදිරිපත් කළ යෝජනාව…

(0)Comments | July 12, 2018 10:23 am

වියට්නාමයෙන් LED බල්බ කෝටියක් මිල දී ගන්න කැබිනට් අනුමැතිය

ඉල්ලුම් පාර්ශ්වීය බලශක්ති කළමනාකරණ ජාතික වැඩසටහන යටතේ අඩු විදුලි පරිභෝජනයක් සහිත පාරිභෝගිකයන් අතර කාර්යක්ෂම LED විදුලි බල්බ භාවිතය දිරිගැන්වීම සඳහා සහන ණය ක්‍රමයක් යටතේ LED බල්බ බෙදා හැරීමට සැලසුම් කර තිබේ. ඒ අනුව, මෙම ව්‍යාපෘතිය සඳහා LED බල්බ ලක්ෂ 10 බැගින් වූ තොග 10ක්, එක් තොගයක් රුපියල් මිලියන 169.6ක මුදලකට, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන…

(0)Comments | July 12, 2018 10:13 am

ලිට්‍රෝ ගෑස්, ඉන්දියාවෙන් රු. බිලියන 2 ක සිලිඩන්ඩර මිල දී ගනී

ලිට්‍රෝ ගෑස් ලංකා සමාගම විසින් ගෑස් බෙදා හැරීම සඳහා භාවිත කරනු ලබන ආරක්ෂිත වෑල්ව සහිත හිස් LP ගෑස් සිලින්ඩර 656,298ක් (විවිධ ප්‍රමාණයේ සිලින්ඩරවලින්), අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි, ඉන්දියාවේ M/s. Mauriya Udyog Ltd. වෙතින් රුපියල් මිලියන 2,057.1ක මුදලකට මිල දී ගැනීම පිණිස රාජ්‍ය ව්‍යවසාය හා මහනුවර නගර සංවර්ධන අමාත්‍ය…

(0)Comments | July 12, 2018 10:00 am

වැවිලි කළමනාකරණ ආයතනයෙන් උපාධි

වැවිලි ක්ෂේත්‍රයට අවශ්‍ය ඉහළ ගුණාත්මකභාවයකින් යුත් වෘත්තිකයින් බිහි කරන, නිපුණතාවට ප්‍රමුඛත්වය ලබා දෙන වැවිලි කළමනාකරණ උපාධි පිරිනමනු ලබන ආයතනයක් බවට ජාතික වැවිලි කළමනාකරණ ආයතනය පරිවර්තනය කිරීමට හැකි වන පරිදි, 1979 අංක 45 දරන ජාතික වැවිලි කළමනාකරණ ආයතන පනත සංශෝධනය කිරීම පිණිස වැවිලි කර්මාන්ත අමාත්‍ය නවින් දිසානායක මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන…

(0)Comments | July 12, 2018 9:45 am

කුලී නිවාස වෙළඳපොළෙහි නිසි ක්‍රියාකාරිත්වය සහතික කිරීමට නීති සැකසෙයි

නාගරීකරණය හේතුවෙන් නගරයට සංක්‍රමණය වන අයවළුන්ට, රැකියා කරන්නන් සහ තරුණ පවුල් වෙත දැරිය හැකි මිලකට කුලී නිවාස ලබා දීමේ අවශ්‍යතාවය සලකා බලා කුලී නිවාස වෙළඳ පොළෙහි කටයුතු වඩාත් ප්‍රශස්තව සිදු කිරීම සඳහා අවශ්‍ය නිර්දේශ ඉදිරිපත් කිරීම පිණිස විශේෂඥ කමිටුවක් පත් කරනු ලැබ තිබේ. එම කමිටුවේ නිර්දේශ පරිදි කුලී නිවාස වෙළඳ පොළ නියාමනය, කුලී නිවාස සැපයීම…

(0)Comments | July 11, 2018 11:19 am

පොළොන්නරුව සූර්ය බලාගාර ව්‍යාපෘතිය Didul ට පැවරෙයි

ඉදි කිරීම, අයිතිය හා පවත්වාගෙන යාම යන පදනම මත මෙගා වොට් 10ක සූර්ය බලාගාරයක් පොළොන්නරුව ප්‍රදේශයේ ඉදිකිරීමට යෝජනා වී ඇත. එසේ වුවත්, එම ප්‍රදේශයෙන් සුදුසු ඉඩමක් සොයාගැනීමට අපහසු වූ බැවින් වාලච්චේන ග්‍රිඩ් උපපොළ ආසන්නයේ තිබූ සුදුසු ඉ‍ඩමක මෙම බලාගාරය ස්ථාපිත කිරීම සඳහා තීරණය කරන ලදී. ඒ අනුව, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන…

(0)Comments | July 11, 2018 10:36 am

කොළඹ වරාය සහ බංග්ලාදේශයේ චිතගොං වරාය අතර බහාලුම් නැව් පෝෂක සේවාවක් ක්‍රියාත්මක කිරීමට අවධානය යොමුකරයි

ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර නාවික ක්ෂේත්‍රය සම්බන්ධයෙන් ද්විපාර්ශ්වික ස‌බඳතා ශක්තිමත් කරගැනීම පිණිස‍ දෙරටෙහි නැව් සංස්ථා අතර අවබෝධතා ගිවිසුමක් ඇති කරගනු ලැබ තිබේ. බංග්ලාදේශය සතුව ඇති ප්‍රධානතම වරාය වන චිතගොං වරායෙහි පවතින සීමිත පහසුකම් හේතුවෙන් සහ නොගැඹුරු බව හේතුවෙන් ප්‍රධාන නාවික සේවාවල යාත්‍රාවන් එම වරායට නොපැමිණේ. එබැවින් බංග්ලාදේශයේ ආනයන හා අපනයන නාවික භාණ්ඩ බොහොමයක් සිංගප්පූරු,…

(0)Comments | July 11, 2018 10:30 am

ACL Cables ට රු. බිලියන 1.4 ක ටෙන්ඩරයක් අනුමතයි

ලංකා විදුලිබල මණ්ඩලය විසින් විදුලිය බෙදාහැරීමේ කාර්යය සඳහා භාවිත කරනු ලබන ඒරියල් බණ්ඩල් සන්නායක කිලෝමීටර 2,500ක් මිල දී ගැනීම සඳහා වන ප්‍රසම්පාදනය අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි රුපියල් මිලියන 1,456.2ක මුදලකට M/s. ACL Cables PLC වෙත ප්‍රදානය කිරීම පිණිස විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා ඉදිරිපත් කළ…

(0)Comments | July 11, 2018 10:24 am