සමාජ මාධ්‍ය සහ අන්තර්ජාලය පදනම් කරගනිමින් ක්‍රියාත්මක වන විවිධ මූල්‍ය වංචා පිළිබඳ තොරතුරු තමන් වෙත ලැබී ඇති බවත් මෙවැනි වංචාවන්හි වැඩිවීමක් මෑතකදී නිරීක්ෂණය වී ඇති බවත් ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා මහ බැංකුව වැඩිදුරටත් මෙසේ කියා සිටී. මෙම වංචා බොහෝමයක් මහජනතාව ආකර්ෂණය කරගන්නා පහසු ණය යෝජනා ක්‍රම හරහා සිදු කෙරේ….
නව ආණ්ඩුවේ අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දීමේ ජාතික උත්සවය අද(22) ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වුණි. ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ ය. ඒ අනුව මෙලෙස දිවුරුම් දෙනු ලැබු නව අමාත්‍ය මණ්ඩලය වන්නේ, 01. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා – මුදල්, ආර්ථික, බෞද්ධ හා සංස්කෘතික කටයුතු, නාගරික සංවර්ධන, ජල සම්පාදන හා නිවාස සංවර්ධන අමාත්‍ය 02. නිමල් සිරිපාල ද සිල්වා – අධිකරණ, මානව හිමිකම්…
2019 වර්ෂයේ පළමු මාස 09 සඳහා රුපියල් බිලියන 8 ක බදු පසු ලාභයක් වාර්තා කිරීමට හැටන් නැෂනල් බැංකුව සමත් වී තිබෙන අතර එම කාල සීමාව සඳහා සමුහයේ බදු පසු ලාභය රුපියල් බිලියන 8.7 ක් ලෙස වාර්තා වෙයි. පෙර වසරේ අදාළ කාර්තුවට සාපේක්ෂව 2019 වර්ෂයේ තුන්වන කාර්තුවේ ලාභය රුපියල් බිලයන 3.2 ක් දක්වා වර්ධනය වී ඇති…
අභිනවයෙන් තේරී පත් වූ අතිගරු ජනාධිපතිතුමන් දැවැන්ත අභියෝග හමුවේ ශ්‍රී ලංකාවේ ආර්ථිකය ගොඩනැංවීම වෙනුවෙන් ඉටුකරන ඉමහත් කාර්යභාරයට ශක්තියක් වෙමින්, මෑතකදී ඉහළ දැමූ තිරිඟු පිටි මිල ඉවත් කර ගන්නා බවත් ඒ පිළිබඳ ඉදිරියේදී නව රජය සමග සාකච්ඡා කරන බවත් ප්‍රීමා ලංකා සමාගම නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය. මේ අනුව මිල සංශෝධනය සම්බන්ධව සියලු බේකරි හිමියන් සහ…
2019 නොවැම්බර් මස 21 වන දින ෆිච් ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනය “ශ්‍රී ලංකාවේ මැතිවරණ ප්‍රතිඵලය මගින් ප්‍රතිපත්ති අවිනිශ්චිතතා වැඩි කරයි” (Sri Lanka Election Result Increases Policy Uncertainty”) යන තේමාව යටතේ නිකුත් කරනු ලැබූ ප්‍රකාශයට ශ්‍රී ලංකා මහ බැංකුව දැඩිව විරෝධය පළ කරනු ලබයි. එමගින්, ජනාධිපතිවරණයේ ප්‍රතිඵල සහ අතිගරු ජනාධිපතිතුමා විසින් රාජකාරි භාර ගැනීම හා දැනට…
ජාතික පාරිභෝගික මිල දර්ශකයෙහි (ජා.පා.මි.ද., 2013=100) ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2019 සැප්තැම්බර් මාසයේ පැවති සියයට 5.0 හි සිට 2019 ඔක්තෝබර් මාසයේ දී සියයට 5.6 දක්වා ඉහළ ගිය අතර ආහාර කාණ්ඩයෙහි අයිතමවල මිල ගණන්හි සිදු වූ මාසික ඉහළ යෑම් මේ සඳහා දායක විය. ඒ අනුව, ආහාර කාණ්ඩයෙහි ලක්ෂ්‍යමය උද්ධමනය 2019 සැප්තැම්බර් මාසයේ දී…
කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය අද (20) දිනයේ දී ඒකක 4.17 ක පහළ යාමක් වාර්තා කළේය. මේ අනුව දිනය අවසානයේ දී සියලු කොටස් මිල දර්ශකය ඒකක 6,138.59 ක් ලෙසින් සටහන් විය. මේ අතර S&P SL20 දර්ශකයේ ඒකක 26.75 ක පහළ යාමක් දිනය තුළ දක්නට වූ අතර දිනය අවසානයේ දී එහි අගය ඒකක 3,036.16…
අද (20) දින පවත්වන ලද භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියේ දී පොළී අනුපාතිකවල සුවිශේෂී පහළ යාමක් වාර්තා වී තිබේ. මෙහිදී දින 91 බිල්පත් පොළිය 7.56% සිට 7.47%ක් දක්වා සහ දින 182 බිල්පත් පොළිය 7.67% සිට 7.58% ක් දක්වා පදනම් අංක 09කින් පහළ යන ලදී. අද දින කැපී පෙනෙන සිදුවීම නම් දින 364 බිල්පත් පොළිය 8.51% සිට 8.22% ක්…
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා සහ මහා භාණ්ඩාගාරයේ ලේකම්වරයා වශයෙන් පත් කරනු ලැබ ඇති ශ්‍රී ලංකා මහ බැංකුවේ නියෝජ්‍ය අධිපති එස්.ආර්. ආටිගල මහතා මුදල් අමාත්‍යාංශයේදී අද (20) සිය ධූරයේ වැඩ භාර ගත්තේය. මහ බැංකුවේ විධායක නිලධාරියකු වන ආටිගල මහතා මහ බැංකුවෙන් නිදහස් වී වසර දහයකට අධික කාලයක් තිස්සේ මහා භාණ්ඩාගාර නියෝජ්‍ය ලේකම්වරයෙකු…
“VEGA“, ශ්‍රී ලංකාවේ පළමු සුපිරි කාරය (Super car) මේ වන විට කළ එළි බැස තිබේ. එහි නිර්මාතෘවරයා වන්නේ CODEGEN සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ආචාර්ය හර්ෂ සුභසිංහ මහතායි. ආචාර්ය සුභසිංහ පවසන පරිදි මෙය ආසියානු කලාපය තුළ නිපදවන ලද පළමු සුපිරි කාරය ද වේ. දැනට පරීක්ෂණ ධාවන තත්ත්වයේ පසුවන VEGA සුපිරි කාරය තත්පර 3.1 ක කාලයක දී…
Video Story