මෑතකාලීනව සිදු කරන ලද බදු සංශෝධන මගින් කෙටිකාලීනව අඩු උද්ධමනයට සහ ඉහළ ආර්ථික වර්ධනයට සහාය වනු ඇති නමුත්, එමගින් මැදිකාලීනව ආර්ථිකයට ඇතිවන බලපෑම තක්සේරු කිරීම සඳහා රජයේ මැදිකාලීන රාජ්‍ය මූල්‍ය මාවත පිළිබඳ වැඩි පැහැදිලි කිරීමක් අවශ්‍ය බව ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය පවසයි. 2019 වසරේ මේ දක්වා කාලය තුල දී රාජ්‍ය මූල්‍ය ඉලක්ක ළඟා…
ලියාපදිංචි ස්කන්ධ හා සුරැකුම්පත් (ප‍්‍රාථමික අලෙවිකරුවන්) නියෝග හා දේශීය භාණ්ඩාගාර බිල්පත් (ප‍්‍රාථමික අලෙවිකරුවන්) නියෝගයන්ට අනුව, නැට්වෙල්ත් සෙකියුරිටීස් ලිමිටඩ් සමාගමට පනවා තිබූ ප‍්‍රාථමික අලෙවිකරුවකු වශයෙන් සිදුකරනු ලැබිය හැකි ව්‍යාපාර කටයුතු සහ ක‍්‍රියාකාරකම් අත්හිටුවීම 2019 නොවැම්බර් 30 වැනි දින පස්වරු 4.30 සිට බලපැවැත්වෙන පරිදි අවලංගු කිරීමට ශ‍්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් තීරණය කරන ලදී. ප්රාථමික…
ශ්රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය, ඊයේ (2019 නොවැම්බර් 28) පැවති රැස්වීමේ දී ශ්‍රී ලංකා මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR), පිළිවෙළින්, සියයට 7.00 සහ සියයට 8.00 ක් ලෙස දැනට පවතින මට්ටමේ නො වෙනස් ව පවත්වා ගෙන යෑමට තීරණය කළේය. දැනට පවතින සහ අපේක්ෂිත දේශීය ආර්ථිකයේ, මූල්‍ය වෙළෙඳපොළෙහි…
කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය අද (28) දින ගනුදෙනු අවසානයේ දී ඒකක 6,201.12 ක් ලෙසින් වාර්තා විය. මෙය පෙර දිනයට සාපේක්ෂව ඒකක 82.25ක හෙවත් 1.34%ක ඉහළ යාමකි. මේ අතර අද දින රුපියල් බිලියන 2.78 ක ගනුදෙනු පිරිවැටුමක් වාර්තා වූ අතර එහිදී දේශීය ආයෝජකයින්ගේ සක්‍රීය සහභාගීත්වය තවදුරටත් පිළිබිඹු කරමින් රුපියල් බිලියන 2.41 ක් දේශීය…
එළඹෙන උත්සව සමයේ දී හිඟයකින් තොරව උපරිම සිල්ලර මිල යටතේ පාරිභෝගික ජනතාවට සහල් ලබා දීම සඳහා දැනට වී අලෙවි මණ්ඩලයේ ගබඩාවල ඇති වී තොග සහල් බවට පත් කර ලංකා සතොස අලෙවිසල් හරහා වෙළෙඳපොළට නිකුත් කිරීමට රජය තීරණය කර තිබේ. දිස්ත්‍රික් ලේකම්වරුන් විසින් ඉකුත් මහ කන්නයේ දී මිල දී ගත් වී තොග මේ වන විට අදාළ…
උපයන විට ගෙවීමේ බදු හෙවත් PAYE බදු අය කිරීම මුළුමනින්ම ඉවත් කිරීමෙන් පසු ආදායම් බදු අය කරනු ලබන ආකාරය පිළිබඳ පැහැදිලි කිරීමක් තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ /උසස් අධ්‍යාපන,තාක්ෂණ හා නවෝත්පාදන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සිදුකළේය. ඒ අද දෙරණ Big Focus සමඟ එක්වෙමිනි. “PAYE බදු මත රජයේ සේවකයෝ, පුද්ගලික අංශයේ සේවකයෝ බදු ක්‍රමය හා රජය ගැන…
ද ෆිනෑන්ස් කම්පැනි පීඑල්සී ආයතනය සම්බන්ධයෙන් ගෙන ඇති නියාමන ක්‍රියාමාර්ග පිළිබඳ ව නිවේදනයක් ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කර තිබේ. එම සම්පූර්ණ නිවේදනය පහතින් දැක්වේ. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ද ෆිනෑන්ස් කම්පැනි පීඑල්සී ආයතනය සම්බන්ධයෙන් ගෙන ඇති නියාමන ක්‍රියාමාර්ග පිළිබඳ ව 2019 නොවැම්බර් 26 දින පුවත්පත් සහ පුවත් වෙබ් අඩවි කීපයක් තුළ පළ වූ…
හඬ සන්නිවේදන සහ දත්ත සන්නිවේදනයේ විප්ලවීය වෙනසක් ශ‍්‍රී ලංකා තාරුණ්‍යයේ වඩාත් ජනප‍්‍රියතම දුරකථන ජාලය වන භාරති එයාර්ටෙල් ලංකා (එයාර්ටෙල් ලංකා) ශ‍්‍රී ලංකා විදුලි සංදේශන නියාමන කොමිෂන් සභාවේ (TRCSL) 900MHz තරංග සංඛ්‍යාත පරාසයෙන් 5MHz වෙන්කරවා ගත් බව නිවේදනය කර සිටියි. මෙම වෙන්කිරීම් නිසි ”පරිපාලනමය පදනමක්” මත සිදු කරන ලද අතර පූර්වයෙන් ප‍්‍රසිද්ධියට පත්කරන ලද නිර්ණායක මත…
ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් යුතු නව රජය විසින් ඊයේ (27) දින ප්‍රකාශයට පත් කරන ලද නව බදු සහන හමුවේ කොටස් වෙළෙඳපොළේ දැවැන්ත පිබිදීමක් අද (28) උදෑසන දැකගත හැකිවිය. මෙහිදී පළමු ගනුදෙනු පැය තුළ දී සියලු කොටස් මිල දර්ශකය ඒකක 100 ක් ඉක්මවා ඉහළ ගිය අතර ගනුදෙනු පිරිවැටුම රුපියල් බිලියනයේ සීමාව ඉක්මවා යන ලදී.
ව්‍යාපාරවලින් වැට් බදු අය කිරීමේ සීමාව මාසිකව රුපියල් මිලියන 25 ක් දක්වා ඉහළ දමනු ලබන බව කැබිනට් ප්‍රකාශක බන්දුල ගුණවර්ධන මහතා පවසයි. මෙතෙක් එම සීමාව පැවතියේ මාසිකව රුපියල් මිලියන 1ක් ලෙසිනි. මේ අනුව ව්‍යාපාර ආයතනවලින් වැට් බදු අයකිරීමේ වාර්ෂික සීමාව රුපියල් මිලියන 12 සිට රුපියල් මිලියන 300 ක් දක්වා පුළුල් කර තිබේ. “වැට් අයකිරීමේ දී…
Video Story