2005 අංක 06 දරන පනතින් සංශෝධිත 2002 අංක 14 දරන එකතු කළ අගය මත බදු පනතට අනුව සංශෝධනය කරන ලද එකතු කළ අගය මත බදු අනුප්‍රමාණයන් පිළිබඳ අතිවිශේෂ ගැසට් පත්‍රය ඊයේ (02) දින, මුදල්, ආර්ථික හා ප්‍රතිපත්ති සංවර්ධන අමාත්‍ය, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ අත්සනින් යුතුව නිකුත් කර තිබේ. පහත දැක්වෙන්නේ එම අතිවිශේෂ ගැසට් නිවේදනයයි.
2019 සඳහා අපේක්ෂිත රාජ්‍ය මූල්‍ය හිඟය ඇස්තමේන්තු ගත ප්‍රමාණයට වඩා වැඩි වනු ඇති අතර එය දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 7 ක් පමණ විය හැකි බවත්, අපේක්‍ෂා කළ ආදායමට වඩා සැලකිය යුතු අඩුවීමක් හේතුවෙන් සහ ප්‍රධාන වශයෙන් මන්දගාමී වර්ධනය සහ මැතිවරණ ආශ්‍රිත වියදම් වැඩිවීම මෙයට හේතු වනු ඇති බවත් මුදල් අමාත්‍යාංශය පවසයි. නව බදු රෙගුලාසි ක්‍රියාත්මක…
ආහාර එතුම් හෙවත් Lunch sheets නිෂ්පාදකයින් හා වෙළෙඳුන් විසින් එම එක් එක් ආහාර එතුම් සහිත පැකට්ටුවකම හෝ බණ්ඩලයකම, සන්නම් නාමය උපරිම සිල්ලර මිල නිෂ්පාදකයාගේ නම සහ ලිපිනය නිෂ්පාදිත දිනය හා ආයු කාලය භාවිතා කරන ලද අමුද්‍රව්‍ය භාවිත ද්‍රව්‍ය පිළිබඳ ප්‍රකාශනය මධ්‍යම පරිසර අධිකාරියේ ලියාපදිංචි අංකය එතුමක ප්‍රමාණය පැකට්ටුවක හෝ බණ්ඩලයක අඩංගු එතුම් සංඛ්‍යාව පිළිබඳ තොරතුරු…
කාබන් අවම සංවර්ධනයක් සඳහා වන මෙම උපාය මාර්ගය ශ්‍රී ලංකාවේ විශාලතම අපනයන කර්මාන්තයට ‘වගකීමක් සහිත විලාසිතා‘ (Responsible Fashion) යන ගෝලීය සම්මුතිය වැළඳ ගැනීමට උපකාරි වනු ඇත. HSBC සහ සොබදහම සංරක්ෂණ අන්තර්ජාතික සංගමයේ (IUCN) ශ්‍රී ලංකා කාර්යාලය විසින් දේශීය ඇඟලුම් කර්මාන්තය, කාබන් අවම සංවර්ධනයක් කරා වෙනස් කිරීමේ උපාය මාර්ගික ව්‍යාපෘතියක් දියත් කරන බව 2019 දෙසැම්බර් 3…
ලොව නැගී එන වෙළෙඳපොළ සම්බන්ධයෙන් විශේෂඥයෙකු ලෙසින් සැලකෙන ආචාර්ය මාක් මෝබියස් මහතා එක්වන ව්‍යාපාරික සමුළුවක් එළඹෙන දෙසැම්බර් 10 දින පැවැත්වීමට නියමිතය. කොළඹ නගරයේ ඉදිවෙමින් පවතින දැවැන්ත මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතියක් වන Cinnamon Life විසින් මෙම ඉසව්ව සංවිධානය කරනු ලබයි. ආචාර්ය මොබියස් වසර 30 කට වැඩි කාලයක් Franklin Templeton Investments හි සේවය කළ අතර ටෙම්පල්ටන් නැගී එන…
මෙරට සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් වර්තමානයේ මුහුණ දී සිටින පීඩාකාරී තත්ත්වයෙන් මුදා ගැනීම සඳහා කඩිනම් සහන ලබා දෙන බව සංවර්ධන බැංකු හා ණය යෝජනා පිළිබඳ රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසයි. සිය දේපල අහිමි වීම දක්වා දුර දිග ගොස් ඇති මෙම ගැටලු සඳහා විසඳුම් ලබා දීමට අවශ්‍ය මූලික සාකච්ඡා අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් රාජ්‍ය සහ පෞද්ගලික…
2016 රජයේ අයවැය මගින් යෝජනා කරන ලද පරිදි ලංකාපුත්‍ර ඩිවලොප්මන්ට් බෑන්ක් ලිමිටඩ්, ප්‍රාදේශීය සංවර්ධන බැංකුව සමග ඒකාබද්ධ කිරීමෙන් අනතුරුව 1988 අංක 30 දරන (සංශෝධිත) බැංකු පනතේ 76එෆ් වගන්තිය සමග කියවිය යුතු 9(9) වගන්තියේ නියෝග ප්‍රාකාරව, ලංකාපුත්‍ර ඩිවලොප්මන්ට් බෑන්ක් ලිමිටඩ් වෙත නිකුත් කර ඇති බලපත්‍රය 2019 අප්‍රේල් 01 දින සිට බලපැවැත්වෙන පරිදි අහෝසි කිරීම සඳහා ශ්‍රී…
මුල් සතියේ දීම බැඳුම්කර විදෙස් ආයෝජන රු. මිලියන හාරදහසකින් ඉහළට 2019 නොවැම්බර් 27 දින වන විට රජයේ සුරැකුම්පත්වල සිදුකර ඇති විදෙස් ආයෝජන වටිනාකම රුපියල් මිලියන 120,807 ක් දක්වා ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුවේ නවතම වාර්තාවක සඳහන් වේ. 2019 නොවැම්බර් 20 දින වන විට මෙම වටිනාකම පැවතියේ රුපියල් මිලියන 116,528 ක් වශයෙනි. මේ…
නව රජයේ නව ආදායම් බදු සංශෝධන මෙරට රාජ්‍ය හා පුද්ගලික අංශයේ මාසික වේතන ලබන සේවකයින්ගේ ප්‍රශංසාවට ලක්ව තිබේ. බොහෝ ආයතනවල වසර අවසාන ප්‍රසාද දීමනා ආදිය ලබා දීමක් සිදුවන බැවින් මෙම දෙසැම්බර් මාසයේ දී තමන් මාසිකව ලබන වැටුපට වඩා කිහිප ගුණයක වැටුපක් අතට ගැනීමට බොහෝ ආයතනවල සේවකයෝ බලාපොරොත්තුවෙන් සිටිති. කෙසේ වෙතත් පසුගිය දා ප්‍රකාශයට පත් කරන ලද…
මෙරට විශාලතම ලැයිස්තුගත සමාගම් සමූහය වන ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී හි අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකාවක වශයෙන් කටයුතු කළ ආචාර්ය රාධිකා කුමාරස්වාමි එම තනතුරින් ඉල්ලා අස් වී තිබේ. කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත මේ බව දැනුම් දෙමින් සමාගම් ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කර සිටින්නේ 2019 දෙසැම්බර් 31 දින සිට මෙම ඉල්ලා අස්වීම බලපැවැත්වෙන බවයි. සිය අනෙකුත් වෘත්තීය කටයුතු නිසා…
Video Story