මෙරට ලැයිස්තුගත මූල්‍ය සමාගමක් වන සිංහපුත්‍ර ෆිනෑන්ස් පීඑල්සී හි ප්‍රධනා කොටස්කරුවා වූ රාවන විජේරත්න, 50.31% ක්වූ සිය කොටස් හිමිකාරීත්වය ඊයේ (05) දිනයේ දී මුළුමනින්ම විකුණා දමන ලදී. මෙහිදී ගැනුම්කරුවා වූ සිංහ කැපිටල් ඉන්වෙස්ට්මන්ට් ලිමිටඩ් සමාගමයි. රු. 9.50 බැගින් කොටස් 31,675,870 ක් මෙහිදී හුවමාරු විය. මෙම ගනුදෙනුවේ වටිනාකම රුපියල් මිලියන 300.92 කි. සිංහපුත්‍ර ෆිනෑන්ස් පීඑල්සී වෙත…
පසුගිය දා සිදුකරන ලද වැට් බදු සංශෝධනවලට අනුව සිගරට්, දුම්කොළ හා මත්පැන් මිලෙහි අඩුවීමක් සිදු නොවන බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි. අද (05) පෙරවරුවේ පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේ දී අමාත්‍යවරයා මේ බව කියා සිටියේය. මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු පැහැදිලි කළ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා, “සමහර පාර්ශව මතයක් මතු…
ඊයේ (04) පැවති කැබිනට් රැස්වීමේ දී වැලි ප්‍රවාහනය සඳහා මෙතෙක් බලපැවැත්වූ බලපත්‍ර ක්‍රමය අහෝසි කළ බව පරිසර, වනජීවී සම්පත් සහ ඉඩම් හා ඉඩම් සංවර්ධන අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන මහතා කියා සිටියේය. “අදින් පස්සේ වැලි ප්‍රවාහනය කරන්න, අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා, බලපත්‍ර අවශ්‍ය නැහැයි කියලා තීන්දු කළා. ඒ අනුව පස්, වැලි, ගල්වල මිල මීට පස්සේ අඩු…
ශ‍්‍රී ලංකා – මෙකොං මහා ව්‍යාපාර කවුන්සිලයේ 08 වන වාර්ෂික මහා සභා රැස්වීම පසුගියදා කොළඹ සමාජ ශාලාවේදී පැවැත්විණි. මෙම අවස්ථාවට ප‍්‍රධාන ආරාධිත අමුත්තන් ලෙස වියට්නාමයේ තානාපති ගරු පැම් තී බික් නොක්, තායිලන්ත තානාපති ගරු චුලාමනී චාර්ට්සුවන් සහ මියන්මාර තානාපති ගරු හැන් තු යන මහත්වරු සහභාගී වූහ. සීමාසහිත රන්ෆර් තේ (පුද්ගලික) සමාගමේ අධ්‍යක්ෂ රනිල් සෙනෙවිරත්න මහතා…
2019 නොවැම්බර් මාසයේ දී ශ්‍රී ලංකාවට පැමිණි විදෙස් සංචාරකයින් සංඛ්‍යාව 176,984 ක් බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ නවතම සංඛ්‍යාලේඛන අනාවරණය කර සිටී. අප්‍රේල් 21 පාස්කු ප්‍රහාරයෙන් පසු දැඩි පසුබෑමකට මෙරට සංචාරක කර්මාන්තය පත්වූ අතර ඉන් පසු වැඩිම විදෙස් සංචාරකයින් ප්‍රමාණයක් පැමිණි මාසය ලෙසින් 2019 නොවැම්බර් මාසය වාර්තා වනු ඇත. එසේම 2019 ඔක්තෝබර් මාසයේ දී…
VAT අඩුවීමේ සහ NBT ඉවත් කිරීමේ ප්‍රතිලාභය ජනතාවට ලබාදෙන්න ඉන්සි සිමෙන්ති සමාගම තීරණය කරයි ඉන්සි සිමෙන්ති ශ‍්‍රී ලංකා (සියැම් සිටි සිමෙන්ති (ලංකා) සමාගම) සිය පාරිභෝගිකයින්ට සහ කාර්මික පාරිභෝගිකයින්ට බදු අඩු කිරීමේ ප‍්‍රතිලාභ ලබා දෙන බව දන්වමින් නිවේදනයක් නිකුත් කර ඇත. ජනතාවගේ ජීවන තත්වය ඉහළ නැංවීම සඳහා බදු සහන ලබා දෙන බවට ශ‍්‍රී ලංකා රජය විසින් පසුගියදා කරන ලද…
මේ අවස්ථාවේ දී නව රජයේ වැඩි අවධානය යොමුව ඇත්තේ සෘජු විදෙස් ආයෝජන වෙත බවත්, ඔවුන්ට මෙරට යටිතල පහසුකම් ව්‍යාපෘතිවල ආයෝජනය කිරීමෙන් පවා ප්‍රතිලාභ ලැබිය හැකි බවත් ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි. ඊයේ (03) පැවති මාධ්‍ය හමුවක දී රාජ්‍ය අමාත්‍යවරයා මේ බව කියා සිටියේය. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය කෙහෙලිය…
ගූගල් සමාගමේ සම-නිර්මාතෘවරුන් වන ලැරී පේජ් සහ සර්ජි බ්‍රින්, ගූගල් මව් සමාගම වන Alphabet හි ප්‍රධාන විධායක නිලධාරී සහ සභාපති තනතුරුවලින් ඉවත් වී තිබේ. මෙම ඉවත් වීමත් සමඟම ගූගල් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී සුන්දර් පිචායි Alphabet හි ප්‍රධාන විධායක නිලධාරියා බවට පත්වනු ඇති බවට සමාගම විසින් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී. Alphabet ඉන්කෝපරේෂන් යනු කැලිෆෝනියාවේ…
ශ්රී ලංකාවේ ජාතික ගුවන් සේවය සහ වන්වර්ල්ඩ් සන්ධානයේ සාමාජිකයෙකු වන ශ්‍රීලංකන් ගුවන් සේවය ලෝක සංචාරක සම්මාන උළෙලෙහි දී (World Travel Awards) අඛණ්ඩව සිව්වන වරටත් ඉන්දියානු සාගර කලාපය වෙත පියාසර කරන ලොව ප්‍රමුඛතම ගුවන්සේවය (‘World’s Leading Airline to the Indian Ocean’) ලෙස සම්මානයෙන් පිදුම් ලැබීය. මෙම ලෝක සංචාරක සම්මාන උළෙලෙ අති උත්කර්ෂවත් අන්දමින් ඕමානයේ මස්කට් හි…
ශ්රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂං සභාවේ නව සභාපතිවරයා වශයෙන් මහා භාණ්ඩාගාරයේ නියෝජ්‍ය ලේකම් ඒ.ආර්. දේශප්‍රිය මහතා පත් කර තිබේ. ඒ. ආර්. දේශප්‍රිය මහතා රාජ්‍ය සේවයේ වසර 30 ක රාජකාරි අත්දැකීම් හෙබි නිලධාරියෙකු වේ. ඔහු දැනට ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරියෙකි. මෙම කාලය අතරතුර රාජ්‍ය අංශයේ විවිධ ක්ෂේත්‍රයන්හි රාජකාරි කටයුතු කර ඇති ඔහු මහා භාණ්ඩාගාරයේ අධ්‍යක්ෂක, අතිරේක අධ්‍යක්ෂක ජනරාල්…
Video Story