Top News

තංගල්ලට තරු පහේ සුපිරි හෝටලයක්. කාමර 176යි. ඩොලර් මිලියන 35 ක ආයෝජනයක්

තරු 5 තරු හෝටල් ව්‍යාපෘතියක් ආරම්භ කිරීම, මෙහෙයවීම සහ ක්‍රියාත්මක කිරීම සඳහා ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය, LA’ MORE හෝටල් (පුද්ගලික) සමාගම සමඟ ගිවිසුමක් අත්සන් කර තිබේ. මෙය කාමර 176 ක දැවැන්ත හෝටල් ව්‍යාපෘතියකි. මෙම ව්‍යාපෘතිය ඇමරිකානු ඩොලර් මිලියන 35 ක ආයෝජනයක් වන අතර 355 දෙනෙකුට මේ හරහා නව රැකියා අවස්ථා නිර්මාණය වේ. මෙම ගිවිසුමට ශ්‍රී…

(0)Comments | November 8, 2019 10:46 am

Siemens – ඩිමෝ බද්ධ ව්‍යාපාරයට රු. මිලියන 4,500 ක කොන්ත්‍රාත්තුවක්

ජාතික සම්ප්‍රේශන හා බෙදා හැරීම් ජාල සංවර්ධනය හා කාර්යක්ෂමතාව වැඩි දියුණු කිරීමේ ව්‍යාපෘතියේ පැකේජ 4 ලොට් A සංරචකය යටතේ දෙහිවල ගල්කිස්ස හා බත්තරමුල්ල ප්‍රදේශයන්හි ප්‍රාථමික උපපොළ, බෙදාහැරීමේ උපපොළ සහ කේබල් ඉදි කිරීමේ කොන්ත්‍රාත්තුව අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි ඉන්දියාවේ Siemens Limited විසින් ශ්‍රී ලංකාවේ සීමාසහිත ඩිමෝ (පෞද්ගලික) සමාගම සමඟ…

(0)Comments | November 7, 2019 4:41 pm

එමිරේට්ස් සමූහය 2019-20 අර්ධ වසර සඳහා ඩිරාම් බිලියන 1.2 ක ලාභයක් වාර්තා කරයි

වර්තමාන මූල්‍ය වසරේ පළමු අර්ධය සඳහා එමිරේට්ස් සමුහය ඩිරාම් බිලියන 53.3 ක (ඇ. ඩොලර් බිලියන 14.5 ක) ආදායමක් වාර්තා කර ඇති අතර සළකා බලන කාලය තුල ඩුබායි ගුවන් තොටුපළේ දක්ෂිණ පථය දින 45 ක කාළයක් අඵත්වැඩියාව සඳහා වසා තැබීම සහ රටවල් කීපයක අයහපත් විනිමය අනුපාත වෙනස් වීම් හේතුවෙන් මෙම අගය සියයට 2 කින් අඩුවූ බව…

(0)Comments | November 7, 2019 4:13 pm

ඔක්තෝබරයේ සංචාරක පැමිණීම 22.5%කින් පහළට

පාස්කු ප්‍රහාර මාලාව හමුවේ දරුණු කඩාවැටීමකට ලක් වූ මෙරට සංචාරක කර්මාන්තය ක්‍රමයෙන් යහපත් අතරට හැරෙමින් පවතින බව නවතම සංඛ්‍යාලේඛන පෙන්වා දේ. ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය විසින් ප්‍රකාශයට පත් කරන ලද 2019 ඔක්තෝබර් මාසයේ සංචාරක පැමිණීමේ සංඛ්‍යාලේඛනවලට අනුව වාර්ෂික පදනම මත ඔක්තෝබර් මාසයේ විදෙස් සංචාරකයින්ගේ පැමිණීම 22.5%කින් පහළ ගොස් ඇති අතර මෙය පසුගිය මැයි මාසයේ දී…

(0)Comments | November 7, 2019 12:00 pm

ශ්‍රීලංකන් ගුවන් සේවය ව්‍යාපාර සැලැස්ම සමඟ ඉදිරියට යයි

ශ්‍රීලංකන් ගුවන් සේවය සියළුම අංශයන් හි සේවකයින්ගේ අඛණ්ඩ සහයෝගය ඇතිව සිය අධ්‍යක්ෂ මණ්ඩලයේ නායකත්වය යටතේ පුළුල් පරාසයක නව ව්‍යාපාර සැලැස්මක් ක්‍රියාත්මක කිරීම තුළින් මූල්‍ය සාර්ථකත්වය ළඟා කර ගනිමින් නවීන පාරිභෝගික කේන්ද්‍රීය ගුවන් සේවයක් බවට ගුවන් සේවය පත්කිරීමේ ප්‍රයත්නයන්හි සැලකිය යුතු ප්‍රගතියක් ලබා ඇත. 2018 අප්‍රේල් මාසයේ දී නව අධ්‍යක්ෂ මණ්ඩලයක් පත් කිරීමෙන් පසුව, ශ්‍රීලංකන් හි…

(0)Comments | November 7, 2019 10:33 am

ACL කේබල්ස් ට රුපියල් මිලියන 789 ක ඒරියල් බන්ඩල් සන්නායක කොන්ත්‍රාත්තුවක්

ලංකා විදුලිබල මණ්ඩලයේ බෙදාහැරීමේ කලාප සඳහා ඒරියල් බන්ඩල් සන්නායක කිලෝමීටර 1,300 ක් සැපයීම හ බෙදාහැරීම සඳහා වන කොන්ත්‍රාත්තුව අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි සීමාසහිත ACL කේබල්ස් (පොදු) සමාගම වෙත රුපියල් මිලියන 789.45ක මුදලකට පිරිනැමීම පිණිස විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින්…

(0)Comments | November 6, 2019 3:50 pm

ගල් අඟුරු – ක්ෂණික හා දිගුකාලීන මිල දී ගැනීම් අනුමතයි

නොරොච්චෝලේ ලක්විජය ගල් අඟුරු බලාගාරයට 2019 නොවැම්බර් සිට 2021 අප්‍රේල් දක්වා විදුලිය නිපදවීමට අවශ්‍ය ගල් අගුරු ප්‍රමාණය වන මෙට්‍රික් ටොන් මිලියන 2.25 ක ප්‍රමාණයෙන් 50%ක ප්‍රමාණයක් සැපයීම සඳහා වන කොන්ත්‍රාත්තුව අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි මෙට්‍රික් ටොන් 1ක් ඇමරිකානු ඩොලර් 60.71 මුදලකට සිංගප්පූරුවේ M/s Swiss Singapore Overseas Enterprises Pte….

(0)Comments | November 6, 2019 2:49 pm

බැංකු පනත සංශෝධනයට කැබිනට් අනුමැතිය

2019 අයවැය කතාව මගින් යෝජනා කර අනුමත කරන ලද පරිදි බැංකු ක්ෂේත්‍රයේ දේශීය කොටස් හිමිකාරීත්වය ප්‍රවර්ධනය කිරීම සඳහා මෙන්ම ශ්‍රී ලංකාවේ බලපත්‍රලාභී වාණිජ බැංකුවල ප්‍රමාණාත්මකතා අවශ්‍යතාවය ශක්තිමත් කිරීම පිණිස 1988 අංක 30 දරන බැංකු පනත යටතේ නිකුත් කරන ලද 2007 අංක 01 දරන නියෝගය සංශෝධනය කිරීම සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ මුදල් අමාත්‍ය මංගල සමරවීර…

(0)Comments | November 6, 2019 2:02 pm

ආර්ථික සේවා ගාස්තු, දේශීය ආදායම් සංශෝධන පනත් කෙටුම්පත් පාර්ලිමේන්තුවට

2019 ජාතික අයවැය යටතේ ඉදිරිපත් කරන ලද බදු යෝජනා ක්‍රියාත්මක කිරීම සඳහා 2006 අංක 13 දරන ආර්ථික සේවා ගාස්තු පනත සංශෝධනය කිරීම සඳහා වන පනත් කෙටුම්පත සහ ආදායම් යෝජනා සහ සහන ක්‍රියාත්මක කිරීම පිණිස කෙටුම්පත් කරනු ලැබ ඇති පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමට සහ එකී පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ අනුමැතියට ඉදිරිපත් කිරීමට මුදල් අමාත්‍යවරයා…

(0)Comments | November 6, 2019 11:35 am

ආසියානු ණය පූරකකරණ ආයතනික එකමුතුවෙහි 32 වන වාර්ෂික සමුළුවට සත්කාරත්වය ශ්‍රී ලංකා මහ බැංකුවෙන්

ආසියානු ණය පූරකකරණ ආයතනික එකමුතුවෙහි 32 වන වාර්ෂික සමුළුව 2019 ඔක්තෝම්බර් මස 28 සිට 30 දක්වා කොළඹ සිනමන් ලේක්සයිඩ් හෝටල් පරිශ්‍රයේ දී පැවැත් වූ අතර එහි සත්කාරකත්වය ශ්‍රී ලංකා මහ බැංකුව විසින් දරණ ලදි. වඩා හොඳ ණය පූරකකරණ ක්‍රමවේදයක් හඳුන්වාදීමේ සහ ප්‍රවර්ධනය කිරීමේ අරමුණ ඇතිව 1987 දී මෙම ආසියානු ණය පූරකකරණ ආයතනික එකමුතුව ස්ථාපනය කරන…

(0)Comments | November 6, 2019 11:11 am