ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය පහසුකම යටතේ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වන හයවන සමාලෝචනය සම්පූර්ණ කර තිබේ. මේ අනුව එක්සත් ජනපද ඩොලර් මිලියන 164 ක හයවන වාරිකය ශ්‍රී ලංකාව වෙත මුදා හැරීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් කටයුතු කරනු ඇත. මෙම හයවන වාරිකය මුදා හැරීමත් සමඟ විස්තීර්ණ ණය පහසුකම යටතේ සිදු කළ සමස්ත මුදා හැරීම් ප්‍රමාණය විදේශීය…
2019 ජනවාරි 07 වැනිදායින් පසු සියලු කොටස් මිල දර්ශකය (ASPI) ඒකක 6,000 සීමාව පසු කළ පළමු අවස්ථාව මෙයයි කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය අද (01) දිනයේ දී ඒකක 6,000 සීමාව පසුකරන ලදී. මෙහි ඇති විශේෂත්වය වන්නේ 2019 ජනවාරි 07 වැනිදායින් පසු සියලු කොටස් මිල දර්ශකය ඒකක 6,000 සීමාව පසු කළ පළමු අවස්ථාව මෙය…
වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය හරහා ශ්‍රී ලංකා තේ මණ්ඩලයට රුපියල් මිලියන 600ක මුදලක් වෙන් කිරීමටත්, වැවිලි ක්ෂේත්‍රයේ ඵලදායීතාව කඩිනමින් වර්ධනය කිරීම උදෙසා එම අරමුදල් යොදා ගනිමින් සුදුසු යාන්ත්‍රණයක් සැකසීම පිළිබඳව තීරණය කිරීමට ශ්‍රී ලංකා තේ මණ්ඩලය වෙත බලය පැවරීමටත් අමාත්‍ය මණ්ඩලය විසින් මීට පෙර අනුමැතිය ලබා දී ඇත. එම ප්‍රතිපාදන භාවිතා කරමින් වතු කම්කරුවන්ගේ සමාජ සුබසාධනය…
මෙවර ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වන ගෝඨාභය රාජපක්ෂ, සජිත් ප්‍රේමදාස සහ අනුර දිසානායක යන අපේක්ෂකයින් තිදෙනාගේ මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශන මේ වන විට එළිදක්වා තිබේ. සිය ප්‍රතිපත්ති ප්‍රකාශන තුළ ශ්‍රී ලංකාවේ ප්‍රාග්ධන වෙළෙඳපොළ සම්බන්ධයෙන් මෙකී අපේක්ෂකයින් තිදෙනාම අවධානය යොමුකර තිබීම විශේෂයෙන් දැකිය හැකිය. මෙහිදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධූර අපේක්ෂක ගෝඨාභය රාපක්ෂ මහතාගේ “ගෝඨාභය – රට…
ලංකා වාණිජ මණ්ඩලය විසින් ශ්‍රී ලංකා ආර්ථිකය ප්‍රවර්ධනය සඳහා අංශ 12 ක සිදුවිය යුතු ප්‍රතිසංස්කරණ පිළිබඳව යෝජනාවලියක් ඉදිරිපත් කර ඇත. 2025 වන විට ශ්‍රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතය ඇමරිකානු ඩොලර් බිලියන 134 ක් දක්වා ඉහළ නැංවීම සඳහා අවශ්‍ය 6.8%ක සාමාන්‍ය ආර්ථික වර්ධන වේගයක් පවත්වාගෙන යාමේ දී සිදුකළ යුතු විශේෂ ආර්ථික ක්‍රියාකාරකම් 140ක් මෙහි ඇතුළත් වේ….
උපයන විට බදු ගෙවීම (PAYE) ආරම්භ කළ යුතු සීමාව මසකට රු. 100,000 සිට මසකට රු. 150,000 ආදායම දක්වා ඉහළ දමන බව අද (31) දින එළි දක්වන ලද නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශයෙහි සඳහන් වේ. තවද උපයන විට ගෙවීමේ බදු අදාළ වන පරාසය පුළුල් වනු ඇති බව ද එහි දැක්වේ….
2020-01-01 සිට 2020-08-31 දක්වා මාස අටක (08) කාලයක් සඳහා මර්බන් බොර තෙල් බැරල් 8,400,000ක් මිලදී ගැනීමේ දිගුකාලීන කොන්ත්‍රාත්තුව අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද විශේෂ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශ පරිදි M/s B.B. Energy (Asia) Pte. Ltd., Singapore වෙත හා 2019-10-01 සිට 2020-06-30 දක්වා මාස නවයක (09) කාලයක් තුළ ඩීසල් (උපරිම සල්පර් ප්‍රතිශතය 0.05) බැරල් 1,960,000ක්…
මෙරට තුළ කජු වගාව සඳහා විශාල විභවයක් පැවතීම සැලකිල්ලට ගෙන, කිලිනොච්චි දිස්ත්‍රික්කයේ අක්කර 479කින් යුත් පූනරීන් වතුයාය, මන්නාරම දිස්ත්‍රික්කයේ අක්කර 6,498කින් යුත් කොණ්ඩච්චි වතුයාය හා අක්කර 500කින් යුත් වෙල්ලම්කුලම් වතුයාය, මඩකලපුව දිස්ත්‍රික්කයේ අක්කර 1,075කින් යුත් මාන්කර්නි වතුයාය, ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ අක්කර 681කින් යුත් තිරියාය වතුයාය සහ පුත්තලම දිස්ත්‍රික්කයේ අක්කර 441කින් යුත් එළුවන්කුළම මාටින් ඉපිල් ඉපිල් ගොවිපොල…
සංචාරක කටයුතු සඳහා බදු පදනම මත දුම්රිය සංවර්ධනය කිරීම සහ ක්‍රියාත්මක කිරීම සඳහා කොන්ත්‍රාත්තු පිරිනැමීමට අමාත්‍ය මණ්ඩලය විසින් මීට පෙර අනුමැතිය ලබා දී ඇත. ඒ අනුව, මහනුවර මාර්ගයේ සුඛෝපභෝගී මගී මැදිරි සේවාව දැනට ක්‍රියාත්මක වන නමුදු, බදුල්ල, උතුරු, නැඟෙනහිර සහ දකුණ යන මාර්ගවල දැනට එම සේවාව ක්‍රියාත්මක නොවේ. එබැවින්, මගී අවශ්‍යතා සහ වත්මන් ඉල්ලුම සැලකිල්ලට…
උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ අධ්‍යාපනික සහයෝගිතාවය වර්ධනය කිරීමේ අරමුණින්, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධි කළමනාකරණ ආයතනය සහ තායිලන්තයේ කැසෙට්සාර්ට් විශ්වවිද්‍යාලයේ ව්‍යාපාර පරිපාලන පීඨය අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීම පිණිස නගර සැලසුම්, ජලසම්පාදන හා උසස් අධ්‍යාපන අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
Video Story