CDB වෙතින් කෘෂිකර්මාන්තය නැංවීමට අතහිත

    September, 16, 2021

    ශ්‍රී ලංකාවේ තිරසාරත්වය වෙනුවෙන් කැපවුණු සමාගම් අතර ප්‍රමුඛතම සමාගම් 10 න් එකක් ලෙස සැලකෙන සිටිසන්ස් ඩිවලොප්මන්ට් බිස්නස් ෆිනෑන්ස් සමාගම (Citizens Development Business Finance PLC (CDB), මෙරට කෘෂිකර්මාන්තය නැංවීමේ මෙහෙවරට උරදීම සඳහා ඉදිරිපත් වී සිටී. රාජ්‍ය ප්‍රතිපත්ති වලට අත්වැලක් වෙමින්, මෙරට කෘෂිකර්මාන්තයේ වර්ධනයට උපකාරී වන, විශේෂයෙන් සැකසූ මුල්‍ය පහසුකම් හඳුන්වා දීමට CDB මේ වනවිට පියවර ගෙන තිබේ.

    සමාජය, පරිසරය සහ ලාභය යන පදනම් තුන (Triple Bottom Line approach) මූලික කරගත් ව්‍යාපාර ක්‍රමෝපායක් ඔස්සේ කටයුතු කරන CDB සමාගම, මෙරට ප්‍රමුඛතම සමාගමක් ලෙස රටේ යහපැවැත්ම සම්බන්ධයෙන් තමන් සතු සමාජයීය වගකීම පිළිබඳව මනා අවබෝධයකින් යුතුව කටයුතු කරයි. මෙරට ගොවීන්ට තම එදිනෙදා කටයුතු වඩාත් කාර්යක්ෂම ලෙස සිදුකිරීම සඳහා අවශ්‍ය වන කෘෂි උපකරණ මිලදී ගැනීමට අවශ්‍ය පහසුකම් සැලසීම කෙරෙහි මේ වනවිට සමාගමේ අවධානය යොමුවී තිබේ.

    “කෘෂිකර්මාන්තය යනු ග්‍රාමීය ගොවි ජනතාවගේ ප්‍රධානතම ජීවනෝපාය මාර්ගයයි. ඔවුන්ගේ යහපත උදාකරමින්, ඔවුන්ට තම ගොවිතැන් කටයුතු සුරක්ෂිත ලෙස කරගෙන යාමට හැකි පසුබිමක් නිර්මාණය කිරීම අපගේ ප්‍රමුඛතම වගකීමක් වනවා. එම නිසා ගොවීන්ගේ අභිප්‍රායන් බලගන්වමින් ඔවුන්ගේ ජීවනෝපාය මාර්ග වැඩිදියුණු කරගැනීමට අවස්ථාව සලසා දීම සඳහා අප මෙම මුල්‍ය පහසුකම් හඳුන්වා දුන්නා.” CDB සමාගමේ අධ්‍යක්ෂ - විකුණුම් හා ව්‍යාපාර සංවර්ධන, සසින්ද්‍ර මුණසිංහ මහතා පැවසීය.

    වගා කටයුතු සිදුකරන කාලසීමාවන් සහ, අදාළ ප්‍රදේශයේ අස්වැන්න අනුව විශේෂයෙන් සැලසුම් කළ ගෙවීම් ක්‍රම සහිත මුල්‍ය පහසුකම් හඳුන්වා දීමට CDB සමාගම කටයුතු කර තිබේ. සහනදායී පොලී අනුපාතයන් සහ නම්‍යශීලී ආපසු ගෙවීමේ කාලසීමාවන් සමගින් මෙම පහසුකම් ලබාගත හැකි වන අතර, ගනුදෙනුකරුවන්ගේ පහසුවට මුල්තැන දෙමින්, අවම ලිපිලේඛන සමගින්, ගනුදෙනුකරුවන් වෙතටම පැමිණ සේවාව ලබාදිය හැකි ආකාරයට මෙම මුල්‍ය පහසුකම් සැලසුම් කර ඇත.

    “ශ්‍රී ලංකාවේ ගොවීන් වෙනුවෙන් මෙලෙස සුවිශේෂී මුල්‍ය පහසුකම් සැපයීමට ලැබීම අපට මහත් සතුටක්. රටේ සංවර්ධනය උදෙසා විශාල කාර්යභාරයක් ඉටුකරන ඔවුන්ගේ මෙහෙවර ඇගයීමට ලක්වන්නේ කලාතුරකින්. මේ වනවිට කෘෂිකර්මාන්තය මගින් රටේ දළ දේශීය නිෂ්පාදිතයට 7.4% ක පමණ දායකත්වයක් ලැබෙනවා. නවීන තාක්ෂණය භාවිතයට ගන්නේ නම් අපට මෙය තවත් පුළුල් කළ හැකියි. කෘෂිකර්මාන්තය නගාසිටුවීම යනු රටට තිරසාර ආර්ථිකයක් පවත්වාගෙන යාමට පැහැදිලි ලෙසම දායක වීමක් වන අතර, ඒ වෙනුවෙන් සෑම විටම අත්වැලක් වීමට CDB සූදානම්.” සසින්ද්‍ර මුණසිංහ මහතා තවදුරටත් පැවසී ය.

    සිටිසන්ස් ඩිවලොප්මන්ට් බිස්නස් ෆිනෑන්ස් පීඑල්සී (CDB), ශ්‍රී ලංකාවේ විශාලතම බැංකු නොවන මුල්‍ය සමාගම් පහ අතර ප්‍රමුඛස්ථානයක් හිමිකරගෙන සිටින අතර, ප්‍රසිද්ධ ලැයිස්තුගත ආයතනික ප්‍රමුඛයෙකු ලෙස ශ්‍රී ලංකාව පුරා ව්‍යාප්තව ඇති සිය ශාඛා ජාලය ඔස්සේ නවීන තාක්ෂණික ක්‍රමෝපායන් භාවිතා කරමින් ශ්‍රී ලංකාවේ මුල්‍ය සේවා ක්ෂේත්‍ර‍යෙහි දැවැන්ත වෙනසක් ඇති කිරීමට සමත්ව ඇත.