Ceylonese Crabs සිංගප්පූරුවේ දී විවෘත කෙරේ

    February, 12, 2024

    පූර්ණ ලාංකේය කෑම වට්රෝරුවලින් සමන්විත ලාංකේය අවන්හලක් වන ''Ceylonese Crabs'' පසුගිය පෙබරවාරි 2 වනදා සිංගප්පූරුවේ දී විවෘත කෙරිණි.

    සිංගප්පූරුවේ සිටිනා ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයෙක් වන නුවන් බණ්ඩාර සිය ව්‍යාපාර ජාලය පුළුල් කරමින් ඉදිකළ මෙම නව අවන්හල සිංගප්පූරුවේ East cost Park හී පිහිටි Seafood Center හී Blk 1202 පිහිටා ඇත.

    ''Ceylonese Crabs'' සමාරම්භක අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිතයා ලෙස එරට ශ්‍රීලංකා මහකොමසාරිස් සෙනරත් දිසානායක සහභාගී විය. මහා සංඝරත්නයේ සෙත් පිරිත් සජ්ජායනා මධ්‍යයේ සිදුවූ ''Ceylonese Crabs'' සමාරම්භයට ලාංකිකයන් ඇතුළු විශාල පිරිසක් එක් විය.