August, 12, 2026
Senok සමූහයට අයත්, ශ්‍රී ලංකාවේ Changan, Deepal සහ Nevo වාහන සඳහා බලයලත් අලෙවි නියෝජිතයා වන Prime EV Automobiles (Pvt) Ltd, අනුරාධපුරයේ නව ප්රදර්ශනාගාරයක් විවෘත කරමින් සිය දිවයින පුරා අලෙවි ජාලය තවදුරටත් පුළුල් කිරීමට කටයුතු කළ අතර විශේෂයෙන් උතුරු මැද පළාත තුළ සමාගමේ අලෙවි ජාලය ශක්තිමත් කිරීමද සිදු කර ඇත.
අනුරාධපුර, කුරුන්දන්කුලම, මිහින්තලේ පාර, අංක 51 දරන ස්ථානයේ පිහිටි Isuru Uyana Group (Pvt) Ltd පරිශ්‍රයේ පිහිටි මෙම නව ප්‍රදර්ශනාගාරය හරහා ප්‍රදේශයේ පාරිභෝගිකයන්ට නවතම Changan, Deepal සහ Nevo මාදිලි පහසුවෙන් අත්විදීමට සහ මිලදී ගැනීමට අවස්ථාව සැලසේ.
පාරිභෝගික පහසුව තවදුරටත් ඉහළ නැංවීම සඳහා Prime EV විසින් අනුරාධපුරයේ පිහිටි Senok සමූහයේ ප්‍රාදේශීය කාර්යාල පරිශ්‍රයේ විශේෂිත අලෙවියෙන් පසු සේවා මධ්‍යස්ථානයක් ද ස්ථාපිත කිරීමට නියමිතය. එම මධ්‍යස්ථානය හරහා වාහන නඩත්තුව හා සේවා කටයුතු, ජෙනුයින් අමතර කොටස් සහ තාක්ෂණික සහාය ඇතුළු පුළුල් අලෙවියෙන් පසු සේවා රැසක් පාරිභෝගිකයන්ට ලබාගත හැකි අතර, එමඟින් Prime EV හි අලෙවියෙන් පසු සේවා පහසුකම් පාරිභෝගිකයන්ට වඩාත් සමීප වනු ඇත.
ශ්‍රී ලංකාව පුරා උසස් තත්ත්වයේ නව ඉලෙක්ට්‍රික් වාහන පාරිභෝගිකයන් වෙත වඩාත් පහසුවෙන් ලබාදීමේ Prime EV හි මෙහෙවරෙහි තවත් වැදගත් සන්ධිස්ථානයක් ලෙස මෙම ප්‍රදර්ශනාගාරය විවෘත කිරීම හැදින්විය හැකිය. මෙම අලෙවි නියෝජිත ආයතනයේ හිමිකාරීත්වය සහ මෙහෙයුම් කටයුතු සිදුකරනු ලබන්නේ අනුරාධපුර ප්‍රදේශයේ Changan, Deepal සහ Nevo වාහන සඳහා බලයලත් අලෙවි නියෝජිතයා ලෙස පත්කර ඇති රුසිරු සෙනාරත්න මහතා විසිනි.
නව ප්‍රදර්ශනාගාරය විවෘත කිරීමේ අවස්ථාවට Prime EV Automobiles (Pvt) Ltd හි කළමනාකාරීත්ව කණ්ඩායමේ සාමාජිකයන්, Senok සමූහයේ නියෝජිතයන්, මූල්‍ය සමාගම් හා රක්ෂණ හවුල්කරුවන්ගේ නියෝජිතයන්, රාජ්‍ය නිලධාරීන්, ප්‍රාදේශීය ව්‍යාපාරික ප්‍රජාවේ නියෝජිතයන්, මාධ්‍යවේදීන්, පාරිභෝගිකයන් සහ සම්භාවනීය ආරාධිතයන් රැසක් සහභාගි වූහ.
මෙම අවස්ථාවේදී අදහස් දැක්වූ Prime EV කළමනාකාරීත්වයේ සාමාජිකයන් සඳහන් කළේ, අනුරාධපුරයට සිය ව්‍යාප්තිය සිදුකිරීම මගින් බුද්ධිමත්, නවීන සහ පරිසර හිතකාමී ප්‍රවාහන විසඳුම් සඳහා පවතින ඉහළ යන ඉල්ලුම පිළිබිඹු වන බවයි. එමෙන්ම පාරිභෝගිකයන්ට තම නිවසට වඩාත් සමීපව ලෝක මට්ටමේ අලෙවි සහ අලෙවියෙන් පසු සේවා පහසුකම් ලබාදීමට සමාගම දක්වන කැපවීම ද ඔවුහු අවධාරණය කළහ.
Senok සමූහයේ සාමාජික සමාගමක් ලෙස Prime EV, ශ්‍රී ලංකාවේ වඩාත් පිළිගත් සහ විවිධාංගීකරණය වූ ව්‍යාපාරික සමූහයක් වන Senok සමූහයේ ශක්තිය සහ විශේෂඥතාවයෙන් ප්රතිලාභ ලබයි. දශක හතරකට වැඩි කාලයක් පුරා මෝටර් රථ ක්ෂේත්රයේ අත්දැකීම් සහිත Senok සමූහය, ගුණාත්මකභාවය, විශ්වසනීයත්වය සහ පාරිභෝගික තෘප්තිය වෙනුවෙන් දක්වන කැපවීම හේතුවෙන් දහස් සංඛ්‍යාත පාරිභෝගිකයන්ගේ විශ්වාසය දිනාගෙන තිබේ. ලොව පිළිගත් මෝටර් රථ සහ කාර්මික සන්නාම සමඟ ඇති හවුල්කාරීත්වය හේතුවෙන් ද Senok සමූහය රට පුරා විශිෂ්ටත්වය සඳහා වූ ශක්තිමත් කීර්තියක් ගොඩනඟාගෙන ඇත.
Prime EV සිය අලෙවියෙන් පසු සේවා කටයුතු කෙරෙහි ද දැඩි අවධානයක් යොමු කර ඇති අතර, එය මෙම සන්නාමයට අනෙකුත් සන්නාම සමග ප්‍රමුඛත්වයේ සිටීමට ඉවහල් වී ඇත. මෙම කැපවීම Changan, Deepal සහ Nevo සන්නාම කෙරෙහි පාරිභෝගික විශ්වාසය ගොඩනැගීමට මෙන්ම ශ්‍රී ලංකාව තුළ එම සන්නාමවල පැවැත්ම ශක්තිමත් කිරීමට ද වැදගත් කාර්යභාරයක් ඉටු කර ඇත.
පාරිභෝගිකයන්ට නව ප්‍රදර්ශනාගාරයට පැමිණ නවතම වාහන මාදිලි නැරඹීමට, පරීක්ෂණ ධාවන සඳහා වෙන්කරවා ගැනීමට මෙන්ම ලබාගත හැකි මූල්‍ය හා රක්ෂණ පහසුකම් පිළිබඳ තොරතුරු ලබාගැනීමට ද හැකියාව ඇත.
වැඩිදුර තොරතුරු සහ පරීක්ෂණ ධාවන වෙන්කරවා ගැනීම් සඳහා අනුරාධපුර ප්‍රදර්ශනාගාරය 025 223 0401, 077 801 2928 හෝ 077 333 3039 යන දුරකථන අංක ඔස්සේ සම්බන්ධ කරගත හැකිය. එමෙන්ම Changan Deepal Sri Lanka අලෙවි සේවා දුරකථන අංකය 0117 44 33 44 ඔස්සේ ද සම්බන්ධ විය හැකිය.
Deepal සහ Nevo වාහන මාදිලි පිළිබඳ වැඩිදුර තොරතුරු සඳහා www.deepal.lk වෙත පිවිසීමට මෙන්ම Deepal Sri Lanka හි නිල Facebook සහ Instagram පිටු වෙත පිවිසීමෙන්ද පාරිභෝගිකයන්ට හැකියාව ඇත.


Video Story