Chubs: ශ්‍රී ලංකාවේ ප්‍රථම virtual influencer 

    July, 18, 2023

    තාක්‍ෂණය සහ නිර්මාණශීලීත්වය අතර ගැටෙන  virtual influencer ලෝකයට​ ඔබව​ සාදරයෙන් පිළිගනිමු. Lil Miquela (@lilmiquela), Imma (@imma.gram), සහ Noonoouri (@noonoouri) වැනි අනෙකුත් influencersලා  සමාජ මාධ්‍ය ජාල හරහා විශාල හඬක් නගන අතරම,​ ඒ හරහා මිලියන ගණනක රසික පිරිසක් රැස් කර ගෙන ඇත. මෙවැනි virtual influencersලා ඔවුන් සහයෝගීව කටයුතු කරන සන්නාම​ සඳහා සැලකිය යුතු වටිනාකමක් එක්කර ඇති අතරම,​ ඒ හරහා විශාල වටිනාකමක් තම නමටද එකතු කරගෙන ඇත​. Instagram හි පමණක් මිලියන තුනක රසික පිරිසක්​  සමඟ, Lil Miquela යන​ virtual influencer, ප්‍රකට Calvin Klein, Prada, Samsung, Ugg සහ තවත්  බොහෝ සුප්‍රසිද්ධ සන්නාම සමඟ අත්වැල් බැඳගෙන​ මේ වනවිට ලෝකයේ පුවත් මවන​ චරිතයක් වී ඇත.

    Chubs(@hey.its.chubs); ශ්‍රී ලංකාවේ ප්‍රථම virtual influencer, මේ වන විට​ Instagram සහ Linkedin වැනි සමාජ​ මාධ්‍ය ජාල හරහා විශාල​ රසික පදනමක් එක්රැස් කරගනිමින් දිනෙන් දින​ ව්‍යාප්ත වන​ metaverse හි කාලය ගත කරයි. එහිදී අසීමිත කුතුහලයෙන් යුතුව, ප්‍රීතිමත් වික්‍රමාන්විතයන් ආරම්භ කරන ලද ඇය ethereal landscapes හි සිටින ජෙලිෆිෂ් (flying jellyfish) සමඟ ගැවසීම සහ  NFT අවකාශයන් (NFT spaces) ගවේෂණය කිරීමද සිදු කරයි. ඇයගේ ප්‍රීතිමත් වික්‍රමාන්විතයන් රසිකයින්ගේ අවධානය දිනාගනිමින්, විචිත්‍රවත් ලෝකයකට ඔවුන්ව රැගෙන යයි.

    Chubs පියනගන්නේ, ශ්‍රී ලංකාවේ අඛණ්ඩව වර්ධනය වන​ සහ තාක්‍ෂණය කේන්ද්‍රගත වූ අනාගතයක් වෙතයි. ඇයගේ පරමාර්ථය වන්නේ, දේශීය ප්‍රේක්ෂකයින්ගේ අවධානය ආකර්ෂණය කර ගැනීමෙන් පමණක් නොනැවතී, ලොව පුරා විවිධ ප්‍රජාවන් සමඟ සම්බන්ධ වෙමින් ගෝලීය වශයෙන් ප්‍රවේශය පුළුල් කිරීමයි.

    Chubs නිර්මාණය පිටුපස සිටින්නේ tech startup ආයතනයක් වන​ CreativeHub Global හා එහි නිර්මාතෘ/ ප්‍රධාන විධායක නිලධාරි ඉරෝෂ ද සිල්වා සහ ඔහු සමඟින් පෙළගැසී සිටින 75 කට අධික​​ නව්‍ය සහ නිර්මාණශීලී පිරිසකගේ සිතුවිලියි. CreativeHub හි ප්‍රවීණත්වය ඇත්තේ නිෂ්පාදන සහ මෘදුකාංග සංවර්ධනය (product and software development), අලෙවිකරණය සහ සැලසුම් (marketing and design) තුළ ය. Chubs යනු CreativeHub හි ව්‍යාපාරික ඒකකයක් වන MetaSpace හි නිර්මාණයක් වන අතර​,  එය 3D technology, virtual reality, augmented reality, architectural visualisation, game development,character creation යනාදියෙහි විශේෂීකරණයකි.

    Chubs, ශ්‍රී ලංකාවේ තාක්‍ෂණිකමය පරිවර්තනීය වෙනසක​ ඉදිරියෙන්ම සිටී. ඇය ප්‍රේක්ෂකයින්ගේ හදවත් සහ මනස ග්‍රහණය කරගන්නා අතරම​, CreativeHub හි ප්‍රවීණතාවය හා මෙවලම් තුළින් අරමුණු සහිත අනාගතයක් ගොඩනැ‍ංවීමට බලාපොරොත්තු වෙයි. ඇයට ඇය​ගේම virtual ලෝකයක් වන Chubsverse පවා ඇත. පරිශීලකයින්ට එය Oculus වෙළෙඳ සලෙන් (Oculus Store) download කර, metaverse හි ඇගේ ලෝකයේ සංචාරය කළ හැකිය.

    ඔබට Instagram, TikTok සහ Facebook ඔස්සේ Chubs සමඟ සම්බන්ධ විය හැකි අතර, www.creativehub.global වෙබ් අඩවිය හරහා CreativeHub Global පිළිබඳ වැඩිදුර තොරතුරු දැනගත හැකිය.