April, 1, 2024
Cinnamon Hotels & Resorts හි වනජීවී සහ සොබාදහම ඉලක්ක කරගත් සංචාරක අංශය වන Cinnamon Nature Trails වෙතින් පාරිසරික චාරිකා පිළිබඳ විශේෂඥ වැඩපිළිවෙළක් කොළඹ නගරය කේන්ද්‍ර කරගනිමින් පසුගිය දා හඳුන්වා දෙනු ලැබීය. තිරසර සංචාරක භාවිතාවන් සඳහා ප්‍රමුඛතාව දෙමින්, අභ්‍යන්තර ස්වභාව විද්‍යාඥයන් සකස් කරන ලද මෙම සුවිශේෂී වැඩපිළිවෙළ අංග 5කින් සමන්විත අතර නගරාශ්‍රිත පරිසර විවිධත්වය කේන්ද්‍ර කරගනිමින් නිර්මාණය කර තිබීම විශේෂත්වයකි.

Cinnamon Nature Trails යනු වසර ගණනක් පුරා BBC Natural History Productions, Nat Geo Wild සහ මෑතකදී BBC Studios විසින් නිර්මාණය කළ BBC Planet Earth 3 වැනි සුප්‍රකට වනජීවී වාර්තා චිත්‍රපට සඳහා දායකත්වය ලබා දුන් ව්‍යාපාතියකි. මෙම නව වැඩපිළිවෙළ මඟින් කොළඹ දිස්ත්‍රික්කය පාරිසරික සංචාරක කේන්ද්‍රස්ථානයක් ලෙස හඳුන්වා දීමට උත්සහ දරා ඇත. Cinnamon Nature Trails උප සභාපති චිත්‍රාල් ජයතිලක මහතා මේ පිළිබඳ අදහස් දක්වමින්, “කාර්යබහුල කොළඹ නගරය සංචාරක අත්දැකීම් අතින් පොහොසත් කේන්ද්‍රස්ථානයක් බවට පත් කිරීම සඳහා අපගේ විශේෂඥ කණ්ඩායම දරන ලද උත්සාහය පිළිබඳ අප ඉතාමත් සතුටට පත් වෙනවා. ඉතා සැලකිල්ලෙන් සකස් කරන ලද මෙම චාරිකා ව්‍යාපෘතිය හරහා නාගරික අවකාශයක් තුළ ලැබිය හැකි අපූරු අත්දැකීමක් සංචාරකයන් වෙත සමීප කිරීමට අප සමත්ව ඇති අතර කොළඹ ආශ්‍රිත පරිසරයේ සුන්දරත්වය සහ චමත්කාරය අත්විඳීමට ඔවුන්ට මෙමඟින් අවස්ථාව සලසා දී තිබෙනවා.”
“ජනාකීර්ණ වෙළඳපොළ අවකාශයක සිට නිසංසල ස්වාභාවික රක්ෂිතයක් දක්වා විහිදෙන කොළඹ නගරයේ හදවත බඳු ප්‍රදේශයක් කේන්ද්‍ර කරගනිමින් මෙම සුවිශේෂී චාරිකා ව්‍යාපෘතිය දියත් කිරීමට අපට හැකි වී තිබෙනවා. ඓතිහාසික ස්ථාන පිළිබඳ උනන්දුවක් ඇති, නාගරික විවිධත්වය අගයන හෝ අප්‍රකට ස්ථාන සොයා යන සංචාරකයෙකුට වුවද මෙම සුවිශේෂී වැඩපිළිවෙළ තුළින් හුදෙක් සංචාරක ගමනාන්තයකට එහා ගිය අත්දැකීමක් කොළඹ ආශ්‍රිතවම ලැබීමේ හැකියාව උදා වෙනවා. සංචාරක කර්මාන්තයේ වර්ධනයත් සමඟ මෙවැනි ආකාරයේ අලුත් සංචාරක අත්දැකීම් ගැන උනන්දුවක් ඇති බොහෝ ජාත්‍යන්තර සංචාරකයන්ට මෙය අපූරු අත්දැකීමක් වනවා පමණක් නොව, කොළඹ නගරය සංචරක ගමනාන්තයක් ලෙස ස්ථානගත කිරීමට ද ප්‍රබල හේතුවක් වනු නොඅනුමානයි. මේ සියලු කටයුතු අපගේ අභ්‍යන්තර ස්වභාව විද්‍යාඥයන් කණ්ඩායමේ පූර්ණ අධීක්ෂණය යටතේ සිදු කෙරෙනවා.” යනුවෙන් Cinnamon Hotels & Resorts කොළඹ ප්‍රාදේශිකයේ උප සභාපති කමල් මුණසිංහ මහතා පැවසීය.
Cinnamon Nature Trails වෙතින් හඳුන්වා දෙන නාගරික පරිසර සංචාරක අත්දැකීමේ අංග පහ :
සත්වෝද්‍යානයේ දවසක් : සාමාන්‍ය නැරඹීමකට එහා ගිය අපූරු අත්දැකීමක් වූ මෙය, සත්වෝද්‍යානයේ අභ්‍යන්තර ක්‍රියාකාරීත්වය ගැඹුරින් සොයා බලමින්, සතුන් සහ එහි සේවකයන් සමඟ සමීපව සම්බන්ධ වී ඔවුන්ගේ දෛනික ජීවිත පිළිබඳ වටිනා අත්දැකීම් ලබා ගත හැකි ආකාරයේ වැඩසටහනකි.

තෙත් බිම්වල කුරුල්ලන් සොයා : ජනාකීර්ණ කොළඹ නගරයට යාබදව පිහිටි සශ්‍රීක ජල මාර්ග සහ වගුරු බිම්වල වෙසෙන කුරුලු විශේෂවල විවිධත්වය ගවේෂණය කරමින් සුන්දර නිසංසල කුරුලු පාරාදීසයක නිදහසේ කාලය ගත කිරීමට ඉඩකඩ සලසන වැඩසටහනකි.

නගර මැද තුරු වදුල් මැදින් : ප්‍රමුඛ පෙළේ ආසන දෙව්මැදුරක උද්‍යානයේ පිහිටි දුර්ලභ හා වටිනා ගස් එකතුව නැරඹීම සඳහා යොමු කිරීම මෙම වැඩසටහන මඟින් සිදු කෙරේ. කාර්යබහුල නාගරික පරිසරයෙන් නුදුරෙහි වූ ස්වභාවධර්මයේ සන්සුන් බව අත්විඳීම සඳහා අවකාශ සලසා දීම මෙහි අරමුණයි.

අධ්‍යාත්මික කොළඹ: ශ්‍රී ලංකාවේ ආගමික විවිධත්වය පිළිබිඹු කරන කොළඹ නගර මධ්‍යයේ පිහිටා ඇති සුප්‍රකට ආගමික ස්ථානවල සන්සුන් බව විඳින්නටත්, කලබලකාරී නාගරික ජීවිතයෙන් මිදී මෙම පූජනීය ස්ථානවල සන්සුන් වටපිටාවේ සැනසීම සහ ශාන්තභාවය අත්විඳින්නට සංචාරකයන්ට මේ හරහා අවකාශ උදා වේ.

වීදියේ කැමරා ඇස: කාර්යබහුල ආසියානු නගරයක වීදි පුරා විසිර ඇති කාර්යබහුලත්වය සහ ඒ තුළ කැපී පෙනෙන විචිත්‍රවත් විවිධත්වය අත්දකින්නට වෙන් වූ සංචාරක වැඩසටහනයි. මිලියන ගණනක් ජනීජනයාගේ නාගරික ජීවිත තෙවැනි ඇසකින් දකිමින්, පැවැත්ම වෙනුවෙන් ඔවුන්ගේ කැපවීමත්, ඒ ජීවිතවල සාරයත් අව්‍යාජ අයුරින් ඡායාරූපගත කිරීමට ඉඩහසර සලසා දීම මෙම වැඩසටහන මඟින් සිදු කෙරේ.
Video Story