March, 8, 2023
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මුද්‍රණ තීන්ත නිෂ්පාදකයා වන සිතාරා ලිමිටඩ් ලංකා ජාතික කර්මාන්ත මණ්ඩලය (CNCI) සංවිධානය කළ කර්මාන්ත විශිෂ්ටතා සම්මාන උළෙලේදී ජාතික මට්ටමේ, මහා පරිමාණ කාණ්ඩයේ, නිෂ්පාදන අංශයේ කුසලතා සම්මානයෙන් පිදුම් ලැබීය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹදී උත්කර්ෂවත් ලෙස පැවති සම්මාන උළෙලේදී සමාගමේ අධ්යක්ෂ චයන්ක වික්‍රමසිංහ මහතා වෙත මෙම සම්මානය පිරිනමන ලදී. CNCI කර්මාන්ත විශිෂ්ටතා සම්මාන උළෙල පවත්වනු ලබන්නේ විශිෂ්ටතා දක්වන කර්මාන්තකරුවන් හඳුනා ගෙන ඔවුන් ඇගැයීමෙන් රටේ කාර්මික අංශය නගාසිටුවීමටය.
“CNCI සම්මාන උළෙලේදී ලැබූ මෙම ජයග්‍රහණය ගැන අපි සතුටු වෙනවා. මෙයින් පෙන්නුම් කරන්නේ ගුණාත්මකභාවය සඳහා වන අපගේ කැපවීම ජාතික වශයෙන් පිළිගෙන ඇති බවයි. ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුගත වන පරිදි මුද්‍රණ තීන්ත නිෂ්පාදනය කිරීම සඳහා නවීනතම තාක්ෂණය සහ යන්ත්‍රෝපකරණ භාවිතා කරන අපි බහුජාතික සමාගම් රැසකට සේවය සපයනවා. අපගේ ගනුදෙනුකරුවන් සහ කාර්ය මණ්ඩලය අපගේ සාර්ථකත්වයේ අඩිතාලමයි. එනිසා මම ඔවුන්ට ස්තූති කිරීමට කැමතියි.” වික්‍රමසිංහ මහතා පැවසීය. 1964දී එස්මන්ඩ් වික්‍රමසිංහ මහතා ඇරැඹූ සිතාරා ලිමිටඩ් වර්තමානයේදී මුද්‍රණ තීන්ත නිෂ්පාදන අංශයේ ප්‍රමුඛයා බවට පත් වී ඇත. සිය පාරිභෝගිකයන්ට උසස්ම තත්ත්වයේ නිෂ්පාදන සැපයීමට සමාගම කැප වී සිටින අතර ඔවුන් ISO 9001:2015 තත්ත්ව සහතිකයද දිනා ඇත. දේශීය සහ ජාත්‍යන්තර නියාමන ප්‍රමිතිවලට අනුගතව නිෂ්පාදන කටයුතු සිදු කිරිමට සහ නිරන්තර වැඩි දියුණු කිරීම් තුළින් පාරිභෝගික තෘප්තිය ඉහළ නැංවීමට සමාගමට ඇති හැකියාව මේ ජයග්රහණයෙන් පිළිබිඹු වන බව පැවසූ චයන්ක වික්‍රමසිංහ මහතා, “අපගේ නිෂ්පාදන ක්‍රියාවලිය ප්රශස්ත කිරීමට සහ සේවකයන්ගේ කුසලතා ඉහළ නැංවීමට අප කැප වී සිටිනවා. අපට අවශ්‍ය වන්නේ සේවකයන් උනන්දුවෙන් සහ සතුටින් තැබීමටයි. උනන්දුවෙන් සහ සතුටින් සිටින සේවකයන්ට ජාත්‍යන්තර තත්ත්වයන්ට සහ ආරක්ෂිත ප්‍රමිතීන්ට අනුකූලව හොඳම තත්ත්වයේ නිෂ්පාදන සිදු කිරීමට හැකියි.” යනුවෙන් වැඩි දුරටත් ප්‍රකාශ කර සිටියේය.
Video Story