Colombo Textiles වෙතින් ‘Shop & Win අවුරුදු ප්‍රවර්ධන වැඩසටහනේ ජයග්‍රාහකයින්ට අගනා ත්‍යාග

    June, 13, 2023

    Colombo Textiles සමූහ ව්‍යාපාරය ස්වකීය පාරිභෝගිකයින් හට අවුරුදු තෑගි තිලිණ කිරීම අරමුණු කරගනිමින් පවත්වන ලද, "Shop & Win" අවුරුදු ප්‍රවර්ධන වැඩසටහන ඉකුත් අප්‍රේල් මාසය පුරා සාර්ථකව පවත්වනු ලැබිණි. එම වැඩසටහනේ ජයග්‍රාහයකයින් හට ත්‍යාග පිරිනැමීම පසුගියදා කොළඹ සිනමන් ග්‍රෑන්ඩ්හිදී උත්සවශ්‍රීයෙන් පැවැත්විණි.

    දශක තුනකට ආසන්න කාලයක් තිස්සේ ශ්‍රී ලාංකීය ඇඟළුම් ක්ෂේත්‍රයේ වෙළෙඳ පොළ තුළ නොමැකෙන නමක් සනිටුහන් කරගත් Colombo Textiles සමූහ ව්‍යාපාරය මගින්, ඉකුත් සිංහල හා හින්දු අලුත් අවුරුද්ද නිමිතිකර ගනිමින් මෙම ප්‍රවර්ධන වැඩසටහන පැවැත්වීමට කටයුතු කෙරිණි. ඒ අනුව අප්‍රේල් 8 වැනිදා සිට 30 වැනිදා දක්වා දිවයින පුරා ඇඟළුම් සාප්පුවන් හිඉදී "Shop & Win"  අවුරුදු ප්‍රවර්ධන වැඩසටහන පවත්වන ලදී. සති තුනක් පුරා පැවති ප්‍රවර්ධන වැඩසටහනේදී, Perri Allen හා Denzo යන සන්නාම ද්විත්වය වැඩි අවධානයට පාත්‍ර වූ අතර, ඊට ජනතාවගෙන් ඉහළම ධනාත්මක ප්‍රතිචාර ද හිමිවිණි.

    සති තුනක් තිස්සේ දහස් ගණනක තරගකරුවන් පිරිසක් ඊට සහභාගී වූ අතර වාසනාවන්ත ජයග්‍රහකයින් 8 දෙනකු සඳහා ත්‍යාග පිරිනැමිණි. තෝරාගන්නා ලද හොඳම ජයග්‍රාහකයින් 3 දෙනා සඳහා බැංකොක් වෙත  යාමට ඒමට ගුවන් ටිකට් පතක් (පළමු ත්‍යාගය), රෙදි සෝදන යන්ත්‍රයක් (දෙවන ත්‍යාගය) සහ පෙඩස්ටල් ෆෑන් (3 වන ත්‍යාගය) ලබා දෙන ලදී. ඊට අමතරව ජයග්‍රහකයින් හට සැනසිලි ත්‍යාග 5ක් ද ප්‍රදානය කෙරිණි. පිළියන්දල ප්‍රසාද් ටෙක්ස්ටයිල්ස් (පළමු ත්‍යාගය), මාලඹේ සුපුල් කලෙක්ෂන්ස් (දෙවැනි ත්‍යාගය), සහ අකුරැස්සේ චීප් සයිඩ්  (3 වැනි ත්‍යාගය) වෙතින් මෙම ජයග්‍රාහකයෝ Colombo Textiles හි ඇඟළුම් නිෂ්පාදන මිලදී ගෙන තිබිණි. Colombo Textiles සමාගම් සමූහයේ සභාපති ආර්.පී.එස්. සමරක්කොඩි සහ අධ්‍යක්ෂවරුන් වන තමාරා සමරක්කොඩි, ශානිකා සමරක්කොඩි, මෙන්ම ඇඟළුම් අලෙවිසැල් හවුල්කරුවන් ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසකගේ සහභාගිත්වයෙන් මෙම උත්සවය පැවැත්විණි.

    මෙම සාර්ථක ප්‍රවර්ධන වැඩසටහන පිළිබඳව අදහස් දක්වමින් ආර්.පී.එස්.  සමරක්කොඩි මහතා මෙලෙස සඳහන් කරයි. "අවුරුදු 30 කට ආසන්න කාලයක් ඇඟළුම් නිෂ්පාදන ක්ෂේත්‍රය තුළ නමක් දිනා සිටින සමාගමක් වශයෙන්, ශ්‍රී ලංකාව වර්තමානයේ මුහුණ දෙන දුෂ්කර ආර්ථික තත්වය හමුවේ සෑම පාරිභෝගිකයෙකුට ම අවුරුදු සතුට තිළිණ කිරීම අපගේ වගකීමක්. මෙම ප්‍රවර්ධන තරගයට ඇඟලුම් අලෙවිසැල් හා සමාජ මාධ්‍ය ඔස්සේ දහස් ගණනක පිරිසක් ඉදිරිපත් වීමෙන් පෙන්නුම් කරන්නේ, අප ඇඟළුම් අලෙවිසල්වල සහයද ඇතිව, පාරිභෝගිකයන්ගේ ඉහළ ප්‍රතිචාර දිනාගත් වඩාත් ප්‍රශස්ත ප්‍රවර්ධන වැඩසටහනක් පැවැත්වූ බවයි. එය අපගේ සතුටට කාරණයක්."

    Colombo Textiles සමූහ ව්‍යාපාරය  ශ්‍රී ලංකාවේ ඇඟලුම් නිෂ්පාදන ක්ෂේත්‍රයේ වසර 29 තිස්සේ නමක් දිනූ ප්‍රමුඛතම ආයතනයකි. සෑම පාරිභෝගිකයෙකුගේ ම අවශ්‍යතාවන්ට සරිලන පරිදි සිත් ඇද බැඳ ගන්නා වර්ණ හා මෝස්තර වලින් යුතුව පාරිභෝගික විශ්වාසය දිනාගත් ඇඟළුම් නිෂ්පාදන Colombo Textiles තිළිණ කරයි. මෙරට විශාලතම කමිස නිෂ්පාදන හා බෙදාහැරීම් ව්‍යාපාරයද Colombo Textiles සතු වේ. පාරිභෝගිකයින්ගේ එදිනෙදා අවශ්‍යතා මනාව වටහා ගනිමින් හඳුන්වා දී ඇති  නිෂ්පාදන එකතුවට, ශරීර ස්වභාවය හා මනාව ගැලපෙන ආකාරයට සහ ඉතාමත් ඉහළ උසස් තලයේ රෙදිපිලි යොදා එකිනෙකට වෙනස් නිෂ්පාදන ඇතුළත් වේ.

    Colombo Textiles සමූහයේ නිෂ්පාදන Cheap Side (අකුරැස්ස), Hemara Rich Look (ගාල්ල), Supul Fashion (මාලඹේ කඩුවෙල හා හංවැල්ල), Prasad Tex (පිළියන්දල), Prasad Fashion Square (කොට්ටාව හා මාතර) සහ Thilakawardana Tex (මහනුවර, කිරිබත්ගොඩ සහ නිට්ටඹුව), Ranjan Lanka (ගම්පහ) මෙන්ම, Kandy Stores (කුරුණෑගල, මහනුවර, කඩවත සහ නුගේගොඩ) හා Uptown (මහනුවර සහ කොළඹ) සහ දිවයිනේ ප්‍රමුඛ පෙළේ ඇඟළුම් අලෙවි සල් මිලදී ගත හැකිය.