Counterpoint දත්ත වලට අනුව realme ප්‍රථම වතාවට ගෝලීය ස්මාර්ට්ෆෝන් ශ්‍රේණිගත කිරීම් වල 6 වන ස්ථානයට

    September, 27, 2021

    ලොව වේගයෙන් වර්ධනය වන ස්මාර්ට්ෆෝන් සන්නාමය වන realme, කර්මාන්ත විශ්ලේෂණ සමාගමක් වන Counterpoint හි Q3 2018 සිට Q2 2021 දක්වා වූ දත්ත අනුව වසර තුනක කාලයක් ඇතුලත ගෝලීය ස්මාර්ට්ෆෝන් ශ්‍රේණිගත කිරීම් වල 6 වන ස්ථානයට පැමිණ ඇත. එය ගෝලීය වේදිකාවක ස්මාර්ට්ෆෝන් සන්නාමයක් විසින් සිදු කළ පෙර නොවූ විරූ ජයග්‍රහණයකි. ෂෙන්සෙන් මූලස්ථානය කරගත් කුඩා ස්මාර්ට්ෆෝන් නිෂ්පාදකයෙකු ලෙස ආරම්භ වූ realme අද වන විට ‘යෝධ අභියෝගකරුවෙකු’ දක්වා වර්ධනය වී ලොව ඉහළම වෙළඳනාම අතරට පැමිණ ඇත.

    ඉහල සම්බාධක සහිත ප්‍රසිද්ධ තරඟකාරී වෙළඳපොලක් පැවති අවස්ථාවක, නිර්මාතෘ සහ ප්‍රධාන විධායක නිලධාරී ස්කයි ලී මහතා විසින් තරුණ පරම්පරාව සතු සිහින බෙදාගැනීමේ සහ ඔවුන් අපේක්ෂා කරන ආකාරයේ අනාගතයක් ලබා දීමේ අරමුණ සහිතව realme ආරම්භ කරන ලදී. realme විසින් අද වන විට, සියළුම කර්මාන්ත සහ පාරිභෝගික අපේක්ෂාවන් අභිබවා ගොස් ලොව පුරා වෙළඳපොල 61 කට වැඩි ප්‍රමාණයක් දක්වා ව්‍යාප්ත වී ඇති අතර මෙම වෙළඳපොලවල් 18 කටත් වඩා වැඩි ප්‍රමාණයක හොඳම 5 වන වෙළඳ නාමය ලෙස ශ්‍රේණිගත වී ඇත. පිලිපීනයේ සහ බංග්ලාදේශයේ ප්‍රථම ස්ථානය ද ඉන්දියාවේ සහ රුසියාවේ සිව්වන ස්ථානය ද Q2 2021 හීදී යුරෝපීය කලාපයේ පස්වන ස්ථානය බවටද පත්වී ඇත. එසේම පසුගිය මාසයේදී, ස්මාර්ට්ෆෝන් මිලියන 100 ක් අලෙවි කරන ලද වේගවත්ම වෙළඳ නාමය බවට realme පත්විය.

    මෙම සාර්ථකත්වය එක රැයකින් සිදු වුවක් නොව. තරුණ සන්නාමයක් වශයෙන් realme ව්‍යාපාර ආරම්භයේ සිටම අභියෝගාත්මක ව්‍යාපාර උපාය මාර්ග වන ගෝලීයකරණය, පාරිභෝගික ඉල්ලීම් වලට සවන් දීම සහ ඉතා උසස් තත්වයේ සහ උසස් තාක්‍ෂණයෙන් අලංකාර ලෙස සැලසුම් කළ හා පරිශීලක හිතකාමී නිෂ්පාදනයක් ලෙස පැමිණීම වැනි ආකාර තුලින් වෙළඳපලට අවතීර්ණ වන ලදී. මෙම මුලපිරීම් තරුණ පරපුර ඉතා ඉක්මනින් ආකර්ෂණය කර ගැනීම තුලින් ඔවුන්ගේ ප්‍රියතම සන්නාමය වීමට realme හට හැකි විය.