Crysbro රේඛීය නිෂ්පාදන ක්‍රියාවලිය තුළින් උසස් තත්ත්වයේ නිෂ්පාදන

    September, 20, 2021

    ශ්‍රී ලංකාවේ විශාලතම කුකුළු මස් නිෂ්පාදකයා වන Crysbro", ඉහළ සිට පහළට ක්‍රියාත්මක කරන රේඛීය නිෂ්පාදන ක්‍රියාවලිය ^Vertical Integrated& ක්‍රියාවලිය තුළින් ගුණාත්මකභාවයෙන් ඉහළ සහ ආරම්භයේ සිට අවසානය දක්වා සහතික කළ නිෂ්පාදනයක් පාරිභෝගිකයන් වෙත ලබා දෙයි.

    ශ්‍රී ලංකාවේ ISO ජාත්‍යන්තර ප්‍රමිතිකරණය හිමි කුකුළු මස් නිෂ්පාදකයා වශයෙන් Crysbro", ඉහළ සිට පහළට ක්‍රියාත්මක කරන ලද මෙහෙයුම් ක්‍රියාවලියට ^Vertical Integrated& අනුගත වීමෙන් එහි නිෂ්පාදන ක්‍රියාවලියේ ඉහළම ප්‍රමිතීන් තහවුරු කරයි.

    “අපේ ඉහළ සිට පහළට ක්‍රියාත්මක කරන ලද මෙහෙයුම් ක්‍රියාවලිය යනුවෙන් අදහස් කරන්නේ ^Vertical Integrated& ගොවි බිම්, ආහාර නිෂ්පාදනය, මව් සතුන් අභිජනන ගොවිපලවල්, මව් සතුන් බෝ කිරීමේ ගොවිපල, අභිජනනාගාරය, බ්‍රොයිලර් ගොවිපල, සැකසීම, ඇසුරුම් කිරීම සහ දිවයින පුරා බෙදාහැරීමේ සේවාවන් ද වශයෙන් පියවරින් පියවර පෙළගැසී ඇති මෙහෙයුම් ක්‍රියාවලියකට අනුගතව අපගේ නිෂ්පාදන පවත්වාගෙන යෑමයි.” යනුවෙන් Crysbro හි ජ්‍යෙෂ්ඨ අලෙවි කළමණාකරු අමෝර්ස් සෙලර් මහතා සඳහන් කළේය.

    ඉහළ සිට පහළට ක්‍රියාත්මක කරන ලද මෙහෙයුම් ක්‍රියාවලියට අනුවර්තනය වීම හේතුවෙන් Crysbro හට උපායමාර්ගික නිෂ්පාදන යෙදවුම්, බෙදා හැරීමේ ක්‍රියාවලිය මෙන්ම සිල්ලර වෙළඳාම වෙත ද පහසුවෙන් ප්‍රවේශ වීමට හැකි වන අතර එමඟින් Crysbro හට තරඟයකාරී නිෂ්පාදනයන් අතර කැපී පෙනීමට ද අවස්ථාව ලැබේ. එමෙන්ම පවතින මෙහෙයුම් අඩාල වීමකින් තොරව මෙම ක්‍රියාවලිය වෙත අනුගත විය හැකි අතරම සංකීර්ණ වන පාරිභෝගික අවශ්‍යතාවයට සරිලන පරිදි නිෂ්පාදනයන් ද සැපයිය හැකිය.

    සියළුම සතුන්ගේ සෞඛ්‍ය සම්පන්න බව සහතික කිරීම සඳහා Crysbro විසින් සිය ගොවිපලවල් වල ජෛව ආරක්ෂාව සහතික කිරීම, ප්‍රමිතිකරණ පිරිවිතරයන්ට අනුගත වීම සහ නිතිපතා රසායනාගාර පරීක්ෂණයන්හි නිරත වීම ආදී වූ ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූල තිරසාර හරිත කෘෂි භාවිතයන්  රාශියක් ද ක්‍රියාත්මක කරයි.

    2020 දී මෙරටට ප්‍රථම වරට, ක්‍රහිඉරද සැකසුම් කම්හලට අති නවීන අණුක රසායනාගාර පහසුකම හඳුන්වා දෙන ලදී. මෙහිදී ආහාර විෂ වීමේ පfාදු හේතුන් වෙත වන සැල්මොනෙල්ලා (salmonella), ලිස්ටීරියා ^ Listeria) සහ කැම්පිලොබැක්ටර් (Campylobacter) වැනි පොදු ආහාර මගින් බෝවන රෝග කාරක හඳුනා ගැනීම සඳහා PCR ^Polymerase Chain Reaction ක්‍රමය භාවිතා කරන අතර එමගින් ආහාර සුරක්ෂිතතාවය තහවුරු කර තිබේ.

    නව තාක්ෂණය සහ ආරක්ෂක පියවර නිසා මහජන සෞඛ්‍යය සුරක්ෂිත කර ඇති අතරම ඉහළ ජනතා විශ්වාසයක් Crysbro කුකුළු මස් සහ බිත්තර හිමිකර ගෙන ඇත.

    වෙළෙඳපොල ප්‍රමුඛයා වීමේ දැඩි අධිෂ්ඨානයෙන් යුතුව වර්ෂ 1972 දී කුකුළු පැටවුන් 100 කින් ඉතා කුඩාවට ඇරඹු ක්‍රිස්බ්‍රෝ ආයතනය අද වන විට තත්ත්වයෙන් සහ ගුණාත්මක බවින් යුත් අංක එක කුකුල් මස් නිෂ්පාදකයා වීමට හැකිවී තිබේ. විශේෂයෙන් ගොවිපලෙන් කෑම මේසයට ^FARM TO FORK& යන සංකල්පය ක්‍රිස්බ්‍රෝ හී සාර්ථකත්වයට හේතු වූ තවත් ප්‍රධාන කරුණක් ලෙස සැලකිය හැක. ක්‍රිස්බ්‍රෝ සමාගම මේ වනවිට සමස්ත ශ්‍රී ලාංකිකයන්ටම ප්‍රතිලාභ රැසක් උදා කර දී ඇත. එහි කොටස් හිමියන්ට, දේශීය බඩ ඉරිඟු ගොවීන්ට, සෘජුව සහ වක්‍රාකාරව රැකියා සපයමින් ශ්‍රී ලාංකික රැකියා ක්ෂේත්‍රයට,අවසාන වශයෙන් සමස්ත රටටම මෙහි ප්‍රතිලාභ උදා කර දී ඇත.