Daraz දේශීය ආර්ථිකය ශක්තිමත් කිරීම වෙනුවෙන් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් සවිබලගන්වයි

    August, 8, 2021

    ශ්‍රී ලංකා ආර්ථිකයේ ජීවනාලිය බඳු සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් (SME) එදිනෙදා මුහුණපාන ගැටළු රැසකට උපකාරී වෙමින් Daraz 50, 000 කට අධික ශ්‍රී ලාංකික ව්‍යවසායක පිරිසක් සවිබල ගන්වා ඇත. භාණ්ඩ හා සේවා අලෙවි කරගැනීමේ සහය සහ වෙළෙඳපොළ සකස්කර ගැනීමෙහිලා උපකාර, තාක්ෂණික දැනුම ලබාදීම හා තාක්ෂණික සහයෝගය ලබාදීම යනාදී සේවාවන් රැසක් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් වෙනුවෙන් Daraz මේ වනවිටත් ඉටු කරමින් සිටියි. Daraz සමෘද්ධි දෙපාර්තමේන්තුව සමග අත්වැල් බැඳගනිමින් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් සවිබලගැන්වීමේ ක්‍රියාවලිය තවදුරටත් ශක්තිමත් කර ඇත. Daraz ඒ හරහා මුළු දිවයිනම ආවරණය වන ආකාරයෙන් 500 කට අධික ව්‍යවසායක ප්‍රජාවක් ඩිජිටල් වාණිජ ලෝකයට විවරකොට පුහුණු කරමින් මිලියන 1. 5 කට අධික දෙස් විදෙස් නව පාරිභෝගික පිරිසක්ද හඳුන්වා දීමට සමත්ව සිටින්නේ සෘජුව භාණ්ඩ හා සේවා අලෙවි කිරීමේ පහසුකම් සලසා දෙමිනි.

    ශ්‍රී ලාංකීය කාන්තා ප්‍රජාව දේශීය ආර්ථික සංවර්ධනය උදෙසා ඵලදායී ලෙස යොමුකර ගැනීම දිරිගන්වමින් කාන්තා ව්‍යවසායිකාවන් ශක්තිමත් කිරීමේ විශේෂ වැඩසටහනක්ද Daraz ක්‍රියාත්මක කරනු ලබයි. අන්තර්ජාල අලෙවිකරණය පිළිබඳ නොමිලේ පුහුණුව, නොමිලේ නිෂ්පාදන ඡායාරූපගත කිරීමේ සේවාව සහ නොමිලේ ඇසුරුම් අමුද්‍රව්‍ය ලබාදීම හරහා ආදායම් වැඩිකරගැනීමට උපකාරී වෙමින් Daraz කාන්තා ව්‍යවසායිකාවන් දිරිගන්වයි. මිලියනයකට ආසන්න ප්‍රමාණයක භාණ්ඩ මිලදී ගැනීම වෙනුවෙන් දිනකට පුද්ගල පැමිර්‍ණම් 250,000 කට ආසන්න ප්‍රමාණයක් වාර්තා වෙන Daraz.lk වෙබ් අඩවිය හරහා එම කාන්තා ව්‍යවසායිකාවන් හට තමන්ගේ නිෂ්පාදන අලෙවිකරගැනීමේ අවස්ථාව හිමිව තිබේ.

    “Ceylon Market” අවකාශය හරහා දේශීය ව්‍යවසායකයන්ගේ 100% ක් ශ්‍රී ලාංකීය හා හස්ත කර්මාන්ත නිෂ්පාදන දෙස් විදෙස් වෙළෙඳපොළට හඳුන්වාදෙමින් Daraz දේශීය නිෂ්පාදන ප්‍රවර්ධනයේද නියැලී සිටියි. දේශීය නිෂ්පාදකයන්ගේ ඇඳුම් පැළඳුම්, පාවහන්, ගෘහභාණ්ඩ යනාදියත් දේශීය ශාක සාර නිෂ්පාදනයන් ආදී නිෂ්පාදන ක්ෂේත්‍ර රැසක් ඒ සමග ප්‍රතිලාභ ලබයි.

    COVID-19 සමග ඇති වූ අනපේක්ෂිත ගැටළුකාරී වාතාවරණය හමුවේ අප රටේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට සිය පැවැත්ම තහවුරු කරගන්නට සුපුරුදු ව්‍යාපාරික ක්‍රමවේදයන්ගෙන් බැහැරවෙමින් අන්තර්ජාලගත ඇනවුම් විකුණුම් සංස්කෘතියකට හුරුවන්නට සිදුවිය. “එක්සත්ව ශක්තිමත්ව තේමාව යටතේ අන්තර්ජාල විකුණුම් අවකාශය වෙත දේශීය සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් රැසක් රැගෙන එමින්, සාර්ථකව අන්තර්ජාලගත විකුණුම් ක්‍රියාවලියක් පවත්වාගෙන යාම පිළිබඳ ඔවුන් දිරිමත්කොට, පුහුණු කරමින් ශක්තිමත් කරන විශේෂ වැඩපිළිවෙලක් Daraz විසින් ආරම්භ කරන ලදී. Daraz විසින් COVID-19 අභියෝගය හමුවේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ගේ ව්‍යාපාර ස්ථාවර කරගන්නට වැඩි ඉඩකඩක් ලබාදෙමින් මාස 2ක කාලයක් සඳහා අලෙවි සේවා ගාස්තු අයකිරීමෙන් සම්පූර්ණයෙන්ම නිදහස් කරනු ලැබූ අතර වැඩසටහනට එක්වන ව්‍යවසායකයන්ට මූල්‍යමය ගැටළු ඇතිනොවන්නට දින කිහිපයක් ඇතුලත මුදල් ලබාගත හැකිවන ලෙස වේගවත් මුදල් ගෙවීමේ සේවාවක්ද ක්‍රියාත්මක කරන ලදී. එම වැඩසටහන සඳහා Daraz රුපියල් මිලියන 30 ක මුදලක් ආයෝජනය කර තිබීම විශේෂත්වයකි. Daraz University හරහා එම ව්‍යවසායකයන් හට අලෙවිකරණ පුහුණුව, අන්තර්ජාල අලෙවිකරණ මූලධර්ම යනාදී ව්‍යාපාර කටයුතු පවත්වාගෙන යාමේදී වැදගත්වන ක්ෂේත්‍ර රැසක් පිළිබඳ දැනුවත් වීමේ අවස්ථාවද නොමිලේ හිමි විය.

    පහසු හා කඩිනම් signing up ක්‍රියාවලියක් සමග නව අලෙවිකරුවන්ට පැය 24ක් ඇතුලත තම විකුණුම් ඇරඹීමේ හැකියාව, කාර්යාලීය වේලාවන් තුලදී live chat පහසුකම හරහා විකුණුම්කරුවන් විසින් යොමුකරන ගැටළු සඳහා තත්පර 30 ක කාලයක් ඇතුලතදී පිළිතුරු ලබාදීමේ කඩිනම් සේවාව, දෙගුණයක් වේගවත් මුදල් ගෙවීමේ කඩිනම් ක්‍රමවේදය, අපේක්ෂිත විකුණුම් ඉලක්ක සපුරාගත නොහැකි විකුණුම්කරුවන් පිළිබඳ විශේෂ අවධානය යොමුකොට ඔවුන්ගේ ව්‍යාපාරික ගැටළු විසඳාගැනීමට විශේෂ සහය සේවා ලබාදීම සමග ක්‍රියාත්මක වෙන “Seller Promises 2021” වැඩසටහන සමග දකුණු ආසියාවේ ප්‍රමුඛතම විද්‍යුත් වාණිජ වෙබ් අඩවිය වන Daraz  සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් තවදුරටත් සවිබල ගන්වා ඇත.

    Daraz කළමනාකාර අධ්‍යක්ෂ රඛීල් ප්‍රනාන්දු මහතා සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් අන්තර්ජාල අවකාශය වෙත රැගෙන ඒම පිළිබඳ අදහස් දක්වමින්  “රටේ මතු වූ අවාසනාවන්ත තත්ත්වය අපේ රටේ ආර්ථිකයට අහිතකර ලෙස බලපවත්වද්දී ප්‍රාග්ධනය හිඟකම, ගබඩා කිරීමේ ගැටළු, බෙදාහැරීමේ අපහසුතා සහ අන්තර්ජාලගත අලෙවි සාක්ෂරතාවය නොමැතිකම යනාදී දුෂ්කරතාවයන්ට වැඩිවශයෙන්ම ලක්වූ ව්‍යවසායකයන් වූයේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්. ශ්‍රී ලංකාවේ අත්‍යාවශ්‍ය භාණ්ඩ හා සේවා සම්පාදනයේ වැඩි කාර්යභාරයක් ඉටු කරන්නේත් 500,000 කට අධික සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් බව අප හඳුනා ගත්තා. දළ දේශීය නිෂ්පාදිතයෙන් 52% (GDP) ක් නියෝජනය කරන සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ගේ ව්‍යාපාර ආරක්ෂිත ක්‍රමවේදයක් සමග නැවතත් ආරම්භ කිරීමේ කාලීන අවශ්‍යතාව Daraz අප තේරුම් ගත්තා. අන්තර්ජාලය හරහා අලෙවි කටයුතු පවත්වාගෙන යාම ව්‍යවසායකයන්ට මෙන්ම පාරිභෝගිකයන්ටත් ඉතා ආරක්ෂාකාරී පියවරක්. ශ්‍රී ලංකාවේ විශාලතම අන්තර්ජාල වෙළෙඳපොළ වන Daraz අපගේ දීප ව්‍යාප්ත අන්තර්ජාලගත අලෙවි හා බෙදාහැරීම් ශක්තියත්, අප සමග රැඳී සිටින දිවයින පුරා මිලියන ගණනාවක පාරිභෝගික ජාලයත් භාවිතා කරමින් නැවත ව්‍යාපාර ආරම්භ කරන්නට රටේ සියළුම සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට අපි විවෘතව ආරාධනා කළා, බොහෝ පිරිසක් දැනටමත් අප සමග අන්තර්ජාල වෙළෙඳාම් ආරම්භ කර තිබෙනවා. ඔවුන්ගේ ව්‍යාපර කටයුතු පවත්වාගෙන යන්නට අවශ්‍ය කරන දැනුම, කුසලතා හා තාක්ෂණික සහයෝගය අප ලබා දෙනවා.” යැයි පැවසීය.

    Daraz මැදිහත්වීමෙන් ශ්‍රී ලංකාවේ අන්තර්ජාලගත විකුණුම් සංස්කෘතිය මේවනවිට ඉතා සීඝ්‍රයෙන් ව්‍යාපාරිකයන් හා පාරිභෝගිකයන් යන දෙපාර්ශ්වයම අතර වඩාත් ප්‍රචලිත ක්‍රමවේදයක් බවට පත්වෙමින් පවතියි. සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්හට සුවිශේෂී පහසුකම් රැසක් ලබාදීම හරහා දේශීය ආර්ථිකය ශක්තිමත් වන අතර දිවයින පුරා නව ව්‍යවසායකත්ව පිබිදීමක් ඇති කිරීමෙහිලාද හේතු වේ.