DFCC බැංකුවේ කාඩ්පත් හිමියන්ට මේ අලුත් අවුරුද්දේ 60% ක් දක්වා ඉතුරුම් වට්ටම් සහ තවත් දීමනා රාශියක්

    April, 9, 2021

    DFCC බැංකුව මෙවර අලුත් අවුරුදු සමය වෙනුවෙන් දිවයින පුරා වෙළඳසැල් 300 කට අධික සංඛ්‍යාවක් සමග අත්වැල් බැඳගෙන සිය කාඩ්පත් හිමියන්ට 60% ක් දක්වා ඉතුරුම් වට්ටම් පිරිනැමීමට පියවර ගෙන තිබේ. වෙළඳසැල් වලින් එදිනෙදා භාණ්ඩ හා ඉලෙක්ට්‍රොනික භාණ්ඩ මිලදී ගැනීමේදී මෙන්ම, විද්‍යුත්-වාණිජ (E-commerce) වෙබ් අඩවි වලින් මිලදී ගැනීම් සිදුකිරීමේදීද, තම ගනුදෙනුකරුවන්ට සුවිශේෂී වාසි අත්කර දීම සඳහා DFCC බැංකුව මෙම වැඩසටහන හඳුන්වා දී තිබේ.

    මෙම ඉතුරුම් වලට අමතරව, වසර පුරා සිදුකරන සෑම මිලදීගැනීමක් සඳහාම 1% ක CashBack දීමනාවක් ලබාදෙන අතර, එම මුදල් කාඩ්පත් හිමියාගේ DFCC බැංකු ගිණුම වෙත බැර වේ. මෙම සුවිශේෂී දීමනාව, අවුරුදු සමයේ තමන් සහ තම ආදරණීයයන් වෙනුවෙන් මිලදී ගැනීම් සිදුකරන ගනුදෙනුකරුවන්ට ලැබෙන සුවිශේෂී වාසියක් ලෙස හැඳින්විය හැක. මීට අමතරව, කාඩ්පත් සඳහා වන ණය සහ ශේෂයන් හුවමාරු කිරීමේ සේවාවන් වලදී අඩුම පිරිසැකසුම් ගාස්තුවක් අයකරනු ලබන්නේද DFCC බැංකුවේ ක්‍රෙඩිට් කාඩ්පත් සඳහා වීමද තවත් එක් විශේෂත්වයකි.

    මෙම වැඩසටහන සමග අත්වැල් බැඳගෙන සිටින වෙළඳසැල් අතරට ශ්‍රී ලාංකිකයන්ගේ ප්‍රියතම නාමයන් වන Keells, Cargills, Arpico, Abans, Singer, Galleria, Cotton Collection, Levi’s, Adidas, Cool Planet, Sriyani Dress Point, DSI, Bata, CIB, House of Fashions සහ ODEL ඇතුළු වෙළඳසැල් රැසක් ඇතුළත් වී තිබේ.

    ඉලෙක්ට්‍රොනික භාණ්ඩ සහ ගෘහෝපකරණ, සංචාරක සේවාවන්, සෞඛ්‍ය හා යහපැවැත්ම, ආභරණ, ඇඳුම් ආයිත්තම්, ආපනශාලා, සුපිරි වෙළඳසැල් සහ හෝටල් වැනි කාණ්ඩ රැසක් ආවරණය වන පරිදි, ප්‍රමුඛ පෙළේ ආයතන වෙතින් ඉතුරුම් හිමිකර ගැනීමට DFCC ගනුදෙනුකරුවන්ට අවස්ථාව මෙමඟින් ලැබෙනු ඇත.

    අලුත් අවුරුදු සමයේදී විදුලි උපකරණ ඇතුළුව ඉහළ වටිනාකමකින් යුත් භාණ්ඩ මිලදී ගැනීමට පාරිභෝගිකයන් වැඩි වැඩියෙන් පෙළඹෙන බැවින්, සිය කාඩ්පත් හිමියන්ට පහසු ගෙවීමේ ක්‍රම පිරිනැමීමටද DFCC බැංකුව පියවර ගෙන තිබේ. ඒ අනුව ගනුදෙනු කරුවන්ට අප්‍රේල් මාසය තුළදී පොලී රහිතව, මාස 12 කින් ගෙවීම සඳහා භාණ්ඩ මිලදී ගැනීමටද අවස්ථාව හිමිවනු ඇත.

    මෙම වසරේදී තම ඩෙබිට් කාඩ්පත් හිමියන්ටද වාසි හිමිකර ගැනීමට අවස්ථාව උදාකර දීමට DFCC බැංකුව තීරණය කර තිබේ. ATM යන්ත්‍ර භාවිතයෙන් මුදල් ලබාගැනීමට අමතරව සෘජුවම සිය ඩෙබිට් කාඩ්පත් භාවිතයෙන් භාණ්ඩ මිලදී ගැනීමට ඔවුන් දිරිගැන්වීම සඳහා තෝරාගත් එදිනෙදා භාණ්ඩ, පාවහන් හා ආභරණ අලෙවිසැල් සහ ආපනශාලා ආදිය සමග එක්වී ඉතුරුම් වට්ටම් ලබාදීමට DFCC බැංකුව පියවර ගෙන ඇත. මෙම විශේෂ වාසි අන්තර්ජාලය ඔස්සේ භාණ්ඩ මිලදී ගැනීමේදීද අදාළ වනු ඇත.

    DFCC බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරී ලක්ෂ්මන් සිල්වා මහතා මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූයේ මෙසේ ය. "අතීතයේ පටන්ම, අලුත් අවුරුදු සමයේ අපගේ කාඩ්පත් හිමියන්ගේ සතුට දෙගුණ තෙගුණ කිරීම සඳහා අප විවිධ හවුල්කරුවන් සමග අත්වැල් බැඳගෙන නොයෙක් ආකාරයේ ඉතුරුම් වට්ටම් හා දීමනා පිරිනමා තිබෙනවා. පසුගිය වසරේ ඇඳිරි නීතිය ආදී උද්ගත වී තිබුණු තත්වයන් නිසා අවුරුදු සැමරීමට නොහැකි වුවත්, මෙම වසරේදී අපගේ ගනුදෙනුකරුවන්ට ඔවුන්ගේ ආදරණීයයන් සමග එක්වී අවුරුදු සතුට බෙදාහදා ගැනීමට හැකියාව ලැබේවි. අප ලබාදෙන මෙම දීමනා වලින් උපරිම ප්‍රයෝජන ලබමින්, තමන් මෙතෙක් මිලදී ගැනීමට සිහින දුටු සහ සැලසුම් කළ දේවල් මිලදී ගන්නා මෙන් අපගේ ගනුදෙනුකරුවන්ට අප ආරාධනා කරනවා."