May, 19, 2026
AICPA සහ CIMA ආයතන මඟින් සංවිධානය කරන ලද 2026 වසරේ CIMA සාමාජිකයන් සඳහා වන ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම සේවායෝජකයන් අතර 3 වන ස්ථානය දිනා ගැනීමට DFCC බැංකුව සමත්ව ඇත.
ක්‍රමවත් පුහුණුවීම්, වෘත්තීය සංවර්ධනය සහ අඛණ්ඩ දියුණුව උදෙසා පවතින ශක්තිමත් ආයතනික සංස්කෘතිය හරහා අනාගතයට ගැළපෙන සේවා බලකායක් නිර්මාණය කිරීමට බැංකුව දක්වන අඛණ්ඩ උනන්දුව මෙම ඇගයීමෙන් මැනවින් පැහැදිලි වේ. ආයතනය තුළ සිටින CIMA සුදුසුකම්ලත් වෘත්තිකයන් සංඛ්‍යාව සහ ඔවුන්ගේ වෘත්තීය දියුණුව වෙනුවෙන් බැංකුව සපයන සහයෝගය පදනම් කරගනිමින් මෙම ශ්‍රේණිගත කිරීම සිදුකර ඇත. එමඟින් සේවකයෙකුගේ වෘත්තීය ජීවිතයේ සෑම පියවරකදීම ඔවුන්ගේ දක්ෂතා ඔප්නැංවීමට DFCC බැංකුව සතු කැපවීම මේ හරහා මතුකර පෙන්වයි.
මෙම ජයග්‍රහණය පිටුපස ඇති ප්‍රධානතම රහස වන්නේ, සේවකයන්ගේ හැකියාවන් වර්ධනය කිරීම, නායකත්ව පුහුණුව සහ ඔවුන්ගේ දියුණුවට, සහයෝගීතාවයට මෙන්ම වගකීම් සහගතභාවයට මුල්තැන දෙන වැඩබිම් පරිසරයක් නිර්මාණය කිරීමට බැංකුව දක්වන ප්‍රමුඛතාවයයි. ජාත්‍යන්තරව පිළිගත් වෘත්තීය සුදුසුකම් සපුරා ගැනීමට සේවකයන්ව ක්‍රියාකාරීව දිරිමත් කිරීම හරහා, DFCC බැංකුව සේවකයන්ගේ පෞද්ගලික දක්ෂතා මෙන්ම බැංකුවේ සමස්ත කාර්යක්ෂමතාවය ද අඛණ්ඩව ශක්තිමත් කරයි.
මෙම ඇගයීම පිළිබඳව අදහස් දක්වමින් DFCC බැංකුවේ ප්‍රධාන මානව සම්පත් නිලධාරී පදුම සුබසිංහ මහතා මෙසේ පැවසීය: "මෙම ඇගයීමෙන් පෙනී යන්නේ අපගේ සේවක මණ්ඩලයේ දක්ෂතාවය සහ අප ගොඩනඟාගෙන යන ආයතනික සංස්කෘතියේ ශක්තිමත්භාවයයි. අපගේ ඉලක්කය වන්නේ සේවකයන්ට අඛණ්ඩව ඉගෙන ගැනීමට, ඔවුන්ගේ දක්ෂතා ඔප්නැංවීමට සහ විශ්වාසයෙන් යුතුව ඉදිරියටම යාමට හැකි පරිසරයක් නිර්මාණය කිරීමයි. අපගේ සේවකයන් වෙනුවෙන් ආයෝජනය කිරීම හරහා, බැංකුවේ අනාගත ස්ථාවරත්වය සහ දිගුකාලීන සාර්ථකත්වය සඳහා වන පදනම අප වඩාත් ශක්තිමත් කරනවා."
බැංකුවේ පුළුල් පරිවර්තනීය ගමනට සමගාමීව, DFCC බැංකුව සිය මූලික වටිනාකම් ද අලුත් කර ඇත. ඒ අනුව, කැපවීම, සැබෑ අනන්‍යතාවය, ධෛර්යය, සහයෝගීතාවය සහ විශිෂ්ටත්වය යන වටිනාකම් සේවක හැසිරීම් හැඩගැස්වීමට මෙන්ම බැංකුවේ කාර්යසාධනය සහ අරමුණු ශක්තිමත් කිරීමට දායක කරගනී. මෙම වටිනාකම් සේවකයන්ට නිසි මඟ පෙන්වීමක් සපයන අතර, ගනුදෙනුකරුවන්ට සහ සමාජය සමඟ වඩාත් ශක්තිමත් සබඳතා පවත්වමින් අර්ථවත් මෙහෙවරක් ඉටු කිරීමට ඔවුන්ව පොළඹවනු ලබයි.
දිවයින පුරා විසිරුණු මධ්‍යස්ථාන 133ක 2,400කට අධික සේවක මණ්ඩලයක් සේවය කරන DFCC බැංකුව, නායකත්ව වැඩසටහන්, උපදේශන සහ අඛණ්ඩ ඉගෙනුම් අවස්ථා හරහා සිය සේවක සංවර්ධන කටයුතු තවදුරටත් පුළුල් කරමින් සිටී. එහිදී වෘත්තීය සුදුසුකම් සඳහා මූල්‍යමය ආධාර සැපයීමට අමතරව, සේවකයන්ගේ දිගුකාලීන වෘත්තීය වර්ධනය සහ උසස්වීම් සඳහා මඟ පාදන ක්‍රමවත් වෘත්තීය සැලසුම් ද බැංකුව විසින් සකස් කර දී ඇත.
මෙම ඇගයීම හුදෙක් ශ්‍රේණිගත කිරීමක් පමණක් නොව, එය ඕනෑම වෙනස්වීමකට සාර්ථකව මුහුණ දෙමින් ශ්‍රී ලංකාවේ බැංකු ක්ෂේත්‍රයේ අනාගතය මෙහෙයවිය හැකි, වටිනාකම්වලින් පිරිපුන් සහ දක්ෂ සේවා බලකායක් ගොඩනැගීමට DFCC බැංකුව සතු නොසැලෙන කැපවීම මැනවින් කියාපාන්නකි.
Video Story