DIMO Healthcare සහ ZEISS එක්ව ZEISS CT LUCIA 621P Monofocal IOL ශ්‍රී ලංකාවට හඳුන්වා දෙයි

    October, 23, 2023

    ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ විවිධාංගීකරණය වූ සමූහ ව්‍යාපාරයක් වන DIMO හි සෞඛ්‍ය සේවා අංශය වන DIMO Healthcare, දෘෂ්ටි විද්‍යාව සහ දෘශ්‍ය ඉලෙක්ට්‍රොනික් යන ක්ෂේත්‍රයන් යටතේ ක්‍රියාත්මක වන ගෝලීය වශයෙන් කීර්තිමත් ව්‍යාපාරයක් වන ZEISS සමඟ එක්ව ZEISS CT LUCIA 621P Monofocal Intraocular Lens (IOL) ශ්‍රී ලංකාවට හඳුන්වා දෙන ලදී. ඇසේ සුද ඉවත් කිරීමේ සැත්කම් ක්‍රියාවලියට නව අරුතක් එක් කරමින් ඉදිරිපත් කර ඇති මෙම නවෝත්පාදනය රෝගීන් සඳහා වැඩිදියුණු කළ දෘශ්‍ය ප්‍රතිඵල ලබා දෙයි.

    ඇසේ සුද ඉවත් කිරීමේ ක්‍රියාවලියේදී, ZEISS CT LUCIA 621P Monofocal IOL මඟින් අක්‍ෂි ශල්‍ය වෛද්‍යවරුන් හට සිය කර්තව්‍ය කාර්යක්‍ෂම ලෙස සිදු කිරීමට අවශ්‍ය සහාය ලබා දෙයි. Fully preloaded injector හෙවත් අක්‍ෂි කාචය අඩංගු ඉන්ජෙක්ටරය මඟින් ශල්‍යකර්ම ක්‍රියාපටිපාටිය පහසු කරමින් සංකූලතා ඇතිවීමේ අවදානම අඩු කරයි. එසේම මෙය නිර්මාණය කර ඇත්තේ ඉතා පහසුවෙන් අක්‍ෂි කාචය කේන්ද්‍රගත කිරීමේ සහ කැප්සියුලර් බෑගය සමඟ සෘජු සම්බන්ධතා ඇති කිරීමේ හැකියාව ලබා දෙමිනි. මෙම නවතම CT LUCIA 621P Monofocal IOL මඟින් අක්‍ෂි කාචයේ ස්ථාවරත්වය සහ නිවැරදි ස්ථානගත වීම සහතික කරන අතර ඒ තුළින් ඇසේ සුද සහිත රෝගීන්ට මනා විසඳුමක් ලබා දෙයි.

    ZEISS සමූහ ව්‍යාපාරයේ SAARC කලාපීය ප්‍රධානී විකාස් සක්සේනා මහතා හඳුන්වාදීමේ උත්සවයේදී මෙසේ සිය අදහස් දැක්වීය. "ZEISS CT LUCIA 621P Monofocal IOL ශ්‍රී ලංකාවට හඳුන්වා දීමට හැකිවීම පිළිබඳව අපි බෙහෙවින් සතුටට පත්වෙනවා. මෙම නවතම හඳුන්වාදීම අක්ෂි ආරක්ෂණ තාක්‍ෂණය දියුණු කිරීමට සහ ඇසේ සුද සහිත රෝගීන්ට යහපත් පෙනීමක් ලබා දීමට අප දරන උත්සාහයේ ප්‍රතිඵලයක්. මෙහි පේටන්ට් බලපත්‍රලාභී ZO Asphericity සංකල්පය සහ භාවිතයට පහසු හැකියාව මඟින් ශ්‍රී ලංකාවේ අක්‍ෂි ශල්‍ය වෛද්‍යවරුන්ට සිය රෝගීන් සඳහා සුවිශේෂී දෘෂ්‍ය ප්‍රතිඵල ලබා දීමට හැකිවෙනු ඇතැයි අපි විශ්වාස කරනවා."

    DIMO හි විධායක අධ්‍යක්‍ෂ සහ සෞඛ්‍ය සේවා අංශය අධීක්‍ෂණය කරන විජිත් පුෂ්පවෙල මහතා මෙසේ සිය අදහස් දැක්වීය." ශ්‍රී ලාංකිකයන්ගේ සිහින හා අභිලාෂයන් බලගන්වමින් නිරෝගිමත් ජාතියක් ගොඩනැඟීමට DIMO Healthcare නිරතුරුවම කැපවී කටයුතු කරනවා. ZEISS CT LUCIA 621P Monofocal IOL වැනි නව නිපැයුම් ශ්‍රී ලංකාවට හඳුන්වා දීමට ලොව ප්‍රකට දෘෂ්ටි විද්‍යාවේ පුරෝගාමියෙකු වන Carl Zeiss සමඟ හවුල්කාරිත්වයකට එළඹීමට ලැබීම අපට ලැබුණු භාග්‍යයක්. ZEISS හි ශ්‍රී ලංකාවේ නියෝජිතයා වශයෙන් DIMO Healthcare, ශ්‍රී ලංකාවට ප්‍රථම වරට Wide Angle Fundus Phototherapy සහ Multi Spot Green Laser therapeutic microscope හඳුන්වා දී තිබෙනවා."

    ZEISS CT LUCIA 621P Monofocal IOL යනු අක්ෂි විද්‍යාවට එකතු වන සුවිශේෂී දායාදයකි. මෙම CT LUCIA 621P හට ඇසේ සුද ඉවත් කිරීමේ ශල්‍යකර්ම ක්ෂේත්‍රයේ සැබෑ වෙනසක් ඇති කිරීමට හැකියාව ලැබෙනු ඇත.

    මීට අමතරව ZEISS විසින් ශ්‍රී ලංකාවේ අක්ෂි වෛද්‍යවරුන් සඳහා Trifocal සහ Extended Depth of Focus (EDOF) වැනි තාක්‍ෂණිකව දියුණු IOL ද ඉදිරියේදී හඳුන්වා දෙනු ඇත. ඇසේ සුද ඉවත් කිරීමේ ශල්‍යකර්මය යනු ලෝකයේ බහුලවම සිදුවන ශල්‍යකර්මයක් වන අතර ZEISS CT LUCIA 621P Monofocal IOL හඳුන්වාදීම මෙම ක්‍රියාවලිය වඩාත් ඵලදායී සහ විශ්වාසදායක ලෙස සිදු කිරීමට හැකියාව ලබා දෙයි.