Domino’s Pizza 50 වැනි අවන්හල පානදුරේ දී විවෘත කෙරෙයි

    August, 4, 2023

    ශ්‍රී ලංකාවේ වඩාත් ම ආදරණීය සන්නාමය වන Domino's Pizza  සිය 50 වැනි අවන්හල පානදුර ප්‍රදේශයේ දී  විවෘත කරමින්, එම ඉලක්කය වේගයෙන් ම සපුරා ගත් ක්ෂණික සේවා අවන්හල් ජාලය (QSR) බවට පත් විය.  2011 වසරේ දී ආරම්භ වූ Domino's Pizza ඉතා සීඝ්‍රයෙන් මෙරට තුළ ව්‍යාප්ත වූ අතර, එහි විවිධත්වයෙන් යුතු මෙනුව සහ දේශීය පාරිභෝගිකයින්ගේ රුචි අරුචිකම් සපුරාලන දීමනා තුළින් පාරිභෝගික ආකර්ෂණය දිනා ගැනීමට සමත් විය.

    මෙරට ක්ෂණික සේවා අවන්හල් ක්ෂේත්‍රය ආවරණය කරමින් ශක්තිමත් අවන්හල් 50ක් ආරම්භ කිරීම තුළින්, අසම සම රසයක් හා පහසුව සමඟින් මෙරට පීසා ලෝලීන් සතුටු කිරීම සඳහා  Domino's Pizza හි කැප වීම මනා ලෙස පෙන්නුම් කරයි.

    Domino's යනු ලොව ප්‍රමුඛතම පීසා සන්නාමය වන අතර, රටවල් 90ක පැතිරී ඇති එම සන්නාමය අවන්හල් 20,000කට අධික ජාලයකින් සමන්විත ය. එමෙන් ම ඉතා සුහදශීලී සේවාවක් ලබා දෙන Domino's Pizza සතු කාර්‍යක්ෂම  බෙදා හැරීමේ ජාලය හරහා මිනිත්තු 30 වැනි කෙටි කලක් තුළ සිය ඇණවුම පාරිභෝගිකයා අතට පත් කිරීම විශේෂිතය.

    Domino's Pizza ගෙන එන  Jubilant FoodWorks හි ප්‍රධාන විධායක නිලධාරී සහ කළමනාකාර අධ්‍යක්ෂ සමීර් ඛෙතාර්පාල් මහතාගේ සුරතින් 50 වැනි අවන්හල විවෘත කිරීම සිදු කෙරිණි. ඒ මහතා සිය දූරදර්ශී නායකත්වය යටතේ මෙරට Domino's Pizza ප්‍රචලිත කිරීම වෙනුවෙන් සුවිශේෂී  කාර්යභාරයක් ඉටු කර ඇත.  සමීර් ඛෙතාර්පාල් මහතා ශ්‍රී ලංකාව තුළ Domino's Pizza හි වර්ධනීය ගමන් මඟ පිළිබඳ ව සිය ප්‍රසාදය පළ කළේ මේ අයුරිණි. " සන්නාමයක් ලෙස, අපි ශ්‍රී ලංකාව තුළ අපගේ ව්‍යාප්තිය වෙනුවෙන්  මුළු හදවතින් ම කැප වී සිටිනවා. නොපසුබට උත්සාහය හා කැප වීම  නිසා ම වේගයෙන් ම වර්ධනය වන ක්ෂණික සේවා අවන්හල් ජාලය ලෙස අපගේ ස්ථාවරය ගොඩනඟා ගැනීමට අපට හැකි වී තිබෙනවා. ප්‍රමිතිගත හා විශිෂ්ට පාරිභෝගික අත්දැකීමක් ලබා දීම අවන්හල් 50 ක් දක්වා පුළුල් වීමට අපට ශක්තියක් වුණා.  ඉදිරියේ දී ත් රට පුරා සිටින පීසා ලෝලීන් සතුටු කිරීම වෙනුවෙන් අපි නිරන්තරයෙන් කැප වෙනවා."

    සීමාසහිත Jubilant FoodWorks Lanka හි දේශීය ප්‍රධානී සහ අධ්‍යක්ෂ ඉරංග ධර්මවර්ධන මහතා අදහස් දක්වමින් කියා සිටියේ, " Domino’s Pizza ශක්තිමත් දේශීය සම්බන්ධතාවක් සහිත ගෝලීය සන්නාමයක් බවට පත් වීම ගැන අපි සිහිපත් කරන්නේ ආඩම්බරයෙන්. දේශීය පාරිභෝගිකයින්ගේ රුචි අරුචිකම් අවබෝධ කර ගැනීම අපගේ සාර්ථකත්වයට ප්‍රධානතම හේතුවයි. අපි අපගේ ශ්‍රී ලාංකික පාරිභෝගිකයින් වෙත අද්විතීය පීසා අත්දැකීමක් ලබා දීම වෙනුවෙන් නිරන්තරයෙන් කැප වෙනවා.  ඒ වගේ ම අපගේ පීසා සැකසීම සඳහා යොදා ගන්නා අමුද්‍රව්‍යවලින් 55%ක් දේශීය ව ලබා ගැනීම හරහා අපි දේශීය ආර්ථිකයට සැලකිය යුතු දායකත්වයක් ලබා දෙන බවත් පැවසිය යුතු ම කරුණක්. "

    විවිධත්වයෙන් යුත් Domino's Pizza මෙනුව  මගින් දැරිය හැකි මිලකට  Pizza Mania පරාසයක් හඳුන්වා දෙන අතර,  චීස්වලට ප්‍රිය කරන පාරිභෝගිකයින් සඳහා, චීස් බර්ස්ට් සහ චීස් ෆ්ලෝට් පීසා ලබා දෙයි.

    50 වැනි අවන්හල විවෘත කිරීම මගින් මෙරට ප්‍රාදේශීය ජනතාව වෙනුවෙන් සිය කැපවීම පෙන්නුම් කරන Domino's Pizza මෙරට කාන්තාවන් හා ළමුන් බලගැන්වීම අරමුණු කරමින් Child Action Lanka වෙත ආහාර වේල්  5,000 ක් පරිත්‍යාග කිරීමට සැලසුම් කර ඇති බව ද නිවේදනය කළේය.

    ඊට අමතර ව Domino's Pizza හි වැඩියෙන් ම අලෙවි වන පීසා කාණ්ඩ ආශ්‍රිතව 2023 අගෝස්තු 3 සහ 6 යන දිනවල දී  'එකක් ගත් විට තවත් එකක් නොමිලේ (BOGO/Buy-One-Get-One)' පහසුකම ලබා දීමට ද සැලසුම් කර ඇත. එමෙන් ම Domino's  ජංගම යෙදුමේ (App) නව පරිශීලකයින්ගේ පළමු ඇණවුම් තුන සඳහා නොමිලේ චිකන් වින්ග්ස්, ගාර්ලික් බ්‍රෙඩ් සහ චොකෝ ලාවා කේක් වැනි රසවත් අතුරුපසක් ලබා දීම ද විශේෂයෙන් සඳහන් කළ යුතුය.

    ඩොමිනෝස් වෙතින් උණුසුම් පීසා ඇණවුම් කිරීම සඳහා m.dominoslk.com වෙබ් අඩවියට පිවිසිය හැකි අතර, Android සහ iOS යන දුරකථන මාදිලි භාවිත කරන පරිශීලකයින්ට  Domino's Pizza Sri Lanka යෙදුම (App එක) බාගත කර ගත හැකිය.