Driveline නවතම ශාඛාව දැන් දෙමටගොඩ දී

    January, 13, 2022

    ඔබේ වාහනයට උපරිම කාර්යක්ෂම සේවා රැසක් එකම වහලක් යටදී ලබා ගැනීමට වාහන සේවාකරණයේ වෙනස්ම පෙරලියක් සහිත සේවා සපයන්නා Driveline නවතම ශාඛාව අංක 279 ඩැනිස්ටර් ඩී සිල්වා මාවත, කොළඔ 9 යන ලිපිනයේ පසුගියදා විවෘත වුණි. එම අවස්ථාව සදහා සම්භාවනීය ආරාධිතයින් විශාල පිරිසක් සහභාගි වී සිටි අතර Driveline නාමපුවරුව විවෘත කිරීම අධ්‍යක්ෂ අවිනාශ් සංදීප් මහතා අතින් සිදුවිය.

    නවීන මෝටර් රථ තාක්ෂනයේ පරිපූර්ණ ක්ෂෙත්‍රයේ වසර 25 වඩා මනා පළපුරුද්දක් සහ කාර්යක්ෂම සේවක පිරිසක් සමඟ අදට ගැලපෙන නවීන තාක්ෂණ ක්‍රමවේදයන්ට අනුව අවශ්‍ය උපකරණ සහිතව දෙමටගොඩ, නාවල, ගම්පොල සහ බදුල්ල යන නගරවල දී දැන් ඔබේ වාහනයට උපරිම කාර්යක්ෂම සේවා රැසක් එකම වහලක් යටදී ලබා ගැනීමට Driveline වෙතින් දැන් ඔබට අවස්ථාව හිමිව තිබේ.