August, 11, 2026
සත්ත්ව සෞඛ්‍ය හා පෝෂණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛයන් වන Farmchemie සහ Feedchemie සමාගම්වල මව් සමාගම වන Dyvesta 2026 ජාතික ව්‍යාපාර විශිෂ්ටතා සම්මාන උළෙලේදී සුවිශේෂ ජයග්‍රහණයක් වාර්තා කරමින් පශු සම්පත් අංශයේ විශිෂ්ටතා සම්මානය දිනා ගැනීමට සමත් විය. එමෙන්ම දේශීය වෙළෙඳපොළ ප්‍රවේශයේ විශිෂ්ටත්වය සඳහා අනුශූරතාව හිමි කර ගනිමින් සමාගම ක්ෂේත්‍රයේ සිය නායකත්වය යළි තහවුරු කළේය. ශ්‍රී ලංකා ජාතික වාණිජ මණ්ඩලය සංවිධානය කළ සම්මාන උළෙල Shangri-La හෝටලයේදී පැවැත්විණි. සත්ත්ව සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ශක්තිමත් ව්‍යාපාර සමූහයක් ලෙස ස්ථාපිත වී ඇති Dyvesta සමූහය Farmchemie (Pvt) Ltd, Farmchemie Manufacturers (Pvt) Ltd සහ Feedchemie (Pvt) Ltd යන සමාගම්වලින් සමන්විත වේ. නවෝත්පාදනය, තිරසාරභාවය සහ ගෝලීය තරගකාරීත්වය කේන්ද්‍ර කර ගනිමින් මෙම සමාගම් දේශීය මෙන්ම ජාත්‍යන්තර වෙළෙඳපොළ තුළද ශක්තිමත් කීර්ති නාමයක් ගොඩ නඟා ගෙන ඇත. වසර 24ක සාර්ථක ගමන් මඟකට හිමිකම් කියන Farmchemie ශ්‍රී ලංකාවේ සත්ත්ව සෞඛ්‍ය ක්ෂේත්‍රයේ කැපී පෙනෙන වර්ධනයක් අත් කර ගනිමින් සිය ව්‍යාපාර ජාත්‍යන්තර වෙළෙඳපොළ වෙතද පුළුල් කර තිබේ. සමාගම සත්ත්ව සෞඛ්‍ය නිෂ්පාදන සැකැසීම, පශු ඖෂධ සහ සත්ත්ව ආහාර ආකලන නිෂ්පාදනය හා අලෙවිකරණය සිදු කරන අතර එහි ප්‍රමුඛ සන්නාමය වන Farmstar ඇතුළු සන්නාම රැසකින් නිෂ්පාදන වෙළෙඳපොළට ඉදිරිපත් කරයි.
2018 සිට Farmchemie සිය නිෂ්පාදන ඉන්දියාව, බංග්ලාදේශය, නේපාලය, කුවේට්, පාකිස්තානය, ඇෆ්ගනිස්තානය, ලෙබනනය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, ඊජිප්තුව, තායිලන්තය, වියට්නාමය, මැලේසියාව, මොංගෝලියාව, කාම්බෝජය, උගණ්ඩාව ඇතුළු රටවල් රැසකට අපනයනය කරයි. 2025දී ශ්‍රී ලංකාවෙන් ඉන්දියාවට අපනයනය කරන ප්‍රමුඛ අපනයනකරුවන් පස් දෙනා අතරට එක් වීමටද සමාගම සමත් විය. Dyvesta සභාපති උදිත වනිගසිංහ මහතා සඳහන් කළේ කලක් සම්පූර්ණයෙන්ම ආනයන මත රඳා පැවැති ක්ෂේත්‍රයක වෙළෙඳපොළ නායකත්වය අත් කර ගැනීම හුදෙක් ව්‍යාපාර ජයග්‍රහණයක් පමණක් නොව රටේ ආර්ථික ස්වාධීනත්වය පිළිබඳ වැදගත් සන්ධිස්ථානයක් බවයි. ජාත්‍යන්තර ප්‍රමිතිවලට අනුකූලව දේශීයව නිෂ්පාදනය කිරීම තුළින් ශ්‍රී ලංකාවේ සත්ත්ව සෞඛ්‍ය ක්ෂේත්‍රය ස්වයංපෝෂිත කිරීමට Farmchemie සමත් වී ඇති බවත්, එමඟින් ගොවීන්ට දැරිය හැකි මිලකට ප්‍රමිතියෙන් සහතික කළ විසඳුම් සැපැයීමට මෙන්ම ආනයන සඳහා වැය වන විදේශ විනිමය අවම කරමින් ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීමට දායක වීමට හැකි වී ඇති බවත් ඔහු පෙන්වා දුන්නේය. දේශීය වෙළෙඳපොළ තුළ ශක්තිමත් පදනමක් ගොඩ නැඟීමත් සමඟ ගෝලීය තරගකාරිත්වය කරා පිවිසීමට අවශ්‍ය පදනම සමාගම සකස් කර ඇති බවද ඔහු සඳහන් කළේය. FAMI-QS (Feed Additives and Pre-mixture Quality System) සහතිකය හිමි කර ගත් ප්‍රථම ශ්‍රී ලාංකික හිමිකාරිත්වය සහිත සත්ත්ව සෞඛ්‍ය සමාගම වන්නේ Farmchemieය. මෙම ජාත්‍යන්තර සහතිකය හරහා යුරෝපය, එක්සත් රාජධානිය, ඇමෙරිකා එක්සත් ජනපදය වැනි ප්‍රධාන වෙළෙඳපොළ වෙත ප්‍රවේශ වීමේ අවස්ථා සමාගමට විවෘත වී තිබේ. Farmchemie සමාගම ISO 9001:2015, පශු ඖෂධ සඳහා WHO-GMP සහ Good Animal Feeding Practices සඳහා GMP යන ප්‍රමිති සහතික SGS සමාගම මගින් ගෙන ඇත. ඉදිරියේදීද තිරසාර සත්ත්ව සෞඛ්‍ය හා පෝෂණ විසඳුම් ලොව පුරා වෙළෙඳපොළ වෙත හඳුන්වා දෙමින් සිය ගෝලීය වෙළෙඳපොළ ප්‍රවේශය තව දුරටත් පුළුල් කිරීමට Dyvesta කැප වී සිටී.
Video Story