E B Creasy Solar සමඟ අසීමිත සූර්යබලය අත්විඳිමින් තිරසාර අනාගතයකට පිය නඟන්න

    July, 4, 2023

    පුනර්ජනනීය බලශක්තිය වැඩි වශයෙන් භාවිත කරන අනාගතයක් කරා පිය නඟන වර්තමනයේ E B Creasy & Co. PLC සමාගමේ E B Creasy Solar අංශය ශ්‍රී ලංකාවේ සූර්ය බලශක්ති කර්මාන්තය තුළ විප්ලවීය වෙනසක් ඇති කිරීමේ පුරෝගාමියා  බවට පත් වී ඇත. වසර 146ක උරුමයක් සමඟින් අසම සම විශ්වාසයක් ගොඩනඟාගෙන සිටින E B Creasy Solar, සිය අත්දැකීම් සහ හැකියාවන් තුළින් මෙරට පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රය  පෙරමුණට ම ගෙන ඒම වෙනුවෙන් නිරන්තරයෙන් කැප වෙයි. මෙම ලිපිය මගින්  සූර්ය බලශක්ති ක්ෂේත්‍රය වෙත විශේෂ  අවධානය යොමු කරමින්, E B Creasy Solar වඩාත් තිරසාර සහ පරිසර හිතකාමී අනාගතයක් උදාකිරීම වෙනුවෙන් කැප වන ආකාරය පිළිබඳව අවධානය යොමු කිරීමට අරමුණු කරමු.

    1878 දී ආරම්භ වන E B Creasy & Co. PLC වර්තමානය වන විට FMCG, Pharmaceuticals, Power and Energy, F & B, Leisure, සහ Automobiles වැනි විවිධ ක්ෂේත්‍ර අනුබද්ධිත ශක්තිමත් සමාගම් සමූහයක්  බවට පත් වී ඇත.  නිරන්තර නවෝත්පාදනයන් තුළින් තමාට ම ආවේණික  ගෘහාශ්‍රිත වෙළෙඳ නාම රැසක් ගොඩනැඟීමට සමත් වී ඇති E B Creasy සමාගම, සිය ව්‍යාපාරික ක්‍රියාවලියේ දී  වගකීම් සහගත ලෙස ක්‍රියාත්මක වීම කෙරෙහි ආරම්භයේ සිට ම  දැඩි අවධානය යොමු කළ අතර, එම නිසා ම සමාගමට  දශක ගණනාවක් පුරා සිය තිරසාරත්වය රැක ගනිමින් මෙරට සූර්ය බලශක්ති ක්ෂේත්‍රයේ පුරෝගාමී සමාගමක් බවට පත් වීමට හැකි වී ඇත.

    E B Creasy පුනර්ජනනීය බලශක්ති අංශයේ මූලික අවධානය යොමු වී ඇත්තේ සාම්ප්‍රදායික බලශක්ති ප්‍රභවයන් මත යැපීම අවම කරමින්, තිරසාර බලශක්ති උත්පාදනයක් සහතික කිරීම වෙනුවෙන් දේශීය හා කාර්මික වෙළෙඳපොළ බල ගැන්වීමයි.  E B Creasy Solar සමඟින් එක් වන පාරිභෝගිකයින්ට සිය බලශක්ති පරිභෝජනය කළමනාකරණය කිරීමටත්, බලශක්ති පරිභෝජනයේ දී කාබන් පිටවීම සැලකිය යුතු ලෙස අඩු කිරීම තුළින් තිරසාර හරිත අනාගතයක් ගොඩනැංවිම සඳහා දායක වීමටත් අවස්ථාව උදා කර දෙයි.

    පාරිසරික ප්‍රතිලාභ පමණක් නොව, E B Creasy Solar නිෂ්පාදන භාවිතය තුළින්  පාරිභෝගිකයින්ට සිය විදුලි බිල සැලකිය යුතු ලෙස  ලෙස අවම කර ගත හැකි අතර, වාර්ෂිකව සැලකිය යුතු මුදලක් ඉතිරි කර ගැනීමේ හැකියාව ද ලැබේ.  මහා පරිමාණ ව්‍යාපාර සඳහා E B Creasy Solar නිෂ්පාදන භාවිතය තුළින්  අති විශාල මූල්‍ය ඉතිරියක් ලබා ගත හැකිය.

    ගුණාත්මකභාවය සහ පාරිභෝගික තෘප්තිමත්භාවය රැක ගැනීම වෙනුවෙන් නිරන්තරයෙන් කැප වන E B Creasy Solar  සිය වසර 146ක විශිෂ්ටත්වය තුළින් ගුණාත්මක බවින් හා ප්‍රමිතියෙන් ඉහළ සූර්ය බලශක්ති පද්ධති ආශ්‍රිත නිෂ්පාදන දිගු කාලීන වගකීමක් සහිතව  ලබා දීමට කටයුතු කරයි. සූර්ය බලශක්ති පද්ධති සඳහා ආයෝජනය කිරීමේ දී සලකා බැලිය යුතු අත්‍යවශ්‍ය සාධක ලෙස දැක්විය හැකි විශ්වසනීයත්වය, කල් පැවැත්ම සහ ගුණාත්මක භාවය යන සියලු ම ගුණාංග E B Creasy Solar නිෂ්පාදන තුළ පවතින බව පැවසිය යුතු ම කරුණකි.

    අනාගතයේ දී, විදුලිබල හා බලශක්ති අංශය තුළ E B Creasy නිෂ්පාදන ප්‍රමාණය පුළුල් කිරීමට සැලසුම් කර ඇති අතර, ඒ වෙනුවෙන්  අති නවීන සූර්යබල තාක්ෂණික ක්‍රමවේදයන් පිළිබඳව පර්‍යේෂණ කටයුතු අඛණ්ඩව සිදු කෙරෙමින් පවතී. එම නවෝත්පාදනයන් තුළින් සිය පාරිභෝගික ජනතාව වෙත ප්‍රමිතියෙන් හා ගුණාත්මක බවින් මෙන් ම කාර්යක්ෂම භාවයෙන් ඉහළ නිෂ්පාදන ලබා දීම E B Creasy Solar සමාගමේ අරමුණයි.

    ABB/FIMER, AP Systems, LONGI, සහ Phono Solar වැනි ගෝලීය වශයෙන් කීර්තිමත් සන්නාමයන් සමඟ අත්වැල් බැඳගනිමින් කටයුතු කරන E B Creasy Solar පුළුල් පරාසයක පුනර්ජනනීය බලශක්ති විසඳුම් පිරිනමයි.  2001 සිට කෘෂිකාර්මික සහ ගෘහස්ථ අවශ්‍යතා සපුරාලීම වෙනුවෙන් සේවා ලබා දෙන E B Creasy Solar සමාගම,  ලෝක බැංකුවේ අනුග්‍රහය ඇති ව ක්‍රියාත්මක වන 'ග්‍රාමීය විද්‍යුත්කරණය සහ පුනර්ජනනීය බලශක්ති සංවර්ධන ව්‍යාපෘතිය'  යටතේ මෙරට ගෘහස්ථ විදුලි බල පද්ධති 15,000කට අධික ප්‍රමාණයක් ස්ථාපනය කර ඇති අතර, එම සමාගම ලොව අංක 1 සූර්ය ජල පොම්ප පද්ධති නිෂ්පාදකයා වන ජර්මනියේ Bernt Lorentz GmbH & Co. KG සමඟ එක් ව, UNDP, World Vision Lanka සහ IOM යන කීර්තිමත් සංවිධාන මගින් ක්‍රියාත්මක කළ මහා පරිමාණ ප්‍රජා ජල සැපයුම් පද්ධති ස්ථාපනය කිරීමට වෙනුවෙන් සිය දායකත්වය ලබා දී ඇත.

    විශේෂයෙන් ව්‍යාපාර සඳහා සූර්ය ග්‍රිඩ් පද්ධතියක් ස්ථාපනය කිරීමේ ප්‍රතිලාභ බොහෝය.  අදාළ ව්‍යපාරික ක්‍රියාවලියේ දී කාබන් මුදා හැරීම අවම කිරීමට අමතරව මෙම පද්ධති තාප පරිවාරකයක් ලෙස ක්‍රියා කරන නිසා, ගෘහස්ථ උෂ්ණත්වය අවම කිරීම තුළින් සිසිලන පද්ධති මත යැපීමේ දැඩි අවශ්‍යතාව අවම කරයි. එමෙන් ම සූර්ය බලශක්ති භාවිතය  ව්‍යාපාරවලට වෙළෙඳපොළ තුළ තරඟකාරී ලෙස ක්‍රියාත්මක වීමට සහ තිරසාර, හරිත අනාගතයක් වෙත ගමන් කිරීම සඳහා උපකාරී වන බව ද පැවසිය හැකිය.

    සියවස් එකහමාරකට වැඩි කාලයක් පුරා මෙරට ව්‍යාපාරික ක්ෂේත්‍රය තුළ සිය ස්ථාවරත්වය රැන්දූ E B Creasy, සූර්ය බලශක්ති ක්ෂේත්‍රය තුළ පුරෝගාමී සමාගමක් ලෙස, පාරිභෝගික ජනතාව වෙත උසස් තත්ත්වයේ ප්‍රමිතිගත නිෂ්පාදන මෙන් ම සුවිශේෂී අලෙවියෙන් පසු සේවාවක් ලබා දීමට ද කටයුතු කරයි.  සූර්යයාගේ අසීමිත ශක්තියෙන් බල ගැන්වෙන E B Creasy Solar සමඟ එක්ව දීප්තිමත් සහ තිරසාර ශ්‍රී ලංකාවක් කරා ගමන් කරමු.

     

    ජයාරූප විස්තරය : ඉසුරු ලේකම්ගේ - පුනර්ජනනීය බලශක්ති ප්‍රධානී - E B Creasy & Co., PLC