December, 29, 2018
පසුගිය දා දිවුරුම් දෙනු ලැබූ නව අමාත්‍ය මණ්ඩලයේ එක් එක් අමාත්‍යවරයා භාරයේ පැවතිය යුතු විෂයයන්, කාර්යයන්, දෙපාර්තමේන්තු, රාජ්‍ය සංස්ථා හා ව්‍යවස්ථාපිත ආයතන දැක්වෙන අති විශේෂ ගැසට් පත්‍රය මේ වන විට ප්‍රකාශයට පත් කර ඇත.
ඊට අනුව නව අමාත්‍ය මණ්ඩලයේ විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍යවරයා වන රවී කරුණානායක මහතාගේ විෂයය පථයට අයත්වන කාර්යයන් හා කර්තව්‍යයන් දක්වා තිබේ.
විදුලිබල හා බලශක්ති විෂයයන්ට අදාළ කර්තව්යයන්වලට අමතරව ආර්ථික සංවර්ධනය උදෙසා ව්‍යාපාර ක්ෂේත්රයේ දායකත්වය ඵලදායී ලෙස යොදා ලැනීම සඳහා අවශ්‍ය ප්‍රතිපත්තිමය ප්‍රතිසංස්කරණ සැලසීම හා සානුබලයන් සැපයීම, ශ්‍රී ලංකාව තුළ ව්‍යාපාර ඇරඹීමේ හැකියාව ප්‍රවර්ධනය කිරීමේ දර්ශකය (Ease of Doing Business Index) ඉහළ නැංවීමට අවශ්‍ය පියවර ගැනීම ඇතුළු කර්තව්‍යයන් ගණනාවක් මේ අනුව අමාත්‍ය රවී කරුණානායක වෙත පැවරී තිබේ.
මීට අමතරව පෞද්ගලික ව්‍යාපාර ක්ෂේත්රය මුහුණ දෙන ව්‍යාපාර ගැටළු හා බාධාවන් දුරු කිරීම සඳහා අවශ්‍ය ආයතනික සම්බන්ධීකරණය සිදුකිරීම හා රාජ්‍ය හා පෞද්ගලික අංශ අතර හවුල් ව්‍යාපාර ආරම්භ කිරීම සඳහා පහසු හා කාර්යක්ෂම ක්‍රමවේද හඳුන්වාදීම ද විදුලිබල, බලශක්ති හා ව්‍යාපාර සංවර්ධන අමාත්‍යවරයාගේ කාර්යභාරයන් ලෙසින් නම් කර ඇත.
මෙම අති විශේෂ ගැසට් පත්‍රය පහතින් දැක්වේ.

Video Story