EBONY HOLDING සමාගම COVID 19 අභියෝගය ජය ගැනීම වෙනුවෙන් තවත් සමාජ සත්කාරයත් සිදු කරයි

    June, 25, 2021

    Vantage සහ Ebony වර්ග සන්නාම යටතේ කීර්තිමත් පිරිමි නිමි ඇඳුම් නිෂ්පාදනයේ  ප‍්‍රමුඛ එබනි හෝල්ඩිග්ස් පුද්ගලික සමාගම COVID 19 අර්බුදය ජයගැනීමේ තවත් පියවරක් වශයෙන් COVID මෘත දේහ බහාලූම්  (Corrugated Box) සෞඛ්‍ය අමාත්‍යංශය වෙත පරිත්‍යාග කිරීම එම අමාත්‍යංශයේ දී ජූනි 23 වන දින පැවැත්විණි. මෙය ආයතනය මගින් 2020/2021 වර්ෂ වලදී කොවිඞ් අභියෝගය ජය ගැනීම වෙනුවෙන් දියත් වු හයවන ව්‍යාපෘතියයි.

    මෙම පරිත්‍යාගය භාර ගැනීම සඳහා සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය ගරු වෛද්‍ය සුදර්ශනී ප‍්‍රනාන්දුපුල්ලේ මැතිණිය  ප‍්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි විය. එම පරිත්‍යාගය EBONY HOLDING සමාගම වෙනුවෙන් සමාන්‍යධිකාරි සාබීර් හෂීම්, වෙලඳ ප්‍රධානි මොහොමඞ් මුස්ෆිර් වෙතින් අමාත්‍යවරියට පිලිගන්වන ලදි. මෙම ව්‍යාපෘතියේ පලමුවන අදියරය ලෙස මෙම COVID 19 නවීන මෘත ශරීර බහලූම් බස්නාහිර පලාතේ තෝරාගත් රෝහල් සඳහා ලබා දීමට නියමිතයි.

    මෙම පරිත්‍යාගයට අමතරව COVID 19 වැලැක්වීමේ ක්‍රියාන්විතයෙ ප‍්‍රමුඛ මෙහෙවරක් ඉටු කරන ශ‍්‍රී ලංකා පොලීසියේ නිලධාරීන් හට අවශ්‍ය ආරක්‍ෂක ඇඳුම් කට්ටල සහ රථවාහන කලමණාකරණ උපාංග පරිත්‍යාගයද සිදු කරනු ලැබිණි. එම අයිතමයන් භාර ගැනීමට සඳහා  1 වන අදියරය යටතේ තෝරාගත් පොලිස් ස්ථාන වෙත භාර දෙනු ලැබුවේ බස්නාහිර පලාත භාර නියෝජ්‍ය පොලිස්පති ඒ ජී ජේ චන්ද‍්‍ර කුමාර මහතාගේ මුලිකත්වයෙනි.

    EBONY HOLDING සමාගම 2020 වර්ෂ සඳහා මේ වනතෙක් COVID 19 අභියෝගය ජයගැනීම    වෙනුවෙන් ව්‍යාපෘති  කිහිපයක් සාර්ථකව නිමාකර තිබේ. පලමු සහ දෙවන COVID 19 රැල්ලේදී ශ‍්‍රී ලංකා පොලීසියටත්, ආපදා කලමණාකරණ මධ්‍යස්ථානයටත් ඉහලම තත්වයේ ආරක්‍ෂාකාරී මුඛ  ආවරණ  ප‍්‍රදානය කිරීම සිදු කල අතර  ඉන්පසුව ශ‍්‍රී ලංකා දුම්රිය  සේවය සමඟ   එක්ව  දුම්රිය පරිශ‍්‍රය සහ  දුම්රිය මගින්  දැනුවත්  කිරීමේ  ක‍්‍රමාන්විත  ව්‍යාපෘතියක්  සිදු කරන ලදි.

    ඉන් අනතුරුව කොළඹ මහ නගර සභාවේ සෞඛ්‍ය කොට්ඨාශය සමඟ එක්ව මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන් විසින් සිදුකරනු ලබන COVID 19 රාජකාරි කටයුතු ඇගයීමේ වැඩපිලිවෙලක් මෙන්ම රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයෙහි වෛද්‍යවරුන් COVID 19 අභියෝගය ජයගැනීමට සිදුකරන කාර්යය ඇගයීමේ වැඩපිලිවෙතක් ද දියත් කරන ලදි.

    පරිත්‍යාග වැඩපිලිවෙල අවසානයේ සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය ගරු සුදර්ශනී ප‍්‍රනාන්දු පුල්ලේ මහත්මිය සඳහන් කර සිටියේ COVID 19 අර්බුදය සාර්ථකව ජය ගැනීමට අවශ්‍යතාවයත් හදුනාගෙන සිදු කරන ලද මෙම පරිත්‍යාගය  ඉතාමත්  කාලෝචිත සහ විශාල අවශ්‍යතාවයක්ව  පැවති බවයි.

    පොලීසිය වෙනුවෙන් සිදුකරන ලැබු ආරක්‍ෂක ඇඳුම් කට්ටල සහ රථවාහන කළමණාකරණ උපාංග පරිත්‍යාගය පිලිබඳව සටහනක් තබමින් බස්නාහිර පලාත භාර නියෝජ්‍ය පොලිස්පති ඒ ජී ජේ චන්ද‍්‍ර කුමාර මහතා සඳහන් කලේ, ඉදිරිපෙළ රාජකාරී කටයුතු සිදුකරන පොලිස් නිලධාරීන්ගේ ආරක්‍ෂාව සැලකිල්ලට ගෙන සහ රථවාහන මෙහෙයුම් සඳහා අවශ්‍ය උපාංග ලබාදීම වෙනුවෙන් EBONY HOLDING සමාගම සමාජිය ආදර්ශයක් ලබා දී ඇති බවයි.

    මෙම පරිත්‍යාග වැඩසටහන සඳහා ගෞරවනීය අමුත්තා ලෙස සහභාගි වු MEDINA HOLDINGS සමාගමේ සභාපති ෆයිසාල් මර්ජාන් මහතා සඳහන් කර සිටියේ අභියෝගාත්මක කාල පරිඡේදයක සෞඛ්‍ය අමාත්‍යංශයටත්, ඉමහත් කැපවීමකින් ක්‍රියාශූරව වැඩකටයුතු සිදුකරන ශ්‍රී ලංකා පොලීසියටත් ලබාදෙන මෙවැනි සත්කාර ව්‍යාපෘති ඉතාමත් වැදගත් වගකීමක් සලකන බවයි.

    පරිත්‍යාග කටයුතු අවසානයේ දී සෞඛ්‍ය අමාත්‍යංශයේ කැපවීම වෙනුවෙනුත්, ශ්‍රී ලංකා පොලීසියේ  කාර්යක්‍ෂම ක්‍රියා පිලිවෙත ඇගයීමට ලක් කර සමරු ඵලක ලබාදීමත් EBONY HOLDING සමාගමේ ජේ‍යඨ  කලමණාකාරිත්වය මගින් සිදු කරනු ලදි.

    EBONY HOLDING සමාගම පුඑල් සමාජීය මෙහෙවර සඳහා නිරන්තරයෙන් දායක වන බවත්, දීර්ඝ කාලීන තිරසාර සංවර්ධනය උදෙසා එවැනි කැපවීමක් සිදු කිරීම ආයතනික වගකීමක් සේ සලකන බව EBONY HOLDING වෙලඳ ප‍්‍රධානි මොහොමඞ් මුස්ෆිර් සඳහන් කර සිටියේය.

    වැඩි දුරටත් අදහස් දක්වමින් ඔහු සඳහන් කලේ තම ආයතනය විවිධ සමාජ සත්කාර ව්‍යාපෘති කිහිපයක්ම ඉදිරි කාලයේදී ක්‍රියාත්මක කිරීමට නියමිත බවයි. මෙවැනි අභියෝගාත්මක කාල පරිඡේදයක දී සමාජිය අවශ්‍යතා සඳහා ආයතනික මට්ටමේ දායකත්වය ඉතා වැදගත් බවත් ඔහු විසින් සඳහන් කර සිටියා.