Edelweiss ගුවන් සේවය Zurich සිට කොළඹ දක්වා ඍජු ගුවන් ගමන් අරඹයි

    November, 13, 2018

    තම ආසියානු ජාලය පුළුල් කරමින් සිටින ලබන සවිස්ටර්ලන්තයේ ප්‍රමුඛ පෙළේ සංචාරක ගුවන් සේවාවක් වන එඩල්වේස් (Edelweiss) ඉතිහාසයේ ප්‍රථම වරට සූරිච් සිට කොළඹ දක්වා ඍජු ගුවන් ගමන් මෙම මස සිට ක්‍රියාත්මක කරයි. ප්‍රථම ගුවන් යානය ලෙස මගීන් 314ක් රැගත් A340-300 ගුවන් යානය 2018 නොවැම්බර් මස 4 වන දින ලංකාවට පැමිණියේය. දෙවන ගුවන් යානය නොවැම්බර් මස 10 වන සෙනසුරාදා දින ලංකාවට පැමිණිමට නියමිතය. ගොඩබිම් හැසිරවීම් කටයුතු බවර් සහ සමාගම (පුද්.) සමාගම (Baur & Co. (Pvt) Ltd) විසින් සිදුකරන ලදී.

    ලබන වර්ෂයේ නොවැම්බර් සිට මැයි දක්වාත් ඔක්තෝම්බර් සිට නොවැම්බර් දක්වාත් සීත ඍතුව තුළ ගුවන් වාර ක්‍රියාත්මක කිරිමට නියමිතය.මගීන් 314 රැගෙන යා හැකි A340-300 ගුවන් යානය මෙම ගුවන් මාර්ගය සඳහා යොදා ගනු ලබයි. මේ වන විට, මැයි 05 වැනි දින දක්වා සතියකට ගුවන් වාර 2ක් වශයෙන් සූරීච් සිට කොළඹ දක්වා ගුවන් ගමන් ක්‍රියාත්මක කිරිමට සැළසුම් කර ඇත. මෙය දිගටම ක්‍රියාත්මක වෙතැයි අපේක්ෂා කරයි.

    වාර්ෂිකව, මගීන් මිලියන 1.8 පමණ ඔවුන්ගේ නිවාඩු සමය ගත කිරිමට තෝරා ගත් ගමනාන්ත දක්වා පියාසර කිරීමට එඩල්වේස් (Edelweiss)තෝරා ගනු ලබන අතර එඩල්වේස් (Edelweiss) මඟින් ඔවුනට විනෝදජනක සංචාරක අත්දැකීමක් ලබා දෙයි.