Elephant House ආයතනය ආරක්ෂිත සහ සමබර ජීවන රටාවක් අපේක්ෂා කරන පාරිභෝගිකයින් වෙනුවෙන් ‘Feelgood’ ශීත කළ රස අතුරුපස පෙළක් හඳුන්වාදෙයි

    November, 30, 2021

    ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම අයිස්ක්‍රීම් සන්නාමය වන Elephant House විසින් අයිස්ක්‍රීම්, සෞඛ්‍ය ආරක්ෂිත සහ සමබර ජීවන රටාවන්  වැළඳගන්නා පාරිභෝගිකයින් වෙනුවෙන් 'Feelgood' සිය නවතම ශීත කළ රස අතුරුපස පෙළ පසුගියදා එළිදක්වන ලදී.

    අද වනවිට පුද්ගලයින් සහ පවුල් බොහෝමයක් බුද්ධිමත්ව සෞඛ්‍ය හිතකර ආහාර ගැනීම කෙරෙහි අවධානය යොමු කර ඇත.සීනි පරිභෝජනය අඩු කිරීම ඇතුළුව යහපත් සෞඛ්‍යය සඳහා වූ මෙම දිගුකාලීන කැපවීම ඔවුන්ගේ යහපැවැත්ම වෙනුවෙන් දෛනික චර්යාවේ කොටසක් බවට පත් කර ගැනීමට පාරිභෝගිකයින් පෙළඹී ඇත. මීට අනුකූලව Elephant House මෙම නිෂ්පාදන පෙළ මඟින් එදිනදා ජීවිතයට අවශ්‍ය පෝෂක ඇතුළත් රසයන්ගෙන් පිරි ප්‍රණීත අතුරුපසක් පාරිභෝගිකයන්ගේ පරිභෝජනය සඳහා හඳුන්වාදීමට සමත්ව ඇත.

    ශ්‍රී ලාංකේය සන්නාමයක් ලෙස Elephant House අයිස්ක්‍රීම්, සැබැවින්ම පරම්පරා ගණනාවක් භුක්ති විඳින විශ්වාසදායක තත්ත්වයෙන් සහ ගුණාත්මකබවින් යුක්තව ඇත. පිළිගත් වෙළඳපොළ නව මංපෙත් සාදන පුරෝගාමියකු වන Elephant House අයිස්ක්‍රීම්, ඉහළ යන සෞඛ්‍ය සහ ගුණාත්මක ප්‍රවණතා සපුරාලීම සඳහා කර්මාන්තයේ නව්‍යකරණයන් ඉදිරියට ගෙන යනු ලබයි.

    පාරිභෝගිකයින් වඩාත් සෞඛ්‍ය සම්පන්න සහ පෝෂණ ගුණයෙන් යුත් විකල්පයන් සොයා යන බව වටහාගනිමින් Elephant House ජීවිතයේ වින්දනීය සතුට භුක්ති විඳීමට ඉඩ සලසයි. අලුතින් හඳුන්වාදෙන ලද Feelgood ශීත කළ යෝගට් එකතුව වන Mixed Berry හා Tropical Mango සහ සීනි එක්කර නොමැති Chocolate and Vanilla, සැළකිලිමත්ව තෝරාගත් අමුද්‍රව්‍ය වලින් සකස් කර ඇති අතර සැහැල්ලු වින්දනයක් ලබා දෙයි. මෙම ශීත කළ අතුරුපස, සුලු ආහාරයක් ලෙසද පරිභෝජනය කළ හැකි අතර, පාරිභෝගිකයින්ට ඔවුන්ගේ සෞඛ්‍ය සම්පන්න අරමුණු නිසියාකාරව පවත්වාගෙන යාමට උපකාරී වේ.

    සහතික කර අනුමත කරනු ලැබූ සෞඛ්‍ය හිතකර සම්මතයන් සමඟ, ක්‍රියාශීලී සෞඛ්‍ය සම්පන්න ප්‍රතිලාභ පිරිනැමීමට Feelgood එකතුව සකස් කර ඇත. Feelgood ශීත කළ යෝගට් පුළුල් පරාසයක රැදෙමින් ආහාර ජීර්ණය කිරීම වෙනුවෙන් probiotic වාසිය ලබාදෙයි. එපමණක් නොව ශීත කළ Mixed Berry සහ Tropical Mango යෝගට්, ස්වභාවිකව මිහිරි සැබෑ පළතුරු කැබලි එක් කළ සංග්‍රහයක් පිළිගන්වන්නේ සෞඛ්‍ය සම්පන්න තේරීම් සමඟ පාරිභෝගිකයින් පිනවීමටය.

    ඒ හා සමානව, Feelgood සීනි එක් නොකළ අයිස්ක්‍රීම් පෙළ වර්තමාන සෞඛ්‍ය ගැන සැළකිලිමත් පාරිභෝගිකයින් සඳහා පූර්ණ ගුණයක් ලබාදෙයි.

    ශාරීරික සුවතායීතාවය සහ පරිසර හිතකාමී බව ආරක්ෂා කිරීම වෙනුවෙන් Elephant House හි කැපවීම ශක්තිමත් කිරීම සඳහා නවීනත්වයෙන් යුත් නවෝත්පාදනයක් ලෙස කඩදාසි මත පදනම් වූ ඇසුරුම් Feelgood එකතුවට භාවිතා කර ඇත.

    නව නිෂ්පාදන පිළිබඳව පැහැදිලි කරමින් Ceylon Cold Stores PLC හි Frozen Confectionary හි ප්‍රධානී සතීෂ් රත්නායක මහතා මෙසේ පැවසීය. ''අපගේ නව Feelgood ශීත කළ ආහාර පෙළ හඳුන්වා දීමට ලැබීම ගැන අපි සතුටු වෙනවා. අපගේ පාරිභෝගිකයන් ඔවුන්ගේ සෞඛ්‍ය හිතකරභාවය පිළිබඳව සැළකිලිමත්ව කටයුතු කරනවා. එබැවින් සෞඛ්‍ය ගැන සැලකිලිමත් අය සඳහා ඔවුන්ගේ සමබර ජීවන රටාවට වින්දනයක් ඇති කිරීමට අපි කදිම තේරීමක් සොයාගෙන තිබෙනවා.''

    Elephant House Feelgood දැන් සියලුම සුපිරි වෙළඳසැල්, ග්‍රොසරි සහ ෆාමසි වලින් ලබා ගත හැකිය.