FaceScrubs වෙත කැලණිය විශ්වවිද්‍යාලයෙන් සම්මානයක්

    August, 3, 2023

    කාන්තාවන් වෙනුවෙන් විලවුන් නිෂ්පාදනය කිරීම සඳහා 2018දී ස්ථාපිත කරන ලද FaceScrubs, පසුගියදා රමඩා හෝටලයේ පැවති ස්ත්‍රී පුරුෂ සමාජභාවය පිළිබඳ විෂමතා පිළිබඳ 2 වැනි ජාත්‍යන්තර සමුළුවේදී, සහභාගීත්වය සහ දායකත්වය වෙනුවෙන් කැලණිය විශ්වවිද්‍යාලය විසින් සම්මානයෙන් පුදනු ලැබීය. ස්ත්‍රී පුරුෂ සමාජභාවය පිළිබඳ විෂමතා 2 වැනි ජාත්‍යන්තර සමුළුවේ ප්‍රධාන දේශනය මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය විසින් සිදු කරන ලද අතර විවිධ රටවල නියෝජිතයෝ ඊට සහභාගි වූහ.

    FaceScrubs පුද්ගලික සමාගම යනු කාන්තාවන් වෙනුවෙන් ශ්‍රී ලංකාව පදනම් කර ගත්, කාබනික, ශාකසාර ආලේපන නිෂ්පාදන සමාගමකි. ස්වභාවධර්මයෙන් සෘජුවම ලබා ගත් අමුද්‍රව්‍යවලින් සාදන ලද මාතෘ භූමියේ හොඳම, කාබනික, සුඛෝපභෝගී රූපලාවන්‍ය නිෂ්පාදන ඔවුන්ගේ ආදරණීය සේවාදායකයින්ට පිරිනැමීම තුළින් ඔවුන් සතුටු වෙති. සුව කිරීමේ සහ අලංකාර කිරීමේ සාරය උපයෝගී කර ගනිමින් ඒවා භාවිතා කරන්නන්ගේ ජීවිත වැඩිදියුණු කරන සරල සහ භාවිතයට සූදානම් රූපලාවන්‍ය ද්‍රව්‍ය බවට පත් කරයි. ශ්‍රී ලංකාවේ රූපලාවණ්‍ය ක්ෂේත්‍රයේ ඔවුන් කර ඇති සේවය සඳහා, ඔවුන්ට ව්‍යවසායකත්වය - නිෂ්පාදනය සඳහා නව පරම්පරාවේ සම්මානය (2022) සහ අල් හසීනා බ්‍රයිඩල් ඇන්ඩ් ඇකඩමිය විසින් හොඳම ඔසු සම රැකවරණය (2022) සඳහා ග්ලෝරියස් අයිකොනික් සම්මානය ලබා දී ඇත. FaceScrubs පුද්ගලික සමාගමේ නිර්මාතෘ/කළමනාකාර අධ්‍යක්ෂ සහ සම ආරක්ෂණ උපදේශිකා ෆාතිමා වෂීමා පැවසුවේ ඔවුන්ගේ වෙහෙස මහන්සි වී වැඩ කිරීම සඳහා රාජ්‍ය විශ්ව විද්‍යාලයක් විසින් පිළිගනු ලැබීම සම්බන්ධයෙන් ඔවුන් අතිශයින් සතුටට පත්වන බවත්, එය ඒ ආකාරයෙන්ම අඛණ්ඩව පවත්වාගෙන යාමට අධිෂ්ඨාන කරන බවත්ය. මෙම වටිනා සම්මානය කරා ගමන් කිරීම සම්බන්ධයෙන් කාර්ය මණ්ඩලයට සහ ඔවුන්ගේ හිතවත් පාරිභෝගිකයින්ට ස්තූති කිරීමට මෙය අවස්ථාවක් කර ගන්නා බව ඇය වැඩි දුරටත් පැවසුවාය.